කන්තෝරු ගමනත් බක් ගාලා නැවතිච්ච එකේ පැංචි දැන් බොහොම විවේකි, අල්පේච්ඡ, දැහැමි හා නිවුණු දිවිපෙවතක් තමයි ගතකරන්නේ. තුන් වේලටම දෙයියනේ කියලා කාලා දිනපතා ස්නානය කරලා ඔය කියන විවේකය ගතකරනවා. හැබැයි ඉතින් ඔය විවේකයට කණ කොකා අඬපු එක්තරා අඳුරු කාලයකුත් පැංචිට ආවා.
සහශ්‍රයේ රජුට පිං සිද්ද වෙන්නඅම්මා මුත්තා කාලෙට පස්සෙනේ මේ හැමෝම නිදහසේ ගඳ සුවඳවත් විඳින්නේ. ඒත් ඉතින් මේ කරුමක්කාර ඩෙංගුවාගෙන්නේ බේරෙන්න බැරි. හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්ත වගේ. පඳුරක් පඳුරක් ගානේ ගහක් ගලක් ගානේ ඩෙංගු. ඒ මදිවට තව උෘරෙකුයි මීයෙකුයි සෙට් වෙලානේ මදි පාඩුවට. එතනින් නැවතිලා බේරුණොත් ඇති. සත්තු වත්තම පාරට බැහැලා මෙහෙම මනුස්සයට ගින්දර දෙන්න ගත්තොත් මිනිහා කියන සතාට වෙන්නෙ කූඩූවට යන්න. එහෙනම් තව අවුරුදු කීපයකින් මනුසත්වත්තට ආපු වඳුරු ගැටයෙක් වඳුරු අම්මගේ අතේ එල්ලිලා අහයි අම්මෙ අම්මෙ අර සතාටද මිනිහා කියන්නෙ කියලා. වඳුරු අම්ම ඔව් කියලා නිකන් හිටියොත් ඇති. ඔව් මයෙ රත්තරං අපි පැවතගෙන එන්නෙත් උන්ගෙන් තමයි කියලා කිව්වොත් මොන නව නංගිරාවක්ද? බෑ බෑ එහෙම වෙන්න දෙන්න බෑ. ඒත් දැං බලන්න මේ ඩෙංගුවා කරන විපතක තරම.
මෙන්න මේ අඳුරු, භීෂණ -අපොයි වැරදුණා, අඳුරු සීතල කාලවකවානුවේ තමයි ගහක් ගලක් වගේ හිටිය පැංචිත් හිටි ගමන් ඇඳට වැටුණේ. ඔය කාලෙම තමයි යම ගේමක් දීලා කෙලින් කරපු පැංචිගේ කොණ්ඩ ගස් එක දෙක වකුටු වෙන්න ගත්තේ. හරි අපරාදයක් වුණේ. හැබැයි වරදවා හිතන්න එපා. මේ අපරාධය පැංචිට වුණේ වාසිටියේ ගනුදෙනු වගයකට කොළොම්පුරේ ගිය කාලයේදී. නැතුව ගම්තුලානෙදි එහෙම නෙමෙයි. ඩෙංගුවෙක් තියා කෝඳුරුවෙක්වත් මේ අහලක පැංචිගේ ඇහැ ගැටිලා නෑ.
තත්වය ටිකක් නරක අතට හැරිලා රෙඩ් ලයිට් පත්තු වෙනකොට පැංචි රෝහල් ගත කෙරුණා. අනේ එදා ඉඳලා හත් දවසක්ම පැංචිට හරි හමන් කෑමක් බීමක් නෑ. ඇපල්, දොඩම්, සුප් වගේ දේවල් දොස්තරලගේ වදෙන් බේරෙන්න බැරි කමට කෑවා බීවා මිසක් නැත්තම් පැංචිට අල්ලයි ඔය අරුමෝසම් කෑම. යන්තම් ඇහැ කන ඇරගන්නපුළුවන් වෙනකොට පැංචි දැක්ක නරකම දේ තමයි බොහෝමයක් සුදු කබා දාගත්ත නූතන ජීවකයෝ තමන්ගේ ආච්චිලා, අම්මලාවගේ ඉන්න අසරණයින්ට කන පිරෙන්න කතා කරන හැටි. අනේ ඉතින් අර අහිංසකයෝ කබලෙන් ලිපට වැටුණා වගේ තමයි. මනුස්සයා මනුස්සයටම මෙහෙම කරනකොටනම් හිතෙනවා ඩෙංගුවා ඊට වැඩිය හොඳයි කියලා. ඇනලා ගියත් කවදාවත්බැනලා යන්නෙ නෑනේ. ඔය ටික දොහට පැංචිට හිතුණේ ලෙඩ විතරක්ම සනීප වෙලා මදි තව සුව කරගන්න ඕන තැන් බොහෝමයක් මිනිස්සුන්ගෙත් රටේත් තියනවා නොවෙද කියලා.
Sunday, July 19, 2009
Friday, July 17, 2009
මෙන්න පැංචි ආ......වා.....
හා.............උදේම නැගිටින එක නම් දැං පැංචිට මරන්නා වගේ. එකමත් එක කාලෙක නම් පැංචි උදෑසනින් අවදිවෙලා කන්තෝරු ගියාලු. ඒත් දැං....කොම්පැණිය වැහුවත් හරි ෆා ද බ්ලොගී නංගියි එයාගේ (හික් හික්) Sithangi ලියන සහෝදරයයි නන්නත්තාර වුණා. ඒකනේ මාස ගානක් යනකන් කාගෙන්වත් බ්ලොග් වැටුණෙ නැත්තේ. දැං ඒ තත්වය තරමක් දුරට මඟ හැරිලා තියෙන්නෙ. ඔය ගන්ධබ්බ වකවානුවේ පැංචිටත් හුටපට ගොඩාක් වුණා. හිටින්න පොඩ්ඩක් හිටින්න......තාම පැංචි නැගිට්ටා විතරයි. සුපුරුදු මෝල්ටඩ් පානය අරගෙන වාඩි වෙනකන්.
ඕං හරි. ඉතින් ඉතින් මාස ගානක කතන්තර තියනවා කියන්න. පැංචිව ගොඩ දෙනෙක්ට අමතක වෙන්නත් ගිහිල්ලා නේද?ඒකට කමක් නෑ. පැංචිගේ හිතේ කහටක් නෑ. තිබ්බ ටිකත් මේ දැං තේ කෝප්පෙට දිය කලා.
ඉස්ඉස්සෙල්ලාම කියන්න ඕනි පැංචි දැං මොඩ් වෙලා ඉන්නෙ. කැරලි ගැහිලා තිබ්බ උපන් කොණ්ඩෙ පැය හයක් විතර පොර බදලා කෙලිං කරගත්තා. උදව්වට දෙන්නෙක්ම හිටියා. එක්කෙනෙක් දකුණෙන් ඇද්දා. අනිකා වමෙන් ඇද්දා. පැංචිට තරු එක දෙක පේන්න ගත්තා. තරු වගේද මොඩ් වුණාම කියලා හිත දැඩි කරගත්තා. ඒත් කිව්වම මොකද හීන් දාඩියකුත් එක්ක ඇස් වලින් කඳුලුත් පැන්නා. මූණ ජම්බෝලේ වගේ විච්ච නිසා එයාලට දුක හිතිලා ෆ්‍රී ඔෆ් චාජ් නෙස්ටමෝල්ට් එකක් දුන්නා ප්‍රබොධමත් වෙන්න. භාගෙට පණ ගිහින් කැරකෙන පුටුවෙන් නැගිටින කොට එක්කෙනෙක් කිව්වා ගිහිං පැනඩෝල් පෙති දෙකක් ගන්න කියලා. කට්ටක් කෑවට මොකද කණ්ණාඩියෙන් මූණ බලන කොට තමයි පැංචිගේ දෙහි ලෙල්ලක් වෙලා තිබ්බ මූණට පැඟිරි ටිකක් වැටුණෙ. හප්පා....ඔයින් ගියා මදෑ. මොඩ් වුණ එකත් මෝඩ නොවී විච්ච එක ගැන හීන් සතුටක් පැංචිට දැනුණා.
කොණඩෙත් කෙලින් කරගෙන පැංචි අන්තිම කාලේ කන්තෝරු ගියේ හරියට බෑග් එකේ මොණරු ඉන්නවා වගේ තමයි. වෙන කොම්පැණි වල අය නෝපේ(no pay) නිවාඩු යනකොට පැංචිලාගේ කොම්පැණියේ අය නෝපේ වැඩ කලානේ. ඉතින් ඔය කාලේ පැංචියි, ෆා ද බ්ලොගී නංගියි සෙට් වුණා සීයෙ කෑලි කඩේකට. ඒකත් අමුතු පහේ සෙල්ලමක් වුණා. නා නා ප්‍රකාර ඇඳුම් ආයිත්තම් වලින් ඒ කඩේ පිරිලා තිබුණා. උඩ බැලුවත් රෙදි බිම බැලුවත් රෙදි. රෙදි ගොඩකට පැනලා හිතේ හැටියටතෝර ගන්න තමයි තයෙන්නෙ.
දවසක් පැංචිට බ්ලොගී නංගිව අමතක වුණා.රෙදි තෝරගෙන කවුන්ටරේ ලඟට එනකොට තමයි මතක් වුණේ. පැංචි ටිකක් ගැස්සිලා සෙනඟ කන්දරාවේ එහේ මෙහේ බැලුවට දර්ශන පථයේ කොහේවත් බ්ලොගී නංගි හිටියේ නෑ. ටක් ටික් ගාලා ෆෝන් එක අරන් කැරකුවා අංකේ. මෙන්න බොලේ ඒක රිංග් වෙනවා රෙදි ගොඩක් අස්සෙන්. අනේ අප්පේ....පැංචිගේ පපුව හෝස් ගාලා දාලා ගියා. බ්ලොගී නංගි රෙදි කන්දකට යට වෙලා. දනි පනි ගාලා ඒකෙන් ඇදලා ගන්නකොට තමයි දැක්කෙ. නරකම නෑ වැඩේ! තෝර ගත්ත ඇඳුම් අතේ පයේ බෙල්ලෙ ඔතාගෙන ඉඳලා සද්දන්ත ඇන්ටි කෙනෙක් රෙදි ගොඩක් කියලා ඇදල අරන් විසික් කරලා. කෙලින් කටින් වෙලා පැංචි සල්ලි ගෙවලා බ්ලොගී නංගිවත් ඇදගෙන එතනින් එළියට පැන ගත්තෙ දෙන්නවම ඔතලා මලුවලට දාන්න කලින්.
අනේ මේ වගක් බ්ලොගී නංගිගෙන් අහන්න ඔනි නෑ. ඇහුවත් ලැජ්ජාවට කියන එකකුත් නෑ. ඔන්න ඔය වගේ තව අලකලංචි එමටයි. එහෙනම් පැංචි ආයෙත් එන්නම් රස කතා මල්ලක් අරගෙන. එතකන් බා............යි.
Sunday, July 12, 2009
ආවා.....ආවා.....ආවා.....
ආයුබෝවන් ආයෙත් හැමෝටම
මෙන්න පැංචි ආයෙත් ආවා බොහොම කාලෙකින් ! පැංචිටත් මේ ටික දොහට වුණේ සුලු පටු දේවල්යැ...... හා හා ඕවා මෙහෙම ආවට ගියාට කියන්න බෑ. හිටින්කො පැංචි ඩිංගිත්තක් හති ඇරලා එනකං......එතකං දඟ වැඩ එහෙම බෑ ඔන්න...

Saturday, March 21, 2009
පැංචිගේ වා.......සිටි විත්ති
ඔයාලට කියන්න මෙහෙම හයක් හතරක් නොතේරුණා වගේ හිටියට පැංචි වාසිටි යෙත් කරක් ගහලයි ඇවිත් ඉන්නෙ.මිණිපිරීගේ පෙර පිනක් නිසා තමයි වාසිටි යන්න ලැබුණේ
කියලා පැංචිගේ ආච්චි අම්මා කිව්වට මොකද පැංචිට නම් ගිය දවසේ ඉඳලා හිතුණේ මොකක්දෝ පෙර පවක් පඩිසන් දෙනවද කොහෙද කියලා. අනේ ඉතින් ඒ වෙන
අහවල් දෙයක් නිසාවත් නෙමෙයි දන්න කියන ගම රට දාලා නොදන්නා දීපංකරයක තනි වෙන්න වුණ නිසයි. නොදන්න පුඩිමට වඩා දන්න බිබික්කම හොඳයි කියලා පැංචිට
හිතුණ වාරත් අනන්තයි. ඒත් ඉතින් මේක සුලුපටු වරප්‍රසාදයක්ද නිකන් කෙහෙල් ලෙල්ලක් වගේ විසික් කරන්න?
ඕකෙන් මේකෙන් කොහොම කෙහොම හරි සබ්බ
සකලමනාවම නැව් පටවගෙන පැංචි වාසිටි එන්න පිටත් වුණා.
වාසිටියත් මහ අරුම පුදුම වැඩ සිද්ද වෙන තැනක්. වෙලාවකට මාර ජොලි වෙලාවකට මාර ඇණයක්. ඔය හැම දුකක් සැපක්ම ඉතින් තරාදිය වගේ බැලන්ස් එකේ තියනවා.
ඉතින් දවසක් වාසිටි කොල්ලො කෙල්ලො ටික එකතු වෙලා අමුතු පහේ ප්‍රසංගයක් සංවිධානය කලා. ඒකාලේ බල්ලා පූසා පවා හොඳට අඳුරන තරු රැල්ලෙ කොල්ලො ටිකක් කමයි ප්‍රසංගයට සහභාගි වුණේ. බණක් දහමක් පිරිතක් වෙලාවට අතේ ඇඟිලි ගානට සෙනඟ හිටිහට මොකද
එදානම් පෝලිම් පහක් හයක් තිබුණා. බලන්න ඇවිත් හිටියේ බොහෝමයක් කාන්තා පාර්ශවයේ උදවිය. ඒකත් මේ හරියට මේ කාලේ හැමතැනම තියන රූපලාවන්‍ය
වැඩමුළුවක් වගේ. වෙනසකට තිබ්බේ තරු කොල්ලො ටික කොණ්ඩ දාන කපන හැටි උගන්නනවා වෙනුවට සිංදු කියපු එක.
පැංචිත් ඉතින් හැමදේටම ඔලුව දාන එකේ ඔය ආටක නාටකයත් පොර කන කෙල්ලො රොත්තට වැදිලා උදේට ප්‍රයිවට් බස් එකේ යනවා වගේ තනි කකුලෙන්ම හිටගෙන බලන්න පටන් ගත්තා. තරු කොල්ලො එකා දෙන්නා ඇවිත් එක එක ජාතියේ ගීත ගායනා කරලා ගියා. ඔය අතර හිටිය හීන්දෑරි උස තරු හාදයා වේදිකාවට පය තිබ්බා විතරයි ප්‍රේක්ෂකාගාරය දෙවනත් වෙන්න වාසිටි කෙල්ලො ටික බෙරිහන් දෙන්න ගත්තා. මෙලෝ රහක් නැතිව උන් තැනින් හෙලවෙන්න බැරිව හිටිය පැංචි උඩ ගිහින් බිමට වැටුණේ මෙච්චර වෙලා යසට හිටිය ලඟ හිටපු කෙලි පැටික්කියක්
ගිරිය යටින් කෑගහන්න පටන් ගත්ත නිසා. ඒ මේ හීන්දෑරි තරු හාදයගේ උන්මන්තක රසවතියක්. ප්‍රේක්ෂකාගාරයෙන් 99%ක්ම හිටියේ එහෙම උදවියයි.
ඔන්න ඉතින් අර හීන්දෑරි තරුණයා කෙල්ලන්ගේ ප්‍රීතිඝෝෂා මැද එක එක සෙල්ලම් දානවා. සිංදුව කියන ගමන් මිනිහා නිකමට දකුණු අත ඔසවලා ආචාර කලා මෙන්න බොලේ කෙල්ලො ටික ආය එක
හඬට කෑගහන්න ගත්තා. ආය ටික වෙලාවකින් ඒ හාදයා රවුමක් කැරකිලා වම් කකුල ඉස්සුවා. සෙල්ලම් නෙමෙයි මෙන්න කෙල්ලො ටික ආය කෑගහන්න ගත්තා.
හරි පුදුමයි ඒ හාදයගේ ශරීර අවයව වලට තිබුණේ මහ බලගතු ශක්තියක්. ඕක බලාගෙන හිටිය වාසිටි කොල්ලන්ට උූරු ජුවල්. අපි අතක් කකුලක් නෙමෙයි ශරීර කූඩුවම හෙල්ලුවත් මුන්ට
ගානක් නෑ. ඒකට දැං කියලා කොල්ලො ටික දෙනා එකතු වෙලා අර හාදයා සිංදුව කියලා බැහැලා යනකොට දුන්නෙ නැද්ද හූ පාරක් පලාතම දෙදෙරන්න. කෙල්ලො පරාදයි. ඒ
සද්දෙන් ටිකක් හෙල්ලුණ අර හාදයා හෙමීට සහපිරිවර සමඟ එතනින් ලිස්සලා ගියේ ගල් ආඳෙක් වගේ.
ඊට පස්සෙ වාසිටියේ සුළු සුළු කළබගෑනි ඇතිවේන්නත් පටන්ගත්තා.
කොහොම කොහොම හරි එදා වුණ ඇබැද්දියෙන් පස්සෙ ගමේ වැළ ගෙඩි ටික ගමේ කාක්කො ටික බොහොම ප්‍රවේසමෙන් බලා කියාගන්න ඉදිරිපත් වුණා.
හැබැයි ඉතින් පහුවෙනිදා තිබුණ ගෝලීයකරණය හා තුන්වෙනි ලෝකය දේශනයට සහභාගී වෙලා හිටියේ ඉස්සරහා පේළි තුන පිරෙන්න තරම් පිරිසක් විතරයි.

Sunday, March 15, 2009
Good Morning මෙයාලා!
බිසී දවස් කීපයකට පස්සෙ ඔන්න අද තමයි පැංචි පෙනහලු දෙක පිරෙන්නම හුස්මක් ගත්තේ.මොකද දන්නවද අද පැංචිගේ සෞඛ්‍ය දවස. පැය 7 බියුටි ස්ලීප් එක පැය 10 දක්වා දීර්ඝ කරගෙන දෙයියනේ කියලා පාන්දර 9ට විතර තමයි පැංචි ඇහැරෙන්නේ.
ඔන්න ඉතින් පැංචිගේ සෞඛ්‍ය දිනයේ අනිවාර්ය අංගය තමයි හිසතෙල් ගා ස්නානය කිරීම. මොකද මේ නැකත පැංචිට උදා වෙන්නෙ අර මොකාද විය සිදුරෙන් අහස බලන දවසටලු. මේ දවසට පැංචිගේ ගෙදර කුස්සිය පැත්තේ අඩුම කුඩුම එහෙම ටික ටික අඩුවෙනවා. අයිස් පෙට්ටියෙන් ගත්ත cucumber ගෙඩියක භාගයක් බඩට යනකොට අනිත් භාගෙන් මූණට සැලඩ් වැටෙනවා. කුස්සියේ පාටවත් හරි හැටි දන්නෙ නැති පැංචි අතින් එදාට කෑම වට්ටෝරු ගොඩක් හැදෙනවා හැබැයි එකක්වත් කෑම මේසෙට යන ඒවා නෙමෙයි.
කොහොම කොහොම හරි කේශාන්තයේ සිට පාදාන්තය දක්වා තරු පහේ සැපක් දීලා දවසින් භාගයක්ම පැංචි ගතකරන්නෙ අංශක 180ට තමයි.
ඔන්න ඉතින් අදත් එහෙම දවසක් නිසා එහෙ මෙහෙ දුව දුව බ්ලොග් ලියන්න තරම් තදියමක් නම් නෑ.ඒ වුණත් තදියම නිසා පැංචිට වෙච්ච අලකලංචිනම් එමටයි. මේ එහෙම කතන්දරයක් කියන්න තමයි පැංචි තේ කෝප්පෙ තොල ගාන ගමන් හරිබරි ගැහුණේ.
කිව්වම මොකද පැංචි කෑමට වඩා හරිම කෑදර නින්දා ගන්න.ඒක ඉතින් මේ හැමෝටම වගේ වැළඳිලා තියන ලෙඩක් නොවන ලෙඩක්නෙ. මේ දවස් වල තරමක් සීතල නිසාම නින්දෙ යනවත් වැඩියි.හැමදාම උදේට alarm එක off වෙන්න හදලා තියෙන්නෙ ස්වයංක්‍රීයවම බැට්රි බැහැල off වෙන විදිහට.
දවසක් පැංචි ඔහොම දනි පනි ගාලා ඇහැරෙනකොට මෙන්න බොලේ කරන්ට් නෑ.කලුවරේ ජරමර කියලා කොහොම කොහොම හරි පැංචි කන්තෝරු යන්නත් සූදානම් වුණා.මොන කලබලේ වුණත් පැංචි ජැන්ඩියට පහට ඇඳලා තමයි කළඑළි බහින්නෙ.පාරට බැස්සට පස්සෙ ඉතින් අපේ සුසන්තිකා අක්කා කැලේ. වෙලා ගියාම පැංචි කරන්නෙම නැති වැඩේ තමයි ඔරලෝසුව දිහා බලන එක. කට කපලා ආපු පාන් පෙට්ටියකට ගොඩ වුණු පැංචිට ටික දුරක් ගිහින් හරිබරි ගැහිලා වාඩි වෙන්න සීට් එකකුත් ලැබුණා. එතකොටයි පැංචිට ක්ලික් වුණේ කවුරු කවුරුත් පැංචි දිහා ඕන කමෙන් බලනවා කියලා. එක අතකට අරුමයක් නෑ ඉතින් ඇහට විතරක් නෙමෙයි කනටත් පේන ගැටිස්සියක් වුණාම ඔහොම තමයි කියලා හිතලා ටිකක් ආඩම්බරෙන් පැංචිත් හිටියා. පුරුෂ පක්ෂය බලනකොට පැංචිගේ කම්මුල් රතු වුණාට මොකද කාන්තා පර්ශවය එහෙන් මෙහෙන් කොකන් කරනකොට නම් පැංචිට ඌරු ජුවල් නැග්ගා.
මොකක් හරි නමුත් වැරදිලා තියන බව පැංචිට ඉවෙන් වගේ දැනුණා. බස් එකේ ඉස්සරහ වීදුරුවෙන් යාන්තමට පෙනුන ඡායවෙන් පැංචි දැක්කා රෑට හරි මැදින් රූල ගහලා දෙකට බෙදලා ලස්සනට ගොතලා රෙදි පටි දෙකකින් ගැටගහලා තිබ්බ කොණ්ඩ කරල් දෙක ලිහුවෙ නෑ නේද කියලා. නැට්ට පිටින් අලිත් මැරෙන අද කාලේ ඕක මහ දෙයක් නොවෙන ගානට පැංචි අමාරුවෙන් ඇස් දෙක පියාගෙනම ගියා. අලි මදිවට හරක් කිව්වලු. පැංචි පස්සෙයි හරියටම දැක්කෙ කිටි කිටියේ තදවුණ අලුත් පන්නෙ මිනි සායට උඩින් කෝට් බ්ලවුස් එක කියලා කලුවරේ ඇඳලා තියෙන්නෙ රෑට සීතලට අඳින පරණ ජර්සි කබල නේද කියලා.ඒකත් තැනින් තැන අණ්ඩ දාලා තිබුණ නිසා පැංචිගේ මොඩ් එකනම් එදා හේ.........දිලා ගියා.

Sunday, March 8, 2009
ආයුබෝවන් හැමෝටම!
හා..........යි!
ඔන්න ඉතින් පැංචි ආයෙත් ආවා ගොඩ කාලෙකට පස්සෙ
පැංචි පහුගිය දවස් ටිකේ අපේ ගොඩක් අය වගේ ටිකක් විතර බිසී එකේ අනේ හිටියේ.
ඔය බිසී එක නිසා කොළොම් පුරේදි පැංචිට විච්ච අකරතැබ්බ අලකලංචි නම් එමටයි.
හැබැයි දැන්නම් ඒවා ගැන කියන්න වෙන්නෙ නෑ මොකද මම බිසී නිසා.
බා........යි!

Tuesday, February 3, 2009
පැංචිගේ බෝඩිම් ජීවිතේ
අපේ පැංචිට දැන්නම් ගිනි කන කොළඹ ඉඳලා එපා වෙලාද කොහෙද ගමට එන්න හිතිලා.
බෝඩිම් වලටයි මහ මගටයි දියවෙලාම පැංචිගේ අස්ති පංජරයත් පේන නොපෙනෙන තරම්.
අපේ ගොඩක් අයට වගේ පැංචිටත් එකම තැන රස්සාව කරලා එපා වෙලා.
ඇඳුම් මාරු කරනවා වගේ රස්සාවලුයි බෝඩිනුයි මාරු කරන එක ලේසි නෑනෙ.
බෝඩිම් කියනකොටත් පැංචිගේ ඇඟ කීරි ගැහිලා යනවා.
බෝඩිම් වර්ග නම් ඉතින් කොළොම් පුරේ වැහි වැහැලනේ. කාඩ්බෝඩ් බෝඩිම්, ලෑලි බෝඩිම්, වතුර නැති
බෝඩිම්, මීයො දුවන බෝඩිම් එකී මෙකී නොකී බෝඩිම් වර්ග පිරිලා.ඒකත් නෙමෙයි නරක කියමුකො,
ඒවා run කරන ඇන්ටිලාගේ තරමනේ බලන්න ඕනි.අම්මෝ! එනකොටනම් ඉර දීලා හඳ දීලා ටොපි දීලා තමයි
ඇතුලට ගන්නෙපස්සෙ බලන්න ඕනි රැස්!ෆීස් ගන්න ඇන්ටි වෙලාවට සෙට් වෙනවා කාමරේ ගාවට" අනේ
මේ ළමයා ඇදිලා ගිහිල්ලනේ, විටමින් පෙත්තක්වත් බිව්වනම්" බටර් ටිකක් යහමින් ගාලා මොණරු මිට
මොළවගෙන යන ඇන්ටි ආය ඊළඟ මාසෙ වෙනකම් ඉන්නෙ බට කොළ ආච්චිගේ වෙස් අරං තමයි.
රෑ දහයෙන් පස්සෙ ලයිට් දැම්මොත්, සතියට වැඩිය නෙමෙයි දෙපාරක් නෑවොත්, බෙඩ් ෂීට් එකක් එහෙම පුසුඹට වැලේ තියනවා දැක්කොත් ඉතින් පල නොකිය පලා තමයි බෙදන්නේ.
ඒකට මොකද පැංචි ගමේ ඉඳල ආවම කට කනටම අරගෙන ඇන්ටි එනවා පෙරමඟට පිලිගන්න.
ඒකේ ප්‍රථිඵලයක් විදිහට තමයි පැංචිට පොලිස් බැරැක්ක පැත්තෙ තිබ්බ හුන්ඩු බෝඩිමෙන් බම්බලපිටියට ට්‍රාන්සර් වෙන්න වුනේ.
බම්බලපිටියත් ඉතින් ඊට දෙවනි නෑ.සැපකට කියලා තිබ්බෙ පැය විසි හතරෙම මුහුදු හුළං නොමිලේ ලැබුණ එක තමයි.
අවුරුදු හතරක් විතර ඔය විදිහට උතුරු කොළඹ, දකුණු කොළඹ, බටහිර, නැගෙනහිර කියන සතර දිසාවම යහමින් වැඳ පුදා ගත්ත පැංචි ගම රට බලා එන්න තීරණය කළේ රුපියල් දහයක් අතේ තියාගෙන ගමට වෙලා පොලුයි බතුයි කෑවත් සැපයි කියල හිතලා.

බෝඩිම් කාමරේ ලෑලි රාක්කෙ තියලා තියන සීනි බෝතලෙයි පිටි බෝතලෙයි බලාගෙන ඉද්දි අඩු වෙනකොටනම් පැංචිගේ කට නලියන්න ගත්තා.
ඒකේ ප්‍රථිඵලයක් විදිහට තමයි පැංචිට පොලිස් බැරැක්ක පැත්තෙ තිබ්බ හුන්ඩු බෝඩිමෙන් බම්බලපිටියට ට්‍රාන්සර් වෙන්න වුනේ.
බම්බලපිටියත් ඉතින් ඊට දෙවනි නෑ.සැපකට කියලා තිබ්බෙ පැය විසි හතරෙම මුහුදු හුළං නොමිලේ ලැබුණ එක තමයි.
අවුරුදු හතරක් විතර ඔය විදිහට උතුරු කොළඹ, දකුණු කොළඹ, බටහිර, නැගෙනහිර කියන සතර දිසාවම යහමින් වැඳ පුදා ගත්ත පැංචි ගම රට බලා එන්න තීරණය කළේ රුපියල් දහයක් අතේ තියාගෙන ගමට වෙලා පොලුයි බතුයි කෑවත් සැපයි කියල හිතලා.
Subscribe to:
Posts (Atom)