Sunday, July 25, 2010

ඔන්න ඔහොමලු වුණේ

අපේ ගෙදර මේ දවස් වල එකම ගාලගෝට්ටියයි. අම්මලා දූලා ඔක්කො ඉන්නේ පුදුම සතුටකින්. මම ඉතින් ඔය ගෑණු ප්‍රශ්න වලට වැඩිය එබෙන්න යන්නෙ නෑනේ. දූලාගේ අම්ම කියන විදිහට මේ වසන්ත කාලෙලු ගත වෙන්නේ. අනේ මන්ද ඕවා.

ගෙදර කෑගැහිල්ල වැඩි හින්ද මං දවසක් නිස්කාන්සුවේ ඉන්න හිතාගෙන එළියට බැස්සා. එළියෙත් යම යුද්ධයයි. මෙච්චර කාලයක් මේ මිනිස්සු ඇස් කන් නාස් වහගෙනනේ අම්මප ඉඳලා තියෙන්නේ. කාණු අස්සේ නිදන්ගත කුණු ඔක්කොම මහ පාරට අදිනවා. හප්පේ ගඳ....මේවා රුපියල් සත වලට හරවන්න පුළුවන් ක්‍රමයක් වැරදිලාවත් හොයාගත්තනම් බෙහෙතකටවත් හොයාගන්න ලැබෙයි කුණු ටිකක්..! එහෙනම් පුරාවස්තු මංකොල්ල කරුවො ඇරුණම කුණු මංකොල්ල කරුවොත් බිහි වේවි.

ඇත්තටම මොකක්ද මේ හදිස්සිය? හැමෝම එකටම වැඩ. අල්ලපු වත්තේ සෝම අක්කයි දූලා පුතාලයි හරි හරියට වැඩ. බලමු පොඩ්ඩක් ඔලුව දාලා.
 "ඔන්න ඔය ටින් කබල් ටික වලලපන් පුතේ. කොළ ටික එක්කාසු කරලා පුච්චහං. අර ඉස්කෝලේ මහත්තයගේ දොස්තර දුවට අන්න අන්තිමයි ලු"
"ඇයි අම්මේ අපේ ඉස්කෝලේ ටීචර්ලා දෙන්නෙකුටයි පොඩි පන්ති වල ළමයි තුන් දෙනෙකුටයිත් අමාරුයිලු. දැඩි සත්කාරෙලු."
"ඒකනේ බං මේ කරුමක්කාර මදුරුවටත් වෙන යන්න තැනැක් නැතුවට ඇවිත්. කිරි සප්පයෝ කීදෙනෙක් නම් මේ කරුම ලෙඩෙන් විඳවනවද?
 "ඔන්න ඔය කොළ ටික ගොඩ ගහලා පුච්චහං මදුරුවො ටික ඔක්කොම මකබෑවිලා යන්න"
හෆොයි චුත වෙන්න ඕනි ඉක්මනට නැත්තං මොනවයින් මොනා වෙයිද දන්නේ නෑ. මොනා වුණත් සෝම අක්කා ඉන්නේ පුදුම කේන්තියකින්. අහවල් එකක් කලාටද මේ අපේ සනුහරේ නැති කරන්න හදන්නේ? එකත් එකටම දුලගේ අම්මගෙන් අහන්න ඕනි මේ හතරබීරි කතාවේ තේරුම. එයත් නොදන්න වේපරයිසරයක් නෑනේ. මොනා වුණත් ගෑනි මට වැඩිය අපේ පවුල ගැන හිතනවා. ඒකි නැත්තං දරුවෝ හාමතේ මියැදෙනවා සිකුරුයි.

"ඈ හාමිනේ මොකක්ද මේ අපේ වරිගේ නහන්න හදන කතාව?"

"හෑ....ක් කව්ද ඔහෙට කිව්වේ? හහ් එව්වා කොහෙද? මටත් දැනුනා වැඩේ. ළඟඳි ඉඳලා මුන් ඔක්කොම හරි වෙනස්. මෙච්චර කාලෙකට මුන්ට අපිව ප්‍රශ්නයක්  වුණේ නෑ. දැන් එනවා මෙතන අපිව මට්ටු කරන්න. ඇයි යකෝ මෙච්චර කල් මුන් කලේ තම්බගත්ත දෙයක් දඩිබිඩියේ උගුරෙන් පහලට දාගෙන මෙලෝ සිහියක් නැතුව අස්ප රේස් ගිය එක, ඇන කොටා ගත්ත එක, මරාගත්ත එක, බොරු කිය කියා උන්ගෙම එවුන් රවට්ටපු එක. තමන්ගේ කුණුත් අනුන්ගේ වතු වලට අත ඇරලා පරිසරයට හෙන ගැහුණත් ඇස් කන් තද කරගෙන හිටිය එක. දැන් හීනෙන් නැගිට්ටා වගේ එනවා අපේ වරිගේ අතුගාලා දාන්න.බලමු කව්ද දිනන්නේ කියලා"

හප්පේ අපේ ගෑනිගේ කටත් බෝක්කු කටක් වගේ නෙමෙයි ඒකක්ම තමයි. හුස්ම ගන්නවත් නතර වුණේ නෑනේ හැබෑටම. ඇහුව මෝඩකම. මොනව වුණත් මෙතන ලොකු කොස්සක් තියන හැඩයි. එකත් එකටම මේක අපේ හාමිනේ පහුගිය දොහේ ගෑනු ටික වට කරගෙන කාන්තා සමිතියක් අටවගෙන කරපු මොකක් හරි අටපට්ටම් වැඩක් වෙන්න ඇති. මට ඇහුණ ඒත් ඔන්න ඔය කුණු වතුර උනත් කමක් නෑ වැඩේ හරියට වෙනවනම් කියලා කාටද හයියෙන් කියනවා. රඹුටන් වාරේ ආපු එකත් හොඳට ගියා නේද කියලා තව ඇත්තියක් එක්ක මහ හයියෙන් හිනා වුණත් එක්ක.

හැබෑම තමයි මල්වානටත් රිලවු වවුලො එහෙම පනිනවලු. උනුත් රඹුටන් කාලා යනවා ඇති හැබැයි මෙහෙම වනසන්නේ නැතුව ඇති. ගෙවල් දොරවල් කල එළි උනාට මොකද ටවුම පැත්තේ කරක් ගැහුවමයි දැක්කේ සතර අපාය. සමහරවිට ටවුම කාගෙවත් බූදලයක් නෙමෙයි නිසා වෙන්න ඇති. ඉතින් හාමිනේටවත් සමිතියටවත් බැනලා වැඩක් නැ බැලුවම.

මගේ හාමිනේ වුණත් කරන්නේ වැරද්දක්කනම් වැරැද්ද වැරැද්දම තමයි. ටිකක් තදින් ඉන්න ඕනි. කොහෙද ඉතින් අම්මට කෑගහන කොට දූවරුත් එනවනේ මාව තම්බන්න. උන් ටිකත් අම්මගේම අච්චුව. මුන් නම් දරුවෝ නෙමෙයි මරුවෝ.

"ඔන්න ඔන්න මදුරුවෙක් ....ගහන්න ගහන්න.."
"චටා.....ස්"
අම්මෝ...............................................................!

13 comments:

  1. ඇත්තටම ඔහොම වෙනවා නම් හොඳයි.....ඒවුනාට අපි ඇහැකි විදිහට වතු වැහිපීලි සුද්ද කොලාට......වපුරන්නේ නැති..වතුර ගලන්නේ නැති වැහි වතුර පිරිච්චි වෙල් යායවල් කොයිතරම් අද තියෙනවාද?...මාලුවෙක් වත් එන එකක්යැයි......අනේ මඳ...තා කීදෙනෙකුට වැලිග්ම්පිටි පැත්තේ යන්න වෙයිද දන්නේ නෑ කස්ටියගේ ඇස් ඇරෙන්න.....:(

    ReplyDelete
  2. බුහා..හා..
    අද නම් මරේ මරු ස්ටෝරිය..ඔය කතාව කියන ඇත්තෙකම නේද දුන්නේ පැංචිටත් ෂොට් එක හොස්පිටල් ගිහින් නතර වෙන්නම...! හප්පේ අපේ තට්ට අයිය බේරුනේ නූලෙන්..!

    ReplyDelete
  3. අපේ උන්ට දැන් තමා මතක් වෙලා තියන්නේ ....

    ReplyDelete
  4. කොහොමත් ලාංකිකයට දෙයක් මතක තියෙන්නේ සතියයි..ඇයි ඔක්කොම තියෙන්නේ RAM එකේනේ...

    ReplyDelete
  5. @Shadow/හේමලයා: කස්ටියගේ ඇස් මේ කපේට ඇරෙනවා බොරු. ඇයි ඉතින එක එක කාලෙට හිතන්න දේවල් කෝටියයිනේ.

    @ෆා ද බ්ලොගී: පැංචි දන්නවා තුවාලේ අමාරුව. අනේ අපේ තට්ට අයියට බුදු සරණයි.තට්ට අයියට විතරක් නෙමෙයි ‍රෝගී නිරෝගී හැමෝටම බුදු සරණයි.

    @Unknown_User/හිඟන්නා: කියලා වැඩක් නෑ. කුණු කියන්නේ ලංකාවේ කුණු වෙන ප්‍රශ්නයක්.

    @ ජීවිතේමල්: සහතික ඇත්ත. හැබැයි හැමදාම විඳවන එකාට මැරෙන මොහොතෙත් මතකයි හැමදෙයක්ම. විමාන වල භවන් වල ඉන්න අයට නම් මේ වෙන ඔක්කොම චිත්‍රපටියක් විතරයි.

    ReplyDelete
  6. හා... කාලෙකට පස්සේ... :) හොඳ කතාව, මදුරු ඇහින් දකින විදිය. අර කුඹුරු වල වතුරෙන් මදුරුවෝ බෝවෙන එක්ක ඇත්තටම වෙනවද? එහෙනම් ඉතින් විනාසයි...
    වෙලාවකට හිතෙනවා ජනගහනය පාලනය වෙන්න මේවා ස්වභාවධර්මයෙන්ම වෙනවද කියල. මොකද දැන් යුද්දෙන් මිනිස්සු මැරෙන නැති නිසා. පහුගිය දවස් වල හරියට මිනීමැරුම් වෙලා තියනවත් පත්තරෙන් දැක්ක. අනේ මන්දා...

    ReplyDelete
  7. @SACHIRA: ඒක නම් ඇත්ත. මේක හැබෑම ප්‍රශ්නයකත් වුණානේ.

    ReplyDelete
  8. හප්පද බොලග දැන්නේ තේරුණේ... දඟයා කාලේ මං ඔය ව‍ගේ රචනාවකුත් ලිව්වා. "මදුරුවෙක් කතා කරයි" කියලා. හැබැයි පේලි දෙකයි. කතාව පටන් ගන්න කොටම කවුදෝ එකෙක් "තස්" ගාලා හොඳ අත්පාරක් දුන්නා. මදුරුවා මලා.
    අපූරු කතාව. ටියුබ්ලයිට් උන්ට පස්සේ තේරෙන කොට මාර ආතල්...

    ReplyDelete
  9. සිරා කතාව අක්කේ. අමුතු විදිහකට වටිනා කතාවක් කියලා තියෙනවා :)

    ReplyDelete
  10. @කුෂාන් ඇස්. වන්නිආරච්චි: අපි උන් ගැන හිතන එකේ උන් මේ ගැන කොහොම හිතනවා ඇද්ද කියලා හිතුණා. මෙහෙම නෙමෙයි වෙන්න ඇති හිතෙන්නේ. බොලාගේ රචනාවට වඩා පැංචිට මේකට ලකුණු ලැබෙයිනේ?

    @Hasitha: මලයගේ කොමෙන්ටුවත් වටිනවා!:)

    ReplyDelete
  11. නියම කතාව..

    ReplyDelete
  12. බොහෝද් ස්තූතියි!

    ReplyDelete
  13. ඔය පැත්තේ නැද්ද ගස් බඳින ඇමති කෙනෙක් එහෙම හිටියනම් මොනා හරි කරලා දෙයි :-D

    ReplyDelete