tag:blogger.com,1999:blog-74685734395386544592024-03-05T02:13:32.183-08:00Morning පැංචි!Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7468573439538654459.post-86573995228707010782010-11-15T00:02:00.000-08:002010-11-15T00:06:26.075-08:00බ්‍රේකිං නිවුස්හා....යි....! මෝනිං ගයිzzzzz.....

අප්පේ අපේ බ්ලොග් කට්ටිය වෙනස් වෙලා, මහත් වෙලා, සුදු වෙලා තියන තරම! අප්පමාණ සන්තෝසයි! මාස දෙකකට පස්සේ තමයි මේ පැංචි එළිපහළියට බැස්සේ. පැංචි කෙල්ල අමතක වූවෝ හා කර දැමූවෝ යලි මතක් කරගනිත්වා!

කෙටියෙන් කියන්නං, ආරක්ෂක හේතුන් මත පැංචි ටික කාලයක් නිවාස අඩස්සියේ හිටියා. හොඳ කල් කිරියාවට වඩා ඉවරයක් නැති කණුකුණුව නිසා දේසීය නිළධාරින් සහ විදේසීය බළධාරීන්(වැඩි විස්තර යතා කාලයේ දැනුම් දෙනු ලැබේ) පැංචිව ඉස්පෙසල් ඇටෙන්සන් යටතේ නිදහස් කරනු ලැබූවා. ඉතිං දැං පැංචි ආය නිදහස්! ඒනිසා පැංචි යලි බ්ලොග් ඇංජිම පණ ගැන්නුවා.

ඩ්ර්....ඩ්ර්...පොට්...ටොට්...ටොට්....ඇංජිමේ සද්දේ ටිකක් හොඳ මදි වගේ. කට්ටියම ලාවට තල්ලුවක් දුන්නොත් ඉස්ටාට් වෙයි වගේ. සප් එකක් නොලැබුණත් කහටක් නෑ තුන්හිතක.....

හනික ආය එන්න බලාගෙන පැංචි ගියා ඔන්න එහෙනං. සී.යූ
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com26tag:blogger.com,1999:blog-7468573439538654459.post-18541292501054094872010-09-06T22:26:00.000-07:002010-09-06T22:31:38.598-07:00පැංචි in Wonඩර්ලන්ඩ්

වෙනදා වගේම ඇඳ බදාගෙන කෑදරකමට හිටපු පැංචිට පස් වෙනි

හීනෙකුත් පෙනුනා...... හැමදාම පාතරසේට සැපත් වෙන රවුම් මූණා ඒ කිව්වේ පැංචිගේ ආදරබර පැංචා පූස්, ආඩම්බරෙන් වල්ග කොටෙත් වන වනා හිනාවෙනවා. ඒ අතර පැංචි විභාගයක් ලියනවා. කොලේ අතට ගත්තා විතරයි වෙලාව ඉවරයි කියලා ඒකත් අරන්ගියා. පැංචිට දරාගන්න බැරි දුකක් ආවා. හයියෙන් අඬන්න කට ඇරියා විතරයි විභාග ශාලාවේ කොනේ හංගලා තිබ්බ ටයිම් බෝම්බයක අන්තිම තප්පර කීපය ගෙවෙන්න ගත්තා.

ටික්...ටික්....ටික්.....ටික්....

පැංචි දුවනවා. ඒත් එකම තැන.

රවුම් මූණා හිනා වෙවි පැංචිව පහුකරගෙන ගියා. දුවා ගන්න බැරි තැන පැංචි බිම වාඩිවෙලා ආයෙ පාරක් හයියෙන් අඬන්න කට ඇරියා. ඒත් එක්කම එතනට ආපු ට්විලයිට් එකේ ජේකොබ් එකපාරට වෘකයෙක් වෙලා ටයිම් බෝම්බය ගිල්ලා. පැංචි වෘක ජේකොබ්ව බදාගන්න අත් විදාගෙන පනිනකොට එයා ඤා....ව් ගාගෙන යන්න ගියා.

ආයෙත් අඬන්න කට හැදුවා විතරයි........ පැංචිගේ පශ්චාත් භාගයට දරුණු ගනයේ ප්‍රහාරයක් එල්ල වුණා. අපොයි...!

පැංචි ඇලවිච්ච ඇස් අමාරුවෙන් ඇරියා. ඇඳ අයිනේ හිටගෙන හිටි පැංචිගේ මවු ඔරවන ලීලාවවක් යන්තම් සන්තම් පෙනුන නිසා පැංචි මරන්න ගෙනියන හරක් පැටියෙක් වගේ අකමැත්තෙන් වැනි වැනි ඇඳෙන් බැස්සා.

ඤෑ.........ස් පැංචි ගැස්සිලා ගියා. අප්පද බොල ඇඳ යට නිදන් හිටි රවුම් මූණාගේ වලිග කොටේ උඩට නොවැ පැංචි ලෑන්ඩ් කරලා තියෙන්නේ. ඌ ගේම දෙවනත් වෙන්න කෑ ගහගෙන දිව්වා මෙලෝ සිහියක් නැතුව.

වෙලාව තිතට හතයි. අට හමාරට පෙර කන්තෝරුවට වාර්තා කිරීම වටී. අටයි කාලට මාතලී පැමිනෙයි.අද නම් මූණ ස්ක්‍රබ් කරගන්නැතුවත් බෑ. අඳින්නේ මොකක්ද කියලවත් හිතලා නෑ.

පැංචි ඇඳුම් අල්මාරියට ගොඩ වුණා. පිදුරු ගොඩේ ඉඳිකටු හොයන එක ලේසියි මේකේ ඇඳුමක් හොයනවට වඩා. ඔලුව ඔබං ඉඳලා ටික වෙලාවකින් පැංචිගේ ඔලු ගෙඩියත් කැරකෙන්න ගත්තා.

වෙලාව හතයි කාලයි. කරන්න වැඩ කෝටියයි. ඔක්කොම නිවි හැනහිල්ලේ කරන්න ගියොත් මාතලී යන්න යයි.

පැංචි වට තුනක් කැරකුණා. හැරි පෝටර්ට වගේ වොන්ඩ බාර් එකක් තිබ්බනම් නැත්තම් බියුටි ඇන්ඩ්ද බීස්ට් එකේ බියුටිට වගේ පෙරැස් මුද්දක්වත් තිබ්බනම් මෙලහකටත් කන්තෝරුවේ. ඕවා මේවත් ඔලුවෙ වැඩ කරන ගමන් පැංචිගේ මවු කටේ ඔබාපු බත් කටකුත් හප හපා පැංචි ත්‍රීවිල් රථයට ගොඩ වුනා. ඇතුලෙ ඉඳගෙනම ඔලුවත් පීරගෙන මේකප් ටිකකුත් උලාගෙන සූටියත් කර තියාගෙන පැංචි කාර්යාලයට පය තියන කොටම යන්තම් අටයි විසි නමය වුණා විතරයි.

හෑක්....... පැංචිද කොහෙද උදෙන්ම ඇවිත් තියෙන්නේ.

ආ....නෑ...නෑ..ලැබ් අඩවියේ කම්පීතර දෙකකට අරක් ගත් මනුස්ස පරාණ දෙකක් පැංචිගේ ඇහ ගැටුණා. එක් පරාණයක් සසී නැමති කාලවර්ණ තරුණයෙකු වූ අතර අනෙකා කෙස් විදාගත් කුෂාන් නැමැත්තෙක් විය. පැංචි වීදුරු කුටිය පැත්ත නම් වැඩිය බලන්න ගියෙ නෑ. ඇඩ්මින් පුටුවනම් කලින් දවසේ කැරකුනු විදිහටම තියනවා. සුදු ඇඩ්මින් අක්කා දැන්ම එන පාටක් නෑ වගේ.

ඉහළට ඇදපු හුස්ම සින්ග් ගාලා පහලට දාගෙන මල්ලත් ලොකර් කූඩුවේ හිර කරලා හනික පහන පත්තු කරල බුදුන් වැන්දා. උදේ වරුවෙ පන්තියකට දරුවො කීපදෙනෙක් ඇවිත් හිටිය නිසා පැංචි ඒ කාර්යට මුළු හදින්ම යොමු වුණා.

අනේ ඒත් ලඟකදි ඉඳලා දෛවය පැංචිට සරදම් කරන්නෙ හරිම දරුණු විදිහට.දවසේ පූර්ව භාගයේ කළ යුතු භාරදූර රාජකාරියක් කලට වේලාවට නොකිරීමේ ආනිසංස පහළ වීම හේතු කරගෙන පුදනකොටම කාපි යකා කියලා සුදු බෝඩ් එකේ කලු මාකරෙන් ලියාගෙන ගිය අපූරු වාක්කියේ අන්තිම වචන දෙකත් පැංචිගේ කටත් එක්කම කූරියා ගැහුවෙ හරිම අවාසනාවන්ත විදිහට.

-The End-

ප.ලි : හුදී ජන හිත සුව තකා පැංචි එම සත් කාර්යට වහා යොමු වු වග මෙසේ දන්වා සිටින්නේ උතුරා යන සතුටකිනි.

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com17tag:blogger.com,1999:blog-7468573439538654459.post-48410403690346723212010-08-03T10:47:00.000-07:002010-08-03T10:51:55.626-07:00හුරුබුහුටි සගයා

මෝනිං වේවා හැමෝටම!

අද පැංචි කියන්න යන්නේ මීට හරියටම මාසයකට එපිටින් පැංචිට හදි ගැහුණු අපූරු යාලුවෙක් ගැන.(දැනටමත් පරක්කුයි).දැං පැංචි දවස ගෙවන්නේ මේ අපූරු යාලුවත් එක්ක. හෝව්.. මිස්අන්ඩස්ටෑන්ඩ් නොවේවා. එයාව මුණ ගැහුණ විදිහ ඔයාලට කියන්න ඕනි කියලා පැංචි හිතුවා.මේ යාලුවා ගැන පැංචිට ඉව වැටුනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒත් රටේ නැති ලටපටස් නිසා එයත් එක්ක මිත්‍ර කමක් ඇති කරගන්න තරම් චාන්ස් එකක් ආවෙ නෑ. පැංචි මේ යාලුවගේ හැඩරුව පොඩ්ඩක් කියන්නම්. නැත්තම් කට්ටිය ලටපවගත්තොත් එහෙම.

පෙනුමෙන් කට්ට කලුයි. හැබැයි දැකුම් කලුයි. චුවීට්... පෙනුමක් තියන වැඩකාරයෙක්. තාමත් ප්‍රශ්නාර්තේ නම් තව ටිකක් බලන්නකෝ.

ඕන්න දැං එයාව හදි ගැහුණ හැටි කියන්නයි හදන්නේ.

පැංචිට මේ හාද කම ගොඩ නාගා ගන්න යාලුවා ගැන ගොඩක් විස්තර හොයන්න සිද්ධ වුණා. හැම යාලු කමකම පදනම විශ්වාසයලුනේ. ඉතින් ඕකට මට එයා ගැන කලින් දැන ගෙන හිටිය අපේ උබුන්ටු අධිපති කුෂාන් සහෝදරයගේ පිහිට පතන්න සිදු වුණා. යාලුවගේ ආටා නාටියම එතුමා කියලා දුන්නා. කිව්ව වචනයක් පාසා මොලේ සේව් කරගෙන පැංචිත් රැයක් දවාලක් නැතිව හීන මැව්ව එයාව මුණ ගැහෙන්න.

කාලේ ටිකින් ටික ගත වුණා. ජුනි මාසේ 25 පැන්න ගමන් පැංචිගේ ඉවසීමේ සීමාවත් පැන්නා. යාලුවා මුණ ගැහෙන්න තියන ආසාව දරුණු වුණ නිසා තවත් කල් දාන්නෙ නැතිව ඕප් ඩේ එකේ ඇපොයින්ට්මන්ට් එකක් දාගත්තා දෙන්නටම මුණ ගැහෙන්න. නාලා කරලා ලස්සනට ඇඳ පැළඳගෙන පැංචි එදා ගෙදරින් පිට වුණා. පස්ට් ටයිම් නිසා පැංචි ටිකක් ගැස්සිලා හිටියේ.

සාමාන්‍යයෙන් මේ වගේ දේවල් අම්මලට කියන්නේ පස්සෙනේ. ඒත් මේ වැඩේදි පැංචිගේ මවු මුල් පෙලේ සහයෝගයක් දුන්නා පැංචිගෙ කන්කෙඳිරියාව නිසාම. නියම තැනට පැංචි මවු එක්කලම ආවා. තත්පරෙන් තත්පරේ ගෙවිලා විනාඩි හැදුණා. විනාඩි 30ක් එකතු වෙලා පැය භාගයක් හැදුණා.

Here comes the hero....පප්පර පප්පර පාං....

පැංචිගේ හද ගැස්ම ටිකෙන් ටික වැඩි වුණා. පැංචි මවු දිහාත් මවු පැංචි දිහාත් බැලුවා. පැංචි මවුගේ කනට කරලා කෙඳිරුවා "එයා තමයි".

Love at first sight කියන්නේ මේක තමයි. පැංචිගේ වගේම පැංචිගේ මවුගෙත් හිත බොහොම බරපතල විදිහට ඇදිලා ගිහින් තිබුණෙ එයාට. පැය කීපයකට පස්සේ පැංචි එයාවත් එක්කරගෙන ගෙදර ආවා.

අම්මෝ......පොටෝ කෑලි2කක් ගත්තේ පුදුම අමාරුවකින්. වස ලැජ්ජකාරයා. ඔන්න බලන්නකො එහෙනම් ඩයල් එක.

කොහෙවත් හිටපු බවු පැංචත් දුවගෙන ඇවිත් හිටගත්තා පොටෝ එකට මූණ දාගන්න.

කොහොමද යාලුවා? හැන්ඩිද?

HP Mini Net book තමයි එයාගේ උප්පැන්නේ නම. පැංචි හුරතලේට දැම්ම "සූටියා" කියලා. චූටියි වගේම හුරුබුහුට්ටෙක්නේ. පැංචිගේ කන්තෝරු මල්ලේ සැන්ට් පවුඩර් ක්‍රීම් ලිෆ්ටික් වලට අඩු සැලකිලි ලැබුනේ මේ සූටියා නිසා තමයි. මල්ල ටිකක් ලොකු නිසා සූටියට කරදරයක් නැතිව යන්න පුළුවං.

ලටලොටන් එක්ක සූටියව දැම්මම මල්ල ටිකක් විතර බරයි තමයි. ඒත් පැංචිට සතුට වැඩි කමට බරක් දැනෙන්නෙ නැ.

ඉතින් මේ සූටියා නිසා පැංචිගේ ජීවිතේ වගේම කාමරෙත් පොඩි පොඩි වෙනස්කම්වලට ලක් වුණා. එයා නිසාම පැංචි ජාලේ ගන්න තීරණය කලා. පැංචිගේ බ්‍රදර්ගේ ADSL මොඩම් එක අයින් කරලා 2 පෝට් රවුටරයක් ගහගත්තා. පාඩම් මේසෙටයි ඇඳටයි දුර තියන විදිහට පැංචි නෙට් කේබලුත් ඇදගත්තා.

ආසව වැඩි කමට වයරින් වැඩෙත් පැංචිම කරගත්තා. කන්තෝරුවේ වෑර්ලස් ජාලේ තියන නිසාත් ඩොන්ගල් වෙලාවකට මොන්ගල් වෙනවා කියලා කනින් කොනින් ඇහිච්ච නිසාත් ලොකු අවදානමක් ගන්න හිතුවෙ නෑ. කොහොම කොහොම හරි පැංචිගේ බ්‍රදර්ට ආය වඳින්න ඕන වෙන්නේ නැති එක පැංචිට හිතට සහනයක්.

නැත්තම් පැංචිගේ බ්‍රදර් පැංචිව බ්ලැක්මේල් කරනවා හැමදාම ඔලුව කහන්න ගියාම.

ආ......කියන්නම ඕනි සූටියාව ගෙදර ගෙනාපු දවසේ පැංචිගේ ගෙදර විච්ච අලකලංචිය. පැංචිගේ බ්‍රදර් කාගෙද ලණුවක් වගේ දෙයක් ලාවට ගිලලා පැංචිට යුධ ප්‍රකාශ කලා සූටිය කියන්නේ ලෙඩෙක්ය කියලා.

පැංචිගේ හිත වාවන්නේ නැතිව ගියා ඔය වෙලාවේ. අඬලා අඬලා පහුවෙනිදා බැරිම තැන හිත හදාගෙන සූටියව ආපහු බාරදෙන්න හිතාගෙන කන්තෝරු ආවා. ඔය වෙලාවෙ තමයි කුෂාන් සහෝදරයයි අපේ කිත්තයියයි දෙන්න පොරොන්දු වුණේ පැංචි වෙනුවෙන් සූටියා ගැන පුලුල් පරීක්ෂණයක් කරන්න එයාව පැංචිට භාර දුන්න ආයතනයට ගිහිල්ලා. ඕං එතකොටයි පැංචිගේ හිත ටිකක් සැහැල්ලු වුණේ. ඉතින් තුන්දෙනාම ගියා ඒත් පැංචිට ලොකු වැරැද්දක් වුණා.

එදා ඉරිදා දවසක් නිසා කන්තෝරුවෙන් තුන් දෙනෙක්ම එළියට ගිය එක බරපතල කාරණාවක් වුණා. ඒත් ඒ ගැන හාංකවිසියක්වත් පැංචිට මතක් වුණේ නැත්තේ සූටියා ගැනම හිතපු නිසා. මොනාවුණත් පැංචි නිසා කිත්තයියයි කුෂාන් සහෝදරයයි බැනුම් අසා වැදෑරුවනම් අනේකවාරයක් සමාව අයදිනවා.

ඔය කතන්දර ඔහොම යන අතරේ පැංචිට සූටියගේ පරීක්ෂණ වාර්තාවත් එදාම ලැබුණා. හුරේ......සූටියට ඉහෙන් බහින රෝගයක් නෑ. ඔක්කොම රෙකෝඩ්ස් ඉහළ තත්වයේ තිබ්බා. කරුණු හොඳ හැටි හොයලා බලපු නිසා සූටිය ආපහු පැංචි ලඟට ආව වගේම අවුරුදු විසි ගානක් තිස්සේ තියෙන අයිය නඟෝ සහෝදර කමත් කෙන්දෙන් බේර ගත්තා. මොන බැම්මටත් වඩා ලේ බැම්ම හයියයිලුනේ.ඉතින් පැංචිට ඒ හයිය බැම්ම කඩා ගන්න ඕනි වුණේ නෑ අනුන්ගේ ලණු නිසා.

දැන් පැංචි ඕප් ඩේ වල සට සට ගාලා වැඩ. බයිස්කෝප් බානවා, බලනවා, සිංදු අහනවා, ඒ වගේම ඕස්ට්‍රේලියානු විදේශ සම්බන්දතාත් සම්බාධක වලින් තොරව පවත්වගෙන යනවා( ටාං.....පැංචි මොනාහරි කිව්වද?) සූටියට පින් සිද්ද වෙන්න බොලොග් වැඩෙත් නැඟලා යනවා. පෝස්ට් එකක් නොදැම්මත් නිවාඩු පාඩුවේ සෙට් එකේ ඒවා කියවලා කොමෙන්ටුවක් දෙකක් රෑ දෙගොඩහරි දාන්න දැන් පැංචිට චාන්ස් තියනවා.

අම්මෝ......ඔන්න ලෙජන්ඩ් එකම දිග ඇරියා. කට්ටියට ඇස් රිදෙයිද දන්නේ නැ කියවලා. සතුට වැඩි කමට තමා. උදේ ලියන්න පටන් ගත්ත පෝස්ට් එක ඉවර කලේ රෑ. සූටියා තමයි සප් එක දුන්නේ. දැන්නම් ඈනුම් ඇරලම කට රිදෙනවා. සූටියා වෙනුවෙන් මහන්සි වුණ, දැනටත් කනක් ඇහිලා ඉන්න නැති කුෂාන් සහෝදරතුමාටයි කිත්තයියයටයි සසී මල්ලිටයි තැන්කූ වෙන්න ඕනි. පැංචිගේ සතුට බෙදාගන්න අමාරුවෙන් හරි කතන්දරේ කියවා වදාරපු ඔයලා හැමෝටමත් තැන්කූ.

එහෙනම් හැමෝටම ගුඩ් නයිටක් වේවා කිව්වා!

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com30tag:blogger.com,1999:blog-7468573439538654459.post-41393403127100283922010-07-25T10:09:00.000-07:002010-07-25T21:16:07.293-07:00ඔන්න ඔහොමලු වුණේ
අපේ ගෙදර මේ දවස් වල එකම ගාලගෝට්ටියයි. අම්මලා දූලා ඔක්කො ඉන්නේ පුදුම සතුටකින්. මම ඉතින් ඔය ගෑණු ප්‍රශ්න වලට වැඩිය එබෙන්න යන්නෙ නෑනේ. දූලාගේ අම්ම කියන විදිහට මේ වසන්ත කාලෙලු ගත වෙන්නේ. අනේ මන්ද ඕවා.

ගෙදර කෑගැහිල්ල වැඩි හින්ද මං දවසක් නිස්කාන්සුවේ ඉන්න හිතාගෙන එළියට බැස්සා. එළියෙත් යම යුද්ධයයි. මෙච්චර කාලයක් මේ මිනිස්සු ඇස් කන් නාස් වහගෙනනේ අම්මප ඉඳලා තියෙන්නේ. කාණු අස්සේ නිදන්ගත කුණු ඔක්කොම මහ පාරට අදිනවා. හප්පේ ගඳ....මේවා රුපියල් සත වලට හරවන්න පුළුවන් ක්‍රමයක් වැරදිලාවත් හොයාගත්තනම් බෙහෙතකටවත් හොයාගන්න ලැබෙයි කුණු ටිකක්..! එහෙනම් පුරාවස්තු මංකොල්ල කරුවො ඇරුණම කුණු මංකොල්ල කරුවොත් බිහි වේවි.

ඇත්තටම මොකක්ද මේ හදිස්සිය? හැමෝම එකටම වැඩ. අල්ලපු වත්තේ සෝම අක්කයි දූලා පුතාලයි හරි හරියට වැඩ. බලමු පොඩ්ඩක් ඔලුව දාලා.

"ඔන්න ඔය ටින් කබල් ටික වලලපන් පුතේ. කොළ ටික එක්කාසු කරලා පුච්චහං. අර ඉස්කෝලේ මහත්තයගේ දොස්තර දුවට අන්න අන්තිමයි ලු"

"ඇයි අම්මේ අපේ ඉස්කෝලේ ටීචර්ලා දෙන්නෙකුටයි පොඩි පන්ති වල ළමයි තුන් දෙනෙකුටයිත් අමාරුයිලු. දැඩි සත්කාරෙලු."

"ඒකනේ බං මේ කරුමක්කාර මදුරුවටත් වෙන යන්න තැනැක් නැතුවට ඇවිත්. කිරි සප්පයෝ කීදෙනෙක් නම් මේ කරුම ලෙඩෙන් විඳවනවද?

"ඔන්න ඔය කොළ ටික ගොඩ ගහලා පුච්චහං මදුරුවො ටික ඔක්කොම මකබෑවිලා යන්න"

හෆොයි චුත වෙන්න ඕනි ඉක්මනට නැත්තං මොනවයින් මොනා වෙයිද දන්නේ නෑ. මොනා වුණත් සෝම අක්කා ඉන්නේ පුදුම කේන්තියකින්. අහවල් එකක් කලාටද මේ අපේ සනුහරේ නැති කරන්න හදන්නේ? එකත් එකටම දුලගේ අම්මගෙන් අහන්න ඕනි මේ හතරබීරි කතාවේ තේරුම. එයත් නොදන්න වේපරයිසරයක් නෑනේ. මොනා වුණත් ගෑනි මට වැඩිය අපේ පවුල ගැන හිතනවා. ඒකි නැත්තං දරුවෝ හාමතේ මියැදෙනවා සිකුරුයි.

"ඈ හාමිනේ මොකක්ද මේ අපේ වරිගේ නහන්න හදන කතාව?"

"හෑ....ක් කව්ද ඔහෙට කිව්වේ? හහ් එව්වා කොහෙද? මටත් දැනුනා වැඩේ. ළඟඳි ඉඳලා මුන් ඔක්කොම හරි වෙනස්. මෙච්චර කාලෙකට මුන්ට අපිව ප්‍රශ්නයක් වුණේ නෑ. දැන් එනවා මෙතන අපිව මට්ටු කරන්න. ඇයි යකෝ මෙච්චර කල් මුන් කලේ තම්බගත්ත දෙයක් දඩිබිඩියේ උගුරෙන් පහලට දාගෙන මෙලෝ සිහියක් නැතුව අස්ප රේස් ගිය එක, ඇන කොටා ගත්ත එක, මරාගත්ත එක, බොරු කිය කියා උන්ගෙම එවුන් රවට්ටපු එක. තමන්ගේ කුණුත් අනුන්ගේ වතු වලට අත ඇරලා පරිසරයට හෙන ගැහුණත් ඇස් කන් තද කරගෙන හිටිය එක. දැන් හීනෙන් නැගිට්ටා වගේ එනවා අපේ වරිගේ අතුගාලා දාන්න.බලමු කව්ද දිනන්නේ කියලා"

හප්පේ අපේ ගෑනිගේ කටත් බෝක්කු කටක් වගේ නෙමෙයි ඒකක්ම තමයි. හුස්ම ගන්නවත් නතර වුණේ නෑනේ හැබෑටම. ඇහුව මෝඩකම. මොනව වුණත් මෙතන ලොකු කොස්සක් තියන හැඩයි. එකත් එකටම මේක අපේ හාමිනේ පහුගිය දොහේ ගෑනු ටික වට කරගෙන කාන්තා සමිතියක් අටවගෙන කරපු මොකක් හරි අටපට්ටම් වැඩක් වෙන්න ඇති. මට ඇහුණ ඒත් ඔන්න ඔය කුණු වතුර උනත් කමක් නෑ වැඩේ හරියට වෙනවනම් කියලා කාටද හයියෙන් කියනවා. රඹුටන් වාරේ ආපු එකත් හොඳට ගියා නේද කියලා තව ඇත්තියක් එක්ක මහ හයියෙන් හිනා වුණත් එක්ක.

හැබෑම තමයි මල්වානටත් රිලවු වවුලො එහෙම පනිනවලු. උනුත් රඹුටන් කාලා යනවා ඇති හැබැයි මෙහෙම වනසන්නේ නැතුව ඇති. ගෙවල් දොරවල් කල එළි උනාට මොකද ටවුම පැත්තේ කරක් ගැහුවමයි දැක්කේ සතර අපාය. සමහරවිට ටවුම කාගෙවත් බූදලයක් නෙමෙයි නිසා වෙන්න ඇති. ඉතින් හාමිනේටවත් සමිතියටවත් බැනලා වැඩක් නැ බැලුවම.

මගේ හාමිනේ වුණත් කරන්නේ වැරද්දක්කනම් වැරැද්ද වැරැද්දම තමයි. ටිකක් තදින් ඉන්න ඕනි. කොහෙද ඉතින් අම්මට කෑගහන කොට දූවරුත් එනවනේ මාව තම්බන්න. උන් ටිකත් අම්මගේම අච්චුව. මුන් නම් දරුවෝ නෙමෙයි මරුවෝ.

"ඔන්න ඔන්න මදුරුවෙක් ....ගහන්න ගහන්න.."

"චටා.....ස්"

අම්මෝ...............................................................!
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com13tag:blogger.com,1999:blog-7468573439538654459.post-3971331052017923652010-06-30T03:16:00.000-07:002010-07-01T02:48:56.105-07:00අපූරු කසින් සිස්ටර්
පැංචිට ඉන්නවා නොවැ එක එක ජාතියේ කදිම ලොකු අම්මල ටිකක්. ඇත්තම කිව්වොත් ලොකු අම්මලා ටාස්ක් ෆෝස් එකක්(LATF). පැංචිගේ මවු බඩ පිස්සි වීමේ මහඟු ප්‍රතිඵලය වුනේ පැංචි සහ පැංචිගේ එකම ලොකුම සහෝදර අයියා වසරේ බොහෝ කාලයක් කනේ ඇබ ගහගෙන ඉන්න වීමයි (හෆ්ෆෝ වෙලාවට. ඒ කවුරුත් බ්ලොග් බලන්න දන්නෙ නෑ). ඉතින් දැනමුත්තෝ විදිහට විශේෂ අවස්ථා වලට හදිසියකට එහෙම ඇඩ්වයිස් ගන්න ගියාම අදහස් කෝටියයි ප්‍රශ්න දෙකෝටියයි. ඔක්කොම පරස්පරයි. එතකොට තමයි දිසාව කෝක උනත් ඔලුව හැරුණ අත හොඳයි කියලා හිතෙන්නේ.

කතාව පැංචිගේ පවුලේ මේ අරුම පුදුම LATF ගැන නොවෙයිනේ හැබෑට . මේ එක ලොකු අම්මා කෙනෙක්ට හිටියා දුවෙක්. පැංචිගේ ප්‍රාණ සම ගජ කසින් සිස්ටර් කෙනෙක්. පැංචිට වඩා වැඩිමහලු වුණාට අනේ පැංචිගෙම නොම්මරේ. පැංචි වාසිටි යන්න කොලොම්පුරේ බඩ ගාපු මුල්ම අවදියේ ඉතින් පැංචිගේ ගයිඩ් වගේම ගාඩ් වුණෙත් මේ කසින් සිස්ටර් තමයි.

"ඔන්න මෙයාව බලාගන්න වෙන්නේ දුවට තමයි" පැංචිගේ මවු කියලා කට ගන්න නෑ
" බය වෙන්න එපා ඒවා හරි පුංචි, නඟාව ලස්සනට බලාගන්නම්" කසින් සිස්ටරුත් වගක් වත් නැතුව කිව්වට මොකද ලොකු අම්මා කතාව ඇහිලද කොහෙද කුස්සියේ ඉඳලා ලතෝනි තිබ්බා
" ඒකම තමයි බය. මෙයාගේ වැඩත් සමයං වෙලාවකට"

ඒවා මේවා මොනාවුණත් වාසිටියේ වුණත් පැංචිට ඉද්ද ගැහුවා වගේ ඔලුව කෙලින් කරගෙන ඉන්න පුළුවන් වුනේ ඒ ඇත්තිට පින් සිද්ද වෙන්න තමයි. නගර නිර්මාණයේ පටන් වංහුං ඔක්කොම අ යන්නේ ඉඳලා කියලා දීලා අහු මුළු හැම තැනකම වට වන්දනාවේ එක්කන් ගිය හින්දා පැංචිට හැම තැනැක්ම ගලේ කෙටුවා වගේ. ආය ඇන්දිලි බොරු.

මේ ඔක්කොමත් හරි ලොකු අම්මා කිව්වා වගේ කසින් සිස්ටර් හිටපු ගමන් අංගමොන්ගල් වෙන එකත් හරි!!!

දවසක් පැංචි දැක්කා ගෙදරින් පිටත්වුණ වෙලේ ඉඳලා සහෝදරී කට කනේ තියාගෙන යනවා. අහල පහලින් යන අයත් අමුතු විදිහට බලනවා. සමහරු අඳුරන්නෙත් නෑ. ඒත් එයාගේ හිනාව නවතින පාටකුත් නෑ. මාරම ප්‍රශ්නයක් වෙන්න කලින් පැංචි ඇහුවා මොකද කියලා. " කලබලේට කන්ණාඩි දෙක අමතක වුණා බං. අඳුරගන්න බෑ කවුරුත්"
ඒකත් ඇත්තටම ෆන් රවාගෙන යනවට වඩා.

තවත් දවසක් ලොකු අම්මා සතියකට විතර වට වන්දනාවෙ ගිය අවදියක සහෝදරී එලාම් එකෙන් ගහලා වගේ පරක්කු වෙලා ඇහැරුණා. ඒ වෙනකොටත් පැංචිත් 4 පාරක් විතර ඇහැරිලා පොතකට ඔරවගෙනයි හිටියේ. ලොකු තාත්තත් කුස්සියේ හැඳි වලං සංගීත හරබයක හිටියේ. ජිම්බා ඒ කියන්නේ ගෙදර බලු මහත්තයත් උගේ නැට්ට අල්ලගන්න හැල්මේ කැරකෙනවා. ටීවී එකත් පාන්දරම පත්තරේ දිග ඇරගෙන ගෙදර පුටු මේස වලට නිවුස් කියනවා. පැංචි තේ බොන අතර මදුරුවෝ පැංචිගේ ලේ බොනවා. හැමෝම බිසී වගේ. ගමේදි වගේ නෙමෙයි. මෙහෙ උදෑසන මෙලෝ රහක් නෑ. සහෝදරිත් එක හුස්මට එහෙට දුවනවා මෙහෙට දුවනවා සිහියක් පතක් නැතුව. යම යුද්දයක් දීලා පැංචි පාඩම් කරන එකයි තේ බොන එකයි මදුරුවො මරන එකයි එකට කරන්න ට්‍රයි කරද්දි සිසටර්ගේ කාමරෙන් ශබ්ද ගොඩයි.

චූ......ස් සැන්ට් සුවඳක් පැංචි ඉන්න පැත්තට සේන්දු වුණා.
ටොක්...ටොක්...ටොක් සපත්තු අඩි සද්දෙත් ඇහෙනවා.
දඩා.....ස් අල්මාරි දොරත් හරි.

ඇඳ පැළඳ ගත්ත සහෝදරී හැල්මෙ ආවේ පැංචි ඉන්න පැත්තට. පැංචි එතකොට හිටියේ හීනෙන් වගේ බ්‍රිතාන්‍යයි ඉන්දියාවයි අතර ජාත්‍යන්තර සබඳතා ගොඩ නගමින්. හැල්මේ ආපු කෙල්ල මෙන්න බොලේ පැංචි ලඟ හතර ගාතෙන් වැටුණා. පැංවි පැනික් වුණා. වැටුණවත්ද කෙල්ල අර අඩි උස සපත්තු නිසා කියලා බලද්දි ඇහෙනවා දනි පනි ගාලා මොනවද මතුරනවා. හෆොයි දෙවියනේ අන්තිමට පැංචිට ඇහුණේ මාතු පාදං නමා මහං කියනවා. අක්කේ....කියලා පැංචිට ලාවට කෑගැහුණා. හීනෙන් නැගිට්ටා වගේ කසින් අක්කා ගැස්සිලා උඩ බලද්දී ඩෝං ..! ඇණුණා අපූරැ ඔලු ගෙඩිය මේසේ කොනේ. "අපොයි නටපං....මං හිතුවේ අපේ අම්මයි කියලා.....හික් හික් හී" ඔලුවත් අතුල්ලන ගමන් සිසටර් දෙකට තුනට නැමි නැමී හිනා වෙන්න ගත්තා. ඊට පස්සෙ තාත්තට වඳින්න කුස්සියට දුවගෙන ගියා. ඒ පස්සෙන්ම පැංචිත් දුවන් ගියේ බැරිවෙලාවත් ජිම්බට පීතු පාදං නමා මහං කියයිදෝ කියන සැකෙන්.

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com19tag:blogger.com,1999:blog-7468573439538654459.post-75975999106316835472010-05-30T21:21:00.000-07:002010-06-17T03:58:07.429-07:00පැංචියි, උපන් දිනෙයි, ලෝන් එකයි, 2012 ලෝක විනාසෙයිඅවුරුදුත් ආවා ගියා. වෙසක් පෝයත් ඉවරයි. ඊළඟට පොසොන්. ඒකත් එයි යයි. පැංචිගේ උපන් දාතමත් කමින් සූන්. හයියෝ ඒකනම් අමතක කරන තරමට හොඳයි වගේ. එක පැත්තකින් වයසට යන එක ගැන දුකයි(ඉස්සර සෙල්ලම් දැන් බැරියෝ බැරියෝ. වයසට යනවා පැංචි චෙරියෝ චෙරියෝ). අනිත් පැත්තෙන් සාක්කුව හිස් වෙන එක ගැන දුකයි. ඔන්න කට්ටිය එකතු වෙලා සර්ප්‍රයිස් පාටියක් (surprise party) වත් දෙනවනම්.....අපේ බ්ලොගී නංගි එහෙම බලාගෙන ඉන්නවනම් පැංචි දුන්න අයිඩියා එක ඕං.

ඇත්තටම දැන් තියන ක්‍රමය වෙනස් වෙන්න ඕන නැද්ද?ඔය පුදුම කිරීමේ කලාව කාලෙට ඔබිනවා වගේ. බලන්න දනට පිනට කැමති ඈයන්ට පිං රැස් කරන ගමන්ම එන්ටටේන් කරන්නත් හැකියි. එමෙන්ම සාම්ප්‍රදායික බවෙන් තොරයි. කාලීනයි. හැබැයි එකම එක හිඩැසක් තියනවා. පැංචිගේ පාටියෙන් පස්සේ ඒ ක්‍රමය නැවත වෙනස් විය යුතු බැවින් දීර්ග කාලීන නෑ.

ගල් බෝර නොදැම්මට මොකද නිකන් තට්ටුවක් දැම්මත් ඇති ඉලක්කම් පහේ පඩිය කුඩු වෙලා යන්න. මොන දේ කරන්නෙත් 2012 වෙනකන්නේ. එහෙම කිව්වට කට්ටිය "ඍණවාදී" වෙන්න එපා පැංචි වගේ හැමතිස්සෙම "ධනවාදී" වෙන්න. මොකක්වත් වැරදුණාද මන්දා?

2012 කිව්වමයි මතක් වුණේ. දැන් ඔය එනවා...යි කියන ලෝක වින්නැහිය ඇත්තටම ආවොත් පැංචි ගොඩම තමයි. මොකද පැංචි පස් මහ බැලුම් බලලා ගැහුවා ලෝන්ග් ලෝන් එකක්. පොතේ හැටියට ගෙවලා ගෙවලා කම්බස් වෙන්න තියෙන්නේ 2013. පැංචි බලපු පස් මහ බැලුම් වලින් පළවෙනි එක නම් හොඳයි වගේ. හරි...තර්කයක් නෑ වෙන එකක් වුණාවේ ඔක්කොම දහං ගැට හුස්ම පොද රැක ගන්නනේ. 2012 ආවත් නාවත් සර්කිට් එකට වතුර බින්දක් වැටුණත් ඇති නොවැ ෆියුස් යන්න. "හුටස්" ගියා...Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com8tag:blogger.com,1999:blog-7468573439538654459.post-84908064222192028372010-04-01T02:14:00.000-07:002010-05-22T23:08:34.800-07:00පොලිට්‍රික්ස්
හැමෝටම සක්සස්පුල් බියුටිපුල් දවසක්ම වේවා. සුපුරුදු පරිදි අදත් අපි ඔබේ ආලින්දයට ගොඩ වැදිලා ඉන්නේ කෝට් 6ක ඇඳුම් මල්ලක් සමාවෙන්න...කෝටි 6ක ජය මල්ලකුත් කරේ තියාගෙනයි....ඈ....ක් මොකක් හරි අස්පට් එකක් වගේ දැනෙනවා. ඉන්න බලන්න ආයෙත් රිවයින් කොරලා. හැමෝටම සක්සස්පුල් බියුටිපුල් දවසක්ම වේවා. ඔන්න ඉතිං පැංචි අදත් ආවා මතක ඇතුව හිනාකටකුත් අරගෙනම( ට්‍රැක් එකට වැටුණා නේද ගානට?) ඉතිං ඔයාලට කොහොමද කියන්නකෝ? පැංචි නම් පුල් හැපී එකේ ඉන්නේ. එකමත් එක කාලෙක පැංචිට විච්ච අන්දමන්දන් කතන්දර දැං යට ගියාවේ සුළමුළ වෙලා. ඇයි ඉතින් ඊට වඩා හොල්මන් ඉස්ටෝරිස් ටිකක් ගියානේ මේ පහු ගිය කාලෙම. මෙන්න ඔයාගේ නහය කියලා කන පෙන්නලා, කන අල්ලලා බලනකොට ඔලුවට ටොකුත් ඇනලා යන මාර මැජික්නෙ ඒ කාලේ තිබ්බෙ. නහය තාමත් රූං රූං ගානවා ආ වැරදුණා කන තාමත් රූං රූං ගානවා ඇහුණ මිහිරි වදන් වලට. ඒ සුරංගනා කතා නම් හොඳටම ඇති තව කල්පෙකට ගොරව ගොරව නිදා ගන්න.

ඔයාලට කියන්න පහුගිය කාලේ...පුදුමෙ කියන්නෙ පය ගැහෙන ගැහෙන ගල හිනා වෙන්න ගත්තනේ. දැනුත් ඔය ඉඳල හිටලා තැනින් තැන හදි ගැහෙනවා හිනා මූණක් දෙකක් හැබැයි පණුවො කාපු දත් බොල්ලෑවක් එක්ක. දුකේ....බෑ....ඕං පැංචිගේ මේ ඇස් දෙක දැක්ක නොවැ බිමට පාත් වෙලා තිබ්බ තාප්ප කෑල්ලක අලවලා තිබිච්ච හිනා කටකට බලු මහත්තයෙක් ප්‍රයිවට් වැඩක් කොරනවා. හික් හික්! ඕවා මේ පබිලිස් එකේ කියන්න හොඳ දේවල් නෙමෙයි. ඒවා එක අතකට මොනාද ඔය තාප්ප වල ඉන්න ඇත්තො මූණෙ ගාගන්න දැලි, කුණු,මඩ බලද්දි. පව් මෙයාලා හරියට සැලුන් ගිහින් වගේ. ඇස් වටේ පිපිඤ්ඤා පෙති දෙකක් තියල ගත්ත නම් අලුතින් අරින සැලුන් එකක බෝඩ් ලෑල්ලකට පංකාදු පහයි.

නෑ පැංචි කියන්නෙ ඉතින් රට රාජ්ජවල කරක් ගහලා, කප් පිට කප් ගහලා ඇවිත් තාප්පවල ඇලවිලා බුලත් කෙල නාගෙන ඉන්නකොට අනේ අප්පේ බඩ පපුව හෝ...ස් ගාලා දාලා යනවා. මොනවා වුණත් අපි වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ඔච්චරනේ. බලන්න ඉතින් කෝටි ගානක් වියදං කොරගෙන තාප්ප වහලා ආය කෝටි ගානක් වියදම් කොරගෙන තාප්ප සුද්ද කරන්න තරම් පරමාදර්ශී ජනතා පුත්තු ඉන්නේ මොන රටේද? ඒකත් තමන්ගේ ධන ප්‍රමාණයෙන්? හා කියමු බලන්න...? ඕවා මොනාද නැට්ට පිටින් අලිත් ස්වර්ගස්ත වෙන මේ කාලේ. පාන් ගෙඩියක් රුපියලකින් වැඩි කොරලා, ගෑසුත් රටේ නැති ගෑස් දානකොට දන්න තරම් පද කස්තිරම් දාලා ලාභය ගැන කතා කරන්නේ මිලියන බිලියන ගානින්. අනේ ඉතින් කන්න තියා විකන්නවත් බැරි අඩුම තරමේ පුච්චලා අලු නලලේ ගාලත් වැඩක් නැති පෝස්ටර් කඳුයි, කටවුට් තොගයි නම් කාටවත් නොතේරෙන ඉලක්කම් වලින් වත් කියන්න බැරි තරම් ලාභයක් කරපු හැඩයි.

පැංචිට නම් මේ සෙල්ලම සූදුවක්. ඔය සූදුවේ හැමදාම ජැක් පොට් එක වදින පිරිසක් ඉන්නවා. ජැක් පොට් කෙසේවෙතත් අනිත් කට්ටියගේ ඉතින් හැමදාමත් ඇස් පොට්ට වෙන එක තමා වෙන්නෙ.

නැද්ද හොඳයි?
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com4tag:blogger.com,1999:blog-7468573439538654459.post-8952811937196398612010-03-24T03:44:00.000-07:002010-05-22T23:09:28.729-07:00ද රිටං ඔප් පැංචි..... :)
හා......ක්! අප්පා.....කලකට පස්සේ ඕං දැනුයි වෙලකට බැස්සේ. ඔන්න ඉතිං කට්ටියම එකතු වෙලා පැංචිට නම් බනින්න එපා! ඒකී මොන වරදක් කලාටද? පැංචි පහුගිය දොහේ ආයෙත් වහං වෙලා හිටියේ ඕන කමෙන් යැ?

පැංචිගේ සහෝදරයා ඒ කියන්නෙ පැංචා ගේ කම්පීතර මැෂිම නොවැ පැංචි පාවිච්චි කලේ. ඕං ඉතිං ඒකට මේ පහුගිය අවුරුද්දේ දෙයියනේ කියලා හෙනහුරා වැහුනනේ. දැං ඉතින් වෙන කුමක් කරන්නදෝ කියලා පැංචිත් බලාගත්තු අත බලාගෙන හිටියේ හිතකින් නෙමෙයි.

කොම්පැණියත් වහලා කාලාන්තරයක් ගත වුණා. පැංචිගේ පොකට්ටුවෙත් පතුල පේන්න පටන් ගත්තා. ඔය කාලේ තමයි පැංචිට ටෙලියක රඟ පාන්න පොට්ට චාන්ස් එකක් ආවේ.පැංචිට ඉතිං ආවොත් පොට්ට පහේ ඒවා තමයි. නමො විත්තියෙන් දකුණු පය කරට අරන් පැංචි ලැබිච්ච චරිතේවත් හොඳට කරලා ගොඩ යන්න හිතුවා. ටෙලියෙ නම " කාලකණ්ණියෝ" පැංචිට ඒකේ ලැබුණේ රැකියා විරහිත උපාධිධාරිණියකගේ චරිතයක්. ආය ඉතින් අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් නැති නිසාත් චරිතයේ අත්දැකීම් බහුල නිසාත් පැංචිට වැඩේ චී........ස් වගේ.

ඔන්න ඉතින් ඔය විදිහට අවුරුද්දක් විතර ඇදිලා ඇදිලා ටෙලිය කාලයේ තාලෙට මෙගා සයිස් වුණා. වැඩේ රබර් වුණ නිසා පැංචිගේ ආච්චිඅම්මා මේක බලබලා ඉන්න හොඳ දෙයක් නෙමෙයි කියලා කෙල්ලගේ වේලාපත්කඩේවත් බලාගන්නැයි කියලා ගියා ජනාධිපති සම්මානලාභී ජ්‍යෝතීර් වේදියෙක් ලඟට.සෙල්ලම් නෙමෙයි මනුස්සයාගේ බෙල්ල 24 කැරට් පාත්තියක්. බරටම නැමිලා. අපරාදෙ කියන්න බෑ පැංචිගේ හඳහන බලලා මිනිහා හොයාගත්ත ලෙඩේ. පැංචගේ කම්පීතර මැෂිමට වහපු හෙනහුරාම තමයි. ඇස් වහක් කටවහක් නෑ හෙනහුරාට පින් සිද්ද වෙන්න පැංචිගේ ඩිගිරියත් පුස් කන්න පටන් ගත්තා.පැංචිත් නිකන් හිටයේ නෑ.

ඩිගිරිය පැත්තකින් තියලා දහිරිය අරෙගන වැඩක් පටන් ගන්න හිතුවා. දන්න සාස්තෙර් පෙට්ටගමේ තියලා හරියන්නෙ නෑනේ. අයිබුන්ටු පැත්තෙ ගිහින් ඇස් වන්නිආරච්චි සහෝදරයගෙන් පොඩි හැල්ප් එකක් අරන් ගැහුවා පුංචි පහේ හෑන්ඩ් බිල් එකක්. "ඉංග්‍රීසි පංති- මෙහෙයවීම පැංචි" වැඩේනම් පංකාදු පහයි ඒත් ඉතිං ඕක ඉංග්‍රීසි පංති නොවී ඔන්න කරටි කඩන් ඇඹරෙන්න උගන්නන ඩාර්න්සින් ක්ලාස් එකක් වුණානම් මෙයාලා කියලා වැඩක් නෑ පැංචි අද අඩුමගානේ සෙකන්ඩ් හෑන්ඩ් කාර් කබලක්වත් අරගෙන.

කාලෙ එරර් එකක්ද නැත්තම් පැංචි ඉගෙන ගත්තු සාස්තරේ එරර් එකක්ද මන්දා වැඩේ ලොප් වුණා. එරර් එක හොයාගන්න බැරුවයි පැංචි තාමත් ඉන්නෙ. ඔයාලවත් හොයාගත්තොත් පැංචිට දැනුම් දෙන්න හොඳේ.

Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com8tag:blogger.com,1999:blog-7468573439538654459.post-78434117374081362542010-03-20T03:40:00.000-07:002010-03-20T03:43:23.055-07:00ඔන්න පැංචි ආයෙත් එන්නයි හදන්නේ...
කට්ටිය ලස්සනට මූණ පී......රලා, කොණ්ඩෙ හෝ......දලා, කන දෙයක් කා....ලා, බොන දෙයක් බී....ලා, එකත්පසව වැදගෙන සාදු කාරයක් එහෙම දීලා ඉන්න ඕනි...
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com7tag:blogger.com,1999:blog-7468573439538654459.post-53665941641018395272009-07-19T01:10:00.000-07:002009-07-19T01:15:06.976-07:00ඩෙංගුවාගෙන් පාඩමක්කන්තෝරු ගමනත් බක් ගාලා නැවතිච්ච එකේ පැංචි දැන් බොහොම විවේකි, අල්පේච්ඡ, දැහැමි හා නිවුණු දිවිපෙවතක් තමයි ගතකරන්නේ. තුන් වේලටම දෙයියනේ කියලා කාලා දිනපතා ස්නානය කරලා ඔය කියන විවේකය ගතකරනවා. හැබැයි ඉතින් ඔය විවේකයට කණ කොකා අඬපු එක්තරා අඳුරු කාලයකුත් පැංචිට ආවා.

සහශ්‍රයේ රජුට පිං සිද්ද වෙන්නඅම්මා මුත්තා කාලෙට පස්සෙනේ මේ හැමෝම නිදහසේ ගඳ සුවඳවත් විඳින්නේ. ඒත් ඉතින් මේ කරුමක්කාර ඩෙංගුවාගෙන්නේ බේරෙන්න බැරි. හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්ත වගේ. පඳුරක් පඳුරක් ගානේ ගහක් ගලක් ගානේ ඩෙංගු. ඒ මදිවට තව උෘරෙකුයි මීයෙකුයි සෙට් වෙලානේ මදි පාඩුවට. එතනින් නැවතිලා බේරුණොත් ඇති. සත්තු වත්තම පාරට බැහැලා මෙහෙම මනුස්සයට ගින්දර දෙන්න ගත්තොත් මිනිහා කියන සතාට වෙන්නෙ කූඩූවට යන්න. එහෙනම් තව අවුරුදු කීපයකින් මනුසත්වත්තට ආපු වඳුරු ගැටයෙක් වඳුරු අම්මගේ අතේ එල්ලිලා අහයි අම්මෙ අම්මෙ අර සතාටද මිනිහා කියන්නෙ කියලා. වඳුරු අම්ම ඔව් කියලා නිකන් හිටියොත් ඇති. ඔව් මයෙ රත්තරං අපි පැවතගෙන එන්නෙත් උන්ගෙන් තමයි කියලා කිව්වොත් මොන නව නංගිරාවක්ද? බෑ බෑ එහෙම වෙන්න දෙන්න බෑ. ඒත් දැං බලන්න මේ ඩෙංගුවා කරන විපතක තරම.

මෙන්න මේ අඳුරු, භීෂණ -අපොයි වැරදුණා, අඳුරු සීතල කාලවකවානුවේ තමයි ගහක් ගලක් වගේ හිටිය පැංචිත් හිටි ගමන් ඇඳට වැටුණේ. ඔය කාලෙම තමයි යම ගේමක් දීලා කෙලින් කරපු පැංචිගේ කොණ්ඩ ගස් එක දෙක වකුටු වෙන්න ගත්තේ. හරි අපරාදයක් වුණේ. හැබැයි වරදවා හිතන්න එපා. මේ අපරාධය පැංචිට වුණේ වාසිටියේ ගනුදෙනු වගයකට කොළොම්පුරේ ගිය කාලයේදී. නැතුව ගම්තුලානෙදි එහෙම නෙමෙයි. ඩෙංගුවෙක් තියා කෝඳුරුවෙක්වත් මේ අහලක පැංචිගේ ඇහැ ගැටිලා නෑ.

තත්වය ටිකක් නරක අතට හැරිලා රෙඩ් ලයිට් පත්තු වෙනකොට පැංචි රෝහල් ගත කෙරුණා. අනේ එදා ඉඳලා හත් දවසක්ම පැංචිට හරි හමන් කෑමක් බීමක් නෑ. ඇපල්, දොඩම්, සුප් වගේ දේවල් දොස්තරලගේ වදෙන් බේරෙන්න බැරි කමට කෑවා බීවා මිසක් නැත්තම් පැංචිට අල්ලයි ඔය අරුමෝසම් කෑම. යන්තම් ඇහැ කන ඇරගන්නපුළුවන් වෙනකොට පැංචි දැක්ක නරකම දේ තමයි බොහෝමයක් සුදු කබා දාගත්ත නූතන ජීවකයෝ තමන්ගේ ආච්චිලා, අම්මලාවගේ ඉන්න අසරණයින්ට කන පිරෙන්න කතා කරන හැටි. අනේ ඉතින් අර අහිංසකයෝ කබලෙන් ලිපට වැටුණා වගේ තමයි. මනුස්සයා මනුස්සයටම මෙහෙම කරනකොටනම් හිතෙනවා ඩෙංගුවා ඊට වැඩිය හොඳයි කියලා. ඇනලා ගියත් කවදාවත්බැනලා යන්නෙ නෑනේ. ඔය ටික දොහට පැංචිට හිතුණේ ලෙඩ විතරක්ම සනීප වෙලා මදි තව සුව කරගන්න ඕන තැන් බොහෝමයක් මිනිස්සුන්ගෙත් රටේත් තියනවා නොවෙද කියලා.
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com10tag:blogger.com,1999:blog-7468573439538654459.post-24637366420552781192009-07-17T01:18:00.000-07:002009-07-17T01:31:05.916-07:00මෙන්න පැංචි ආ......වා.....
හා.............උදේම නැගිටින එක නම් දැං පැංචිට මරන්නා වගේ. එකමත් එක කාලෙක නම් පැංචි උදෑසනින් අවදිවෙලා කන්තෝරු ගියාලු. ඒත් දැං....කොම්පැණිය වැහුවත් හරි ෆා ද බ්ලොගී නංගියි එයාගේ (හික් හික්) Sithangi ලියන සහෝදරයයි නන්නත්තාර වුණා. ඒකනේ මාස ගානක් යනකන් කාගෙන්වත් බ්ලොග් වැටුණෙ නැත්තේ. දැං ඒ තත්වය තරමක් දුරට මඟ හැරිලා තියෙන්නෙ. ඔය ගන්ධබ්බ වකවානුවේ පැංචිටත් හුටපට ගොඩාක් වුණා. හිටින්න පොඩ්ඩක් හිටින්න......තාම පැංචි නැගිට්ටා විතරයි. සුපුරුදු මෝල්ටඩ් පානය අරගෙන වාඩි වෙනකන්.

ඕං හරි. ඉතින් ඉතින් මාස ගානක කතන්තර තියනවා කියන්න. පැංචිව ගොඩ දෙනෙක්ට අමතක වෙන්නත් ගිහිල්ලා නේද?ඒකට කමක් නෑ. පැංචිගේ හිතේ කහටක් නෑ. තිබ්බ ටිකත් මේ දැං තේ කෝප්පෙට දිය කලා.

ඉස්ඉස්සෙල්ලාම කියන්න ඕනි පැංචි දැං මොඩ් වෙලා ඉන්නෙ. කැරලි ගැහිලා තිබ්බ උපන් කොණ්ඩෙ පැය හයක් විතර පොර බදලා කෙලිං කරගත්තා. උදව්වට දෙන්නෙක්ම හිටියා. එක්කෙනෙක් දකුණෙන් ඇද්දා. අනිකා වමෙන් ඇද්දා. පැංචිට තරු එක දෙක පේන්න ගත්තා. තරු වගේද මොඩ් වුණාම කියලා හිත දැඩි කරගත්තා. ඒත් කිව්වම මොකද හීන් දාඩියකුත් එක්ක ඇස් වලින් කඳුලුත් පැන්නා. මූණ ජම්බෝලේ වගේ විච්ච නිසා එයාලට දුක හිතිලා ෆ්‍රී ඔෆ් චාජ් නෙස්ටමෝල්ට් එකක් දුන්නා ප්‍රබොධමත් වෙන්න. භාගෙට පණ ගිහින් කැරකෙන පුටුවෙන් නැගිටින කොට එක්කෙනෙක් කිව්වා ගිහිං පැනඩෝල් පෙති දෙකක් ගන්න කියලා. කට්ටක් කෑවට මොකද කණ්ණාඩියෙන් මූණ බලන කොට තමයි පැංචිගේ දෙහි ලෙල්ලක් වෙලා තිබ්බ මූණට පැඟිරි ටිකක් වැටුණෙ. හප්පා....ඔයින් ගියා මදෑ. මොඩ් වුණ එකත් මෝඩ නොවී විච්ච එක ගැන හීන් සතුටක් පැංචිට දැනුණා.

කොණඩෙත් කෙලින් කරගෙන පැංචි අන්තිම කාලේ කන්තෝරු ගියේ හරියට බෑග් එකේ මොණරු ඉන්නවා වගේ තමයි. වෙන කොම්පැණි වල අය නෝපේ(no pay) නිවාඩු යනකොට පැංචිලාගේ කොම්පැණියේ අය නෝපේ වැඩ කලානේ. ඉතින් ඔය කාලේ පැංචියි, ෆා ද බ්ලොගී නංගියි සෙට් වුණා සීයෙ කෑලි කඩේකට. ඒකත් අමුතු පහේ සෙල්ලමක් වුණා. නා නා ප්‍රකාර ඇඳුම් ආයිත්තම් වලින් ඒ කඩේ පිරිලා තිබුණා. උඩ බැලුවත් රෙදි බිම බැලුවත් රෙදි. රෙදි ගොඩකට පැනලා හිතේ හැටියටතෝර ගන්න තමයි තයෙන්නෙ.

දවසක් පැංචිට බ්ලොගී නංගිව අමතක වුණා.රෙදි තෝරගෙන කවුන්ටරේ ලඟට එනකොට තමයි මතක් වුණේ. පැංචි ටිකක් ගැස්සිලා සෙනඟ කන්දරාවේ එහේ මෙහේ බැලුවට දර්ශන පථයේ කොහේවත් බ්ලොගී නංගි හිටියේ නෑ. ටක් ටික් ගාලා ෆෝන් එක අරන් කැරකුවා අංකේ. මෙන්න බොලේ ඒක රිංග් වෙනවා රෙදි ගොඩක් අස්සෙන්. අනේ අප්පේ....පැංචිගේ පපුව හෝස් ගාලා දාලා ගියා. බ්ලොගී නංගි රෙදි කන්දකට යට වෙලා. දනි පනි ගාලා ඒකෙන් ඇදලා ගන්නකොට තමයි දැක්කෙ. නරකම නෑ වැඩේ! තෝර ගත්ත ඇඳුම් අතේ පයේ බෙල්ලෙ ඔතාගෙන ඉඳලා සද්දන්ත ඇන්ටි කෙනෙක් රෙදි ගොඩක් කියලා ඇදල අරන් විසික් කරලා. කෙලින් කටින් වෙලා පැංචි සල්ලි ගෙවලා බ්ලොගී නංගිවත් ඇදගෙන එතනින් එළියට පැන ගත්තෙ දෙන්නවම ඔතලා මලුවලට දාන්න කලින්.

අනේ මේ වගක් බ්ලොගී නංගිගෙන් අහන්න ඔනි නෑ. ඇහුවත් ලැජ්ජාවට කියන එකකුත් නෑ. ඔන්න ඔය වගේ තව අලකලංචි එමටයි. එහෙනම් පැංචි ආයෙත් එන්නම් රස කතා මල්ලක් අරගෙන. එතකන් බා............යි.
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com13tag:blogger.com,1999:blog-7468573439538654459.post-65109331773249659482009-07-12T02:54:00.000-07:002009-07-12T03:05:34.318-07:00ආවා.....ආවා.....ආවා.....ආයුබෝවන් ආයෙත් හැමෝටම

මෙන්න පැංචි ආයෙත් ආවා බොහොම කාලෙකින් ! පැංචිටත් මේ ටික දොහට වුණේ සුලු පටු දේවල්යැ...... හා හා ඕවා මෙහෙම ආවට ගියාට කියන්න බෑ. හිටින්කො පැංචි ඩිංගිත්තක් හති ඇරලා එනකං......එතකං දඟ වැඩ එහෙම බෑ ඔන්න...Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com7tag:blogger.com,1999:blog-7468573439538654459.post-87609397475456478502009-03-21T23:24:00.000-07:002009-03-21T23:32:58.324-07:00පැංචිගේ වා.......සිටි විත්තිඔයාලට කියන්න මෙහෙම හයක් හතරක් නොතේරුණා වගේ හිටියට පැංචි වාසිටි යෙත් කරක් ගහලයි ඇවිත් ඉන්නෙ.මිණිපිරීගේ පෙර පිනක් නිසා තමයි වාසිටි යන්න ලැබුණේ
කියලා පැංචිගේ ආච්චි අම්මා කිව්වට මොකද පැංචිට නම් ගිය දවසේ ඉඳලා හිතුණේ මොකක්දෝ පෙර පවක් පඩිසන් දෙනවද කොහෙද කියලා. අනේ ඉතින් ඒ වෙන
අහවල් දෙයක් නිසාවත් නෙමෙයි දන්න කියන ගම රට දාලා නොදන්නා දීපංකරයක තනි වෙන්න වුණ නිසයි. නොදන්න පුඩිමට වඩා දන්න බිබික්කම හොඳයි කියලා පැංචිට
හිතුණ වාරත් අනන්තයි. ඒත් ඉතින් මේක සුලුපටු වරප්‍රසාදයක්ද නිකන් කෙහෙල් ලෙල්ලක් වගේ විසික් කරන්න?

ඕකෙන් මේකෙන් කොහොම කෙහොම හරි සබ්බ
සකලමනාවම නැව් පටවගෙන පැංචි වාසිටි එන්න පිටත් වුණා.

වාසිටියත් මහ අරුම පුදුම වැඩ සිද්ද වෙන තැනක්. වෙලාවකට මාර ජොලි වෙලාවකට මාර ඇණයක්. ඔය හැම දුකක් සැපක්ම ඉතින් තරාදිය වගේ බැලන්ස් එකේ තියනවා.

ඉතින් දවසක් වාසිටි කොල්ලො කෙල්ලො ටික එකතු වෙලා අමුතු පහේ ප්‍රසංගයක් සංවිධානය කලා. ඒකාලේ බල්ලා පූසා පවා හොඳට අඳුරන තරු රැල්ලෙ කොල්ලො ටිකක් කමයි ප්‍රසංගයට සහභාගි වුණේ. බණක් දහමක් පිරිතක් වෙලාවට අතේ ඇඟිලි ගානට සෙනඟ හිටිහට මොකද
එදානම් පෝලිම් පහක් හයක් තිබුණා. බලන්න ඇවිත් හිටියේ බොහෝමයක් කාන්තා පාර්ශවයේ උදවිය. ඒකත් මේ හරියට මේ කාලේ හැමතැනම තියන රූපලාවන්‍ය
වැඩමුළුවක් වගේ. වෙනසකට තිබ්බේ තරු කොල්ලො ටික කොණ්ඩ දාන කපන හැටි උගන්නනවා වෙනුවට සිංදු කියපු එක.

පැංචිත් ඉතින් හැමදේටම ඔලුව දාන එකේ ඔය ආටක නාටකයත් පොර කන කෙල්ලො රොත්තට වැදිලා උදේට ප්‍රයිවට් බස් එකේ යනවා වගේ තනි කකුලෙන්ම හිටගෙන බලන්න පටන් ගත්තා. තරු කොල්ලො එකා දෙන්නා ඇවිත් එක එක ජාතියේ ගීත ගායනා කරලා ගියා. ඔය අතර හිටිය හීන්දෑරි උස තරු හාදයා වේදිකාවට පය තිබ්බා විතරයි ප්‍රේක්ෂකාගාරය දෙවනත් වෙන්න වාසිටි කෙල්ලො ටික බෙරිහන් දෙන්න ගත්තා. මෙලෝ රහක් නැතිව උන් තැනින් හෙලවෙන්න බැරිව හිටිය පැංචි උඩ ගිහින් බිමට වැටුණේ මෙච්චර වෙලා යසට හිටිය ලඟ හිටපු කෙලි පැටික්කියක්
ගිරිය යටින් කෑගහන්න පටන් ගත්ත නිසා. ඒ මේ හීන්දෑරි තරු හාදයගේ උන්මන්තක රසවතියක්. ප්‍රේක්ෂකාගාරයෙන් 99%ක්ම හිටියේ එහෙම උදවියයි.

ඔන්න ඉතින් අර හීන්දෑරි තරුණයා කෙල්ලන්ගේ ප්‍රීතිඝෝෂා මැද එක එක සෙල්ලම් දානවා. සිංදුව කියන ගමන් මිනිහා නිකමට දකුණු අත ඔසවලා ආචාර කලා මෙන්න බොලේ කෙල්ලො ටික ආය එක
හඬට කෑගහන්න ගත්තා. ආය ටික වෙලාවකින් ඒ හාදයා රවුමක් කැරකිලා වම් කකුල ඉස්සුවා. සෙල්ලම් නෙමෙයි මෙන්න කෙල්ලො ටික ආය කෑගහන්න ගත්තා.

හරි පුදුමයි ඒ හාදයගේ ශරීර අවයව වලට තිබුණේ මහ බලගතු ශක්තියක්. ඕක බලාගෙන හිටිය වාසිටි කොල්ලන්ට උූරු ජුවල්. අපි අතක් කකුලක් නෙමෙයි ශරීර කූඩුවම හෙල්ලුවත් මුන්ට
ගානක් නෑ. ඒකට දැං කියලා කොල්ලො ටික දෙනා එකතු වෙලා අර හාදයා සිංදුව කියලා බැහැලා යනකොට දුන්නෙ නැද්ද හූ පාරක් පලාතම දෙදෙරන්න. කෙල්ලො පරාදයි. ඒ
සද්දෙන් ටිකක් හෙල්ලුණ අර හාදයා හෙමීට සහපිරිවර සමඟ එතනින් ලිස්සලා ගියේ ගල් ආඳෙක් වගේ.

ඊට පස්සෙ වාසිටියේ සුළු සුළු කළබගෑනි ඇතිවේන්නත් පටන්ගත්තා.
කොහොම කොහොම හරි එදා වුණ ඇබැද්දියෙන් පස්සෙ ගමේ වැළ ගෙඩි ටික ගමේ කාක්කො ටික බොහොම ප්‍රවේසමෙන් බලා කියාගන්න ඉදිරිපත් වුණා.

හැබැයි ඉතින් පහුවෙනිදා තිබුණ ගෝලීයකරණය හා තුන්වෙනි ලෝකය දේශනයට සහභාගී වෙලා හිටියේ ඉස්සරහා පේළි තුන පිරෙන්න තරම් පිරිසක් විතරයි. Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com25tag:blogger.com,1999:blog-7468573439538654459.post-58405432755305575392009-03-15T04:00:00.000-07:002009-03-15T04:04:00.996-07:00Good Morning මෙයාලා!බිසී දවස් කීපයකට පස්සෙ ඔන්න අද තමයි පැංචි පෙනහලු දෙක පිරෙන්නම හුස්මක් ගත්තේ.මොකද දන්නවද අද පැංචිගේ සෞඛ්‍ය දවස. පැය 7 බියුටි ස්ලීප් එක පැය 10 දක්වා දීර්ඝ කරගෙන දෙයියනේ කියලා පාන්දර 9ට විතර තමයි පැංචි ඇහැරෙන්නේ.

ඔන්න ඉතින් පැංචිගේ සෞඛ්‍ය දිනයේ අනිවාර්ය අංගය තමයි හිසතෙල් ගා ස්නානය කිරීම. මොකද මේ නැකත පැංචිට උදා වෙන්නෙ අර මොකාද විය සිදුරෙන් අහස බලන දවසටලු. මේ දවසට පැංචිගේ ගෙදර කුස්සිය පැත්තේ අඩුම කුඩුම එහෙම ටික ටික අඩුවෙනවා. අයිස් පෙට්ටියෙන් ගත්ත cucumber ගෙඩියක භාගයක් බඩට යනකොට අනිත් භාගෙන් මූණට සැලඩ් වැටෙනවා. කුස්සියේ පාටවත් හරි හැටි දන්නෙ නැති පැංචි අතින් එදාට කෑම වට්ටෝරු ගොඩක් හැදෙනවා හැබැයි එකක්වත් කෑම මේසෙට යන ඒවා නෙමෙයි.

කොහොම කොහොම හරි කේශාන්තයේ සිට පාදාන්තය දක්වා තරු පහේ සැපක් දීලා දවසින් භාගයක්ම පැංචි ගතකරන්නෙ අංශක 180ට තමයි.

ඔන්න ඉතින් අදත් එහෙම දවසක් නිසා එහෙ මෙහෙ දුව දුව බ්ලොග් ලියන්න තරම් තදියමක් නම් නෑ.ඒ වුණත් තදියම නිසා පැංචිට වෙච්ච අලකලංචිනම් එමටයි. මේ එහෙම කතන්දරයක් කියන්න තමයි පැංචි තේ කෝප්පෙ තොල ගාන ගමන් හරිබරි ගැහුණේ.

කිව්වම මොකද පැංචි කෑමට වඩා හරිම කෑදර නින්දා ගන්න.ඒක ඉතින් මේ හැමෝටම වගේ වැළඳිලා තියන ලෙඩක් නොවන ලෙඩක්නෙ. මේ දවස් වල තරමක් සීතල නිසාම නින්දෙ යනවත් වැඩියි.හැමදාම උදේට alarm එක off වෙන්න හදලා තියෙන්නෙ ස්වයංක්‍රීයවම බැට්රි බැහැල off වෙන විදිහට.

දවසක් පැංචි ඔහොම දනි පනි ගාලා ඇහැරෙනකොට මෙන්න බොලේ කරන්ට් නෑ.කලුවරේ ජරමර කියලා කොහොම කොහොම හරි පැංචි කන්තෝරු යන්නත් සූදානම් වුණා.මොන කලබලේ වුණත් පැංචි ජැන්ඩියට පහට ඇඳලා තමයි කළඑළි බහින්නෙ.පාරට බැස්සට පස්සෙ ඉතින් අපේ සුසන්තිකා අක්කා කැලේ. වෙලා ගියාම පැංචි කරන්නෙම නැති වැඩේ තමයි ඔරලෝසුව දිහා බලන එක. කට කපලා ආපු පාන් පෙට්ටියකට ගොඩ වුණු පැංචිට ටික දුරක් ගිහින් හරිබරි ගැහිලා වාඩි වෙන්න සීට් එකකුත් ලැබුණා. එතකොටයි පැංචිට ක්ලික් වුණේ කවුරු කවුරුත් පැංචි දිහා ඕන කමෙන් බලනවා කියලා. එක අතකට අරුමයක් නෑ ඉතින් ඇහට විතරක් නෙමෙයි කනටත් පේන ගැටිස්සියක් වුණාම ඔහොම තමයි කියලා හිතලා ටිකක් ආඩම්බරෙන් පැංචිත් හිටියා. පුරුෂ පක්ෂය බලනකොට පැංචිගේ කම්මුල් රතු වුණාට මොකද කාන්තා පර්ශවය එහෙන් මෙහෙන් කොකන් කරනකොට නම් පැංචිට ඌරු ජුවල් නැග්ගා.

මොකක් හරි නමුත් වැරදිලා තියන බව පැංචිට ඉවෙන් වගේ දැනුණා. බස් එකේ ඉස්සරහ වීදුරුවෙන් යාන්තමට පෙනුන ඡායවෙන් පැංචි දැක්කා රෑට හරි මැදින් රූල ගහලා දෙකට බෙදලා ලස්සනට ගොතලා රෙදි පටි දෙකකින් ගැටගහලා තිබ්බ කොණ්ඩ කරල් දෙක ලිහුවෙ නෑ නේද කියලා. නැට්ට පිටින් අලිත් මැරෙන අද කාලේ ඕක මහ දෙයක් නොවෙන ගානට පැංචි අමාරුවෙන් ඇස් දෙක පියාගෙනම ගියා. අලි මදිවට හරක් කිව්වලු. පැංචි පස්සෙයි හරියටම දැක්කෙ කිටි කිටියේ තදවුණ අලුත් පන්නෙ මිනි සායට උඩින් කෝට් බ්ලවුස් එක කියලා කලුවරේ ඇඳලා තියෙන්නෙ රෑට සීතලට අඳින පරණ ජර්සි කබල නේද කියලා.ඒකත් තැනින් තැන අණ්ඩ දාලා තිබුණ නිසා පැංචිගේ මොඩ් එකනම් එදා හේ.........දිලා ගියා.Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com9tag:blogger.com,1999:blog-7468573439538654459.post-50269964359839151302009-03-08T00:06:00.000-08:002009-03-08T00:08:20.689-08:00ආයුබෝවන් හැමෝටම!හා..........යි!

ඔන්න ඉතින් පැංචි ආයෙත් ආවා ගොඩ කාලෙකට පස්සෙ
පැංචි පහුගිය දවස් ටිකේ අපේ ගොඩක් අය වගේ ටිකක් විතර බිසී එකේ අනේ හිටියේ.
ඔය බිසී එක නිසා කොළොම් පුරේදි පැංචිට විච්ච අකරතැබ්බ අලකලංචි නම් එමටයි.
හැබැයි දැන්නම් ඒවා ගැන කියන්න වෙන්නෙ නෑ මොකද මම බිසී නිසා.

බා........යි!Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com5tag:blogger.com,1999:blog-7468573439538654459.post-39138986420010503792009-02-03T09:01:00.000-08:002009-02-03T09:07:31.831-08:00පැංචිගේ බෝඩිම් ජීවිතේඅපේ පැංචිට දැන්නම් ගිනි කන කොළඹ ඉඳලා එපා වෙලාද කොහෙද ගමට එන්න හිතිලා.

බෝඩිම් වලටයි මහ මගටයි දියවෙලාම පැංචිගේ අස්ති පංජරයත් පේන නොපෙනෙන තරම්.

අපේ ගොඩක් අයට වගේ පැංචිටත් එකම තැන රස්සාව කරලා එපා වෙලා.

ඇඳුම් මාරු කරනවා වගේ රස්සාවලුයි බෝඩිනුයි මාරු කරන එක ලේසි නෑනෙ.

බෝඩිම් කියනකොටත් පැංචිගේ ඇඟ කීරි ගැහිලා යනවා.

බෝඩිම් වර්ග නම් ඉතින් කොළොම් පුරේ වැහි වැහැලනේ. කාඩ්බෝඩ් බෝඩිම්, ලෑලි බෝඩිම්, වතුර නැති
බෝඩිම්, මීයො දුවන බෝඩිම් එකී මෙකී නොකී බෝඩිම් වර්ග පිරිලා.ඒකත් නෙමෙයි නරක කියමුකො,

ඒවා run කරන ඇන්ටිලාගේ තරමනේ බලන්න ඕනි.අම්මෝ! එනකොටනම් ඉර දීලා හඳ දීලා ටොපි දීලා තමයි
ඇතුලට ගන්නෙපස්සෙ බලන්න ඕනි රැස්!ෆීස් ගන්න ඇන්ටි වෙලාවට සෙට් වෙනවා කාමරේ ගාවට" අනේ
මේ ළමයා ඇදිලා ගිහිල්ලනේ, විටමින් පෙත්තක්වත් බිව්වනම්" බටර් ටිකක් යහමින් ගාලා මොණරු මිට
මොළවගෙන යන ඇන්ටි ආය ඊළඟ මාසෙ වෙනකම් ඉන්නෙ බට කොළ ආච්චිගේ වෙස් අරං තමයි.

රෑ දහයෙන් පස්සෙ ලයිට් දැම්මොත්, සතියට වැඩිය නෙමෙයි දෙපාරක් නෑවොත්, බෙඩ් ෂීට් එකක් එහෙම පුසුඹට වැලේ තියනවා දැක්කොත් ඉතින් පල නොකිය පලා තමයි බෙදන්නේ.

ඒකට මොකද පැංචි ගමේ ඉඳල ආවම කට කනටම අරගෙන ඇන්ටි එනවා පෙරමඟට පිලිගන්න.

බෝඩිම් කාමරේ ලෑලි රාක්කෙ තියලා තියන සීනි බෝතලෙයි පිටි බෝතලෙයි බලාගෙන ඉද්දි අඩු වෙනකොටනම් පැංචිගේ කට නලියන්න ගත්තා.

ඒකේ ප්රථිඵලයක් විදිහට තමයි පැංචිට පොලිස් බැරැක්ක පැත්තෙ තිබ්බ හුන්ඩු බෝඩිමෙන් බම්බලපිටියට ට්‍රාන්සර් වෙන්න වුනේ.

බම්බලපිටියත් ඉතින් ඊට දෙවනි නෑ.සැපකට කියලා තිබ්බෙ පැය විසි හතරෙම මුහුදු හුළං නොමිලේ ලැබුණ එක තමයි.

අවුරුදු හතරක් විතර ඔය විදිහට උතුරු කොළඹ, දකුණු කොළඹ, බටහිර, නැගෙනහිර කියන සතර දිසාවම යහමින් වැඳ පුදා ගත්ත පැංචි ගම රට බලා එන්න තීරණය කළේ රුපියල් දහයක් අතේ තියාගෙන ගමට වෙලා පොලුයි බතුයි කෑවත් සැපයි කියල හිතලා.Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com11tag:blogger.com,1999:blog-7468573439538654459.post-84954071005945997372009-01-26T08:44:00.000-08:002009-01-26T08:48:13.048-08:00ඔන්න පැංචිට තවත් දවසක්....!පැංචි කන්තොරු යන්නෙත් කන්කන්තොරු ඇරිලා ගෙදර එන්නෙත් පොදු ප්‍රවාහන සේවයෙන්නෙ.
අනික් බොහෝමයක් සේවක නෝනා වරුන්ටයි මහත්තුරුන්ටයි වගේ අපේ පැංචිත් හැමවෙලාවෙම ඉන්නේ කම්මුලට අත තියාගත්ත ගමන්.

පවුලක් පන්සලක් නොවී ඉන්න නිසාද කොහෙද පැංචිට තනි කකුලෙන් අඩව් අල්ලන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බස් ගාස්තු වැඩි කරනවා කිව්වමයි ගෑසුත් ගෑස් පෙන්නනවා කිව්වමයි තනිකඩ පැංචිටත් හීල්ලෙනවා. එක රොකට් එකක්නම් මදෑ එක පිට එක රොකට් ගොඩක් යනකොට ඉතින් මොකද කරන්නේ?

ඕවා මේවා කල්පනා කර කර පැංචි halt එකට ආවා. පැත්තකට ඇලවුන බස් එකක් සේන්දු වෙනවා පේනවා. පැංචි ඇරෙන්න නැවතුමේ හිටිය හැමෝම අන්තිම බස් එක වගේ නඟින්න පොර කෑවා.

"ෆුට් බෝඩ් එල්ලෙන්න එපා" රියදුරු මහත්තයා කෑගහන්න ගත්තා.

"අපිටයි දඩ කන්න වෙන්නේ,බහින්න බහින්න. තව බස් එනවනේ" කොන්දොස්තර මල්ලී ෆුට් බෝඩ් එකේ එල්ලිගෙනම කෑ මොර දෙන්න ගත්තා.

ඔය සමහර star තරඟ වල වගේ බලාපොරොත්තු සුනේ සන් කරගත්ත පිරිස තැන් තැන් බලලා ආයමත් හිට ගත්තා.තව සාඩින් දෙක තුනක්ම නැවතුම් පොළ ළඟ නතර කරලා එයහන් මෙහෙන් පටවගෙන යන්න ගියා.

බස් එක අද්දනකොටම කලබලෙන්ම ගොඩවුන නෝනා කෙනෙක්ගේ සෙරෙප්පුවක් ගැලවිලා විසි වුනා.කෑගහලා සද්දෙ දාලා බස් එකත් නවත්තලා සෙරෙප්පුවත් අහුලගෙන ඔන්න ඒ බස් එකත් යන්න ගියා.

ඈනුමක් ඇරලා පැංචි ඔරලෝසුව දිහා බලනකොට තමයි දෙයියෝ සිහි වුනේ.වටින් ගොඩින් කලුවරත් වැටී ගෙන එනවා. ඊළඟ බස් එකේ නම් එල්ලිලා හරි යනවා කියලා මැරතන් එකකට ලෑස්ති වෙන්න වගේ පැංචි සෙනඟ පීරගෙන ඉස්සරහට ගියා.

තවත් සාඩින් ටින් එකක් ආවා.

පැංචි මේ සැරේ නම් අත ඇරියේ නෑ. කොහොම හරි දඟ දාලා බස් එක ඇතුලටම රිංග ගත්තා. පුහ්! මේක ඇතුල පාන් පෝරණුවක් වගේ නෙ? පුරුදු විදිහටම බෑග් එකත් තුරුලු කරගෙන තනි කකුලෙන්ම ගමන පටන් ගත්තා.

බස් එක ඇතුලෙත් හැල හොල්මනක් නෑ. එක්කෙනෙක් හැරුනොත් තවත් එක්කෙනෙක් ගෙ කකුල පෑගෙන නිසා හැමෝම ගල් වෙලා. ඊළඟ halt එකෙන් නවත්තපු බස් එකෙන් තොගයක් සෙනඟ බැස්සා. කොහේදෝ ඉඳලා හමාගෙන ආපු හුළඟකින් පැංචිට ඉබේම සුසුමක් පිටවුනා.

ඇඟ ටිකක් cool වී ගෙන යනකොටම ඇහුන මහා ගාලගොට්ටියකින් ආයෙත් පැංචිගේ ඇඟ රත් වෙන්න ගත්තා. ආරක්ෂාව පිළිබඳ sure එකක් නැති මේ කාලේ පණ කෙන්ද ගැන තියෙන්නෙ පුදුම ආසාවක්නෙ?

එහෙන් මෙහෙන් කරලා ජනේලෙකින් බෙල්ල දාලා බලපු පැංචිට පෙනුනේ වැළහින්නක් වගේ වැළපෙන මැදි වියේ නෝනා කෙනෙක් වට කරගෙන පොදි කන මිනිස්සු ගොඩකි.

" පොකට් ගහලා,පොකට් ගහලා"බස් එකේ අහු මුලු වලින් ඇහෙන්න පටන් ගත්තා. කොන්දොස්තර මල්ලීත් මිනිස්සු ගොඩේ.

"තම තමන්ගේ බෑග් පරිස්සම් කරගන්න"රියදුරු තැනැත් අනතුරු ඇඟවීමක් කළා.

බස් එකේ හිටිය කාගෙ කාගෙත් ඇහැ තමන්ගේ බෑග් වලට හැරුණේ ඉබේටම වගේ.කඳුළු වගුරන නෝනව තනි කරලා එකා දෙන්නා තමන්ගේ වැඩක් බලාගෙන යන්න ගියා.

බහින අය බැහැලා නඟින අය නැඟලා බස් එක ආයෙත් ඇද්දුවා. බෑග් එකත් අතකින් බදාගෙන අනිත් අතින් පොල්ලත් අල්ල ගත්ත පැංචිගේ හිතත් ටිකක් ගැස්සිලයි එදානම් තිබුනේ.Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com6tag:blogger.com,1999:blog-7468573439538654459.post-75016257119009986612009-01-24T06:25:00.000-08:002009-01-26T08:49:11.871-08:00පැංචිට තවත් දවසක්.........!වැඩට යන එන එක මතක් වෙනකොට හීන් දාඩිය දාන එක දැන් දැන් ලෙඩක් නෙමෙයි normal දෙයක් කියලා පැංචිට තේරිලා දැන් ගොඩක් කල් වෙනවා. කන්තෝරු ගිහින් වැඩ කරන එකයැ මහ වැඩේ? මේ බස් වල යන එන එක නේ...

පුරුදු විදිහටම සැන් පවුඩර් දමාගත්තු පැංචි gel ටිකක් යහමින් ගාගෙන අලුත් පන්නේ මල්ලකුත් කරට දමාගෙන බෝංචි ඇට හිටවන අඩි සපත්තු දෙකකුත් දමාගෙන උජාරුවෙන් අඩියට දෙකට ඔන්න halt එකට දිව්වා. චිරි චිරි වැස්සත් තාම ඉවරයක් නෑ.

පායන දවසට යස අගේට තියන "කර්පට්" පාර වැස්සම අපායක් වෙන්නේ ඇයි කියලා ඒ අස්සේ පැංචිට හිතුනා. ඉස්සරහා වීදුරුවෙන් බැලුවම පිටිපස්ස වීදුරුවෙන් එළිය පේන බස් එකක් ආවා.

හරි පුදුමයි! උතුරා යන සතුටකින් බස් එකට ගොඩ වෙලා යස සීට් එකක් බලලා පැංචි හරි බරි ගැහුනා. දැන්නම් නින්ද ගියත් සැපයි. වැනෙන බස් එකේ තාලෙටම සිංදුවකුත් මුමුනමින් පැංචිත් ජොලි පිට යනවා. යන ගමන් ජනේලෙන් බෙල්ල දාලා මැගී අක්කගේ කොළ කැඳ කෝප්ප කඩේ දිහත් හැරිලා බැලුවා.

වෙනදට හැටට හැටේ යන බස් එක අද ඉබි ගමනින් වගේ.

ඉල්ලන්නත් කලින් කොන්දොස්තර මල්ලිට සල්ලි දීලා පැංචි ආයෙත් සිංදුවක් මුමුනන්න ගත්තා.අප්පද බොල! මැගී අක්කා තව කොළ කැඳ කෝප්ප කඩයක් දාලා වගේ. පුහ්! ඒකත් නැගලා යන බිස්නස් එක තමයි.

පැංචිටත් ඔපදූප නැතුව බෑනේ.

ආයෙමත් ජනේලෙන් බෙල්ල දැම්මෙ මැගී අක්කනම් යකඩ ගෑනියෙක් කියලා හිත හිතමයි. එතකොටයි පැංචිට තේරුනේ බස් එක නැවතිලා තියන බව. එහෙන් මෙහෙන් ඇහෙන හෝන් සද්දෙත් එන්න එන්නම වැඩි වෙනවා. බස් එකේ අයත් කුනු කුනු ගාන්න පටන් අරන්.

රියදුරු මහත්තයත් ඔලුව බේරගන්නද කොහෙද ඇහෙන නෑහෙන ගානට වගේ කිව්වා පාර වහල වගේ කියලා. තවත් මහත්තයෙක් ඒත් එක්කම වගේ කිව්වා ඔන්න මහ සභාවක් රැස් වෙන කතාවක්. ඉහලට ඇද්ද හුස්ම පහලට දාගන්න බැරුව හිටිය පැංචි ඔරලෝසුව දිහා බැලුවා.

අපේ ගොඩක් මහත්තුරුන්ට වගේ සීට් එකට තියන කෑදර කමට පැංචිට නැගිටලා යන්න හිතුනෙත් නෑ. බස් එකේ එකා දෙන්නා බැහැලා ගිය නිසා අදි මදි කර කරම නැගිට්ට පැංචි චිරි චිරි වැස්සේ පයින්ම ඉස්සරහට ඇදුනා.

වතුරත් දෙබෑ කරගෙන, නලා පිඹගෙන එක පෙළට කඩන් බිඳන් යන කළු රථ පෙළ දැක්කම පැංචිට මතක් වුනේ නාලාගිරි ඇතා ගේ ගමන.චිරිස් ගාලා වැදුන මඩ වතුර පාරකින් බස් නැවතුම් පලේ අයගෙ ඇඳුම් බතික් වුනා.

"ඔය යන විදිහට තමයි අපටත් පිඹන් යන්නේ" , කොහෙන්දෝ කියනවා ඇහුනා.

කකුල් කෙඩෙත්තුව බලන්නෙ නැතුව පැංචි පයින්ම කන්තෝරුවට ඇදුනේ ඇඟටත් හොඳයිනේ කියලා.ඒත් කන්තොරුවට අඩිය තියන්නත් කලින් සෙරෙප්පු පටිය කැඩිලා විසි වෙනකොට නම් පැංචිට කේන්ති ගියා.ඔන්න ඔය වෙලාවෙ තමයි අපේ පැංචිට හිතුනේ ඊළඟ පාර ඡන්දෙටනම් ගමේ යන්නෙ නෑ කියලා.
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com2tag:blogger.com,1999:blog-7468573439538654459.post-53939334248514427222009-01-18T06:42:00.000-08:002009-01-26T08:50:19.119-08:00තවත් දවසක්......!

පැංචි ජනේලෙන් පිටත බැලුවෙ ඇඟ හිරි කඩමිනි.අම්මෝ දවල් වෙලා තියන තරම්.ඇදෙන් බැස්ස බවක්වත් ඇයට මතක් වුනේ නැත.මෙන්න වැඩට යන්න ලෑස්තිත් වෙලා.....8ට කලින් නොගියොත් දෙයියන්ගෙම පිහිට තමයි.

කඩිමුඩියෙම බෝඩිමෙන් එළියට බැස්සේ කට කපලා පුරවන් යන බස් එකකට අත දාන්න බලාගෙන. මොන අතද? නහයවත් දාගන්න පුළුවන් වුනොත් ඇති.යන්තම් සන්තම් සාඩින් ටින් එකට ගොඩවුණ පැංචි එහාටත් ඇඹරුනා මෙහාටත් ඇඹරුනා.

අගේට gelටික ගාලා පීරපු කොන්ඩේ බේර ගත්ත පැංචි දෙකට තුනටම නැමිලා තනි කකුලෙන්ම ගමන පටන් ගත්තා.ඔන්න ඒ පාර කලිසම් කමිස ඇඳ ගත්ත ජේත්තු කාරයෙක් පැංචි ට බැලුම් හෙලන්න පටන් ගත්තා. ඒ විතරක්නම් මදෑ ඔන්න ඒ පාර ඇගෙත් තදවෙනවා. මේන් බොලේ දැන් ජේත්තු කාරයා පැංචිගේ ඇඟටත් jack එක ගහනවා.

අලි මදිවට හරක් කිව්වලු. නිකන් හරක් නෙමයි ගොන් හරක්!

පැංචිගේ ගිනි දැල් පිටවුනු බැල්මෙන් දැවිලා ගිය ජේත්තු කාරයා බස් එකේ පිටි පස්සටම ලිස්සලා ගියේ හරියට ගල් ආඳෙක් වගේ.

සුසුමක් හෙලු පැංචි අමාරුවෙන් අනිත් කකුලට බරවුනා. ඒ පාර කොන්දොස්තර මල්ලි සල්ලි ඉල්ලනවා. පැංචි අල්ලන් හිටපු පොල්ලත් අත ඇරලා බෑග් එකට අත දාලා සල්ලි කොලයක් මල්ලිගෙ අතේ තිබ්බා.

එක පාරටම ගහපු break පාරකින් පැංචි පියාඹන්න පටන් ගත්තා. යන්තම් දුන්න ගහගත්ත පැංචිගේ දත් කුට්ටම බේරුනේ අනූනමයෙන්. කව්ද දන්නේ බස් වල circus දාන්න ලැබෙයි කියලා.වෙලාවට bellbottom එකක් ඇඳලා හිටියේ.

බහින තැනත් ළඟයි. පැංචි නැවතත් ඓහෙට මෙහෙට ඇඹරුනා. පුහ්....! බහින්න වෙන්නේ ජනේලෙන් තමයි. Footboard එකේ එල්ලිලා ගිය කොන්දොස්තර මල්ලිත් ජනේලෙනකින් රිංගලා ඇතුලට ආවා.

කව්ද ඇදපු bell එකකට බස් එක ජරබරාස් ගාලා නැවැත්තුවා. එහෙන් මෙහෙන් රිංගලා අතයි කකුලයි එලියට දාගත්ත පැංචි වෙර වීරිය දාලා ශරීර කූඩුවත් එළියට ඇදලා ගත්තා. අනේ අගේට පීරපු කොන්ඩෙ හරියට පිස්සිගෙ පලා මල්ල වගේ.

යන්තම් ඇඳුමත් හරිබරි ගහ ගෙන කන්තෝරුවට ඇදුන පැංචිට වැඩ කරන ගමන් හිතුනෙ circus ඉගෙන ගත්තොත් නරකද කියලයි.
Naදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.com6