Monday, November 15, 2010

බ්රේකිං නිවුස්

හා....යි....! මෝනිං ගයිzzzzz.....

අප්පේ අපේ බ්ලොග් කට්ටිය වෙනස් වෙලා, මහත් වෙලා, සුදු වෙලා තියන තරම! අප්පමාණ සන්තෝසයි! මාස දෙකකට පස්සේ තමයි මේ පැංචි එළිපහළියට බැස්සේ. පැංචි කෙල්ල අමතක වූවෝ හා කර දැමූවෝ යලි මතක් කරගනිත්වා! 

කෙටියෙන් කියන්නං, ආරක්ෂක හේතුන් මත පැංචි ටික කාලයක් නිවාස අඩස්සියේ හිටියා. හොඳ කල් කිරියාවට වඩා ඉවරයක් නැති කණුකුණුව නිසා දේසීය නිළධාරින් සහ විදේසීය බළධාරීන්(වැඩි විස්තර යතා කාලයේ දැනුම් දෙනු ලැබේ) පැංචිව ඉස්පෙසල් ඇටෙන්සන් යටතේ නිදහස් කරනු ලැබූවා. ඉතිං දැං පැංචි ආය නිදහස්! ඒනිසා පැංචි යලි බ්ලොග් ඇංජිම පණ ගැන්නුවා. 

ඩ්ර්....ඩ්ර්...පොට්...ටොට්...ටොට්....ඇංජිමේ සද්දේ ටිකක් හොඳ මදි වගේ. කට්ටියම ලාවට තල්ලුවක් දුන්නොත් ඉස්ටාට් වෙයි වගේ. සප් එකක් නොලැබුණත් කහටක් නෑ තුන්හිතක.....

හනික ආය එන්න බලාගෙන පැංචි ගියා ඔන්න එහෙනං. සී.යූ

26 comments:

  1. එංජිම ටියුන් කරලා වැඩ පටන්ගන්න...ඔන්න මම ගානේ පොඩි තල්ලුවක්............

    ReplyDelete
  2. බොහොම ඉස්තුතියි! පංකාදුයි තල්ලුව!

    ReplyDelete
  3. ඔහොම තමයි වාහන දුවන් නැතුව ගැරජ් එකේ දාල තිබ්බම..... හරි හරි ඕං කැමති ගියර් එකකට දාලා එකපාරටම ස්ටාට් කරගන්න එකයි තියෙන්නේ එහෙනම්... (කැමති එකකට කිව්වට රිවස් එක එහෙම දාන් නෑ ඕං...)

    ReplyDelete
  4. මොකක්....!!! මං අදමනේ ඇහුව්වේ බර කරත්තෙට එන්ජින් තියෙනවා කියලා.....
    අපි බර කරත්තේ පිටි පස්සෙන් බෝඩ් ලෑල්ලක් එල්ලමු තල්ලු ස්ටාට් කියලා....
    හැබැයි ඔන්න අපි දන්නෑ බර කරත්තේ අට පට්ටමේ වගේ එහෙම වැටිලා තිබ්බොත්‍‍...

    ආහ්...කෝ කට්ටියම එකට‍‍‍ දාන්න තල්ලුව.......හ..හෆ්ෆේ....ඇති යාන්තම් ස්ටාට් කොලගත්තා‍‍‍....දැන් ආයේ තලලු දාන්න එහෙම කියනවා නෙවේ ඕන්.....කෙන්දත් රිදෙනවා....

    ReplyDelete
  5. ආ මේ ඉන්නෙ. අපි මේ බැලුව පහුගිය දවස් වල කොහේද ගිහින් හිටියෙ කියල. ඔන්න අපිත් දැම්මා තල්ලුවක්. දැන් ඉතිං දිගටම ලියන්න.

    ReplyDelete
  6. හා හා, මෙන්න මගෙනුත් තල්ලුවක් . . . පැට්‍රල් ගහ ගත්තද ? පල්ලමකට දාගත්තනං නිකංම ස්ටාර්ට් කොර ගන්න තිබුනා වැඩි මහන්සියක් නැතිව . . . හොඳා හොඳා . . . සුභ ගමන් එහෙනං !

    ReplyDelete
  7. හරි,හරි ඕන් මාත් පැත්තකින් අත ගැහුවා......

    ReplyDelete
  8. අහ් මේ ඇවිල්ලා ඉන්නේ පැංචී !! සුභ ගමන්

    ReplyDelete
  9. @පුතා: පුතා හරි. වහන ගන්නේ ගැරජ් එකේ තියන්නැයි නේද? ඔන්න දැම්මා පාරට.

    @හසියා: මේවා බර වාහන උනාට බර කරත්ත නෙවෙයි. තල්ලු ඉස්ටාට් එක මරු. ආ කොන්දට තෙල් බෙහෙත් කුප්පියක් එවන්නෙයි?

    @thiraya : බරපතල මුලුතැන්ෙගයි වැඩ සහිතව නිවාස අඩස්සියේ හිටියේ. තල්ලුවට ඉස්තුතියි. දිගටම ලියනවා.

    @දුමී: පැට්ටරල් බැරල් එකක්ම ගහගත්තා සල්ලි බලන්නේ නැතුව. ඉස්තුතියි තල්ලුවට. පල්ලමට යන්න කලින් වැටෙයිද දන්නේ නෑ.

    @dinesh: අනේ කරුණාවන්ත කමට පිංසිදු වෙනවා. දන්නෙ නැද්ද ඉතිං ගෑනු පරාණයක් වාහන එළවනකොට....

    @Dar[K]: බොහොම ඉස්තූතියි....

    ReplyDelete
  10. එහෙනම් මම හොඳයිනෙ...

    මොකද මාස දෙක යන්න කලියෙන් මාත් ඇන්ජිම ඉස්ටාට් කොළානේ...

    ඔන්න එහෙනං අපිත් තල්ලුවක් දුන්නා ඈ...
    ඔහොම යං... ඔහොම යං...

    ReplyDelete
  11. වාහනයක් තල්ලු කොරන්න ඔච්චර සෙනගක් මොකටද? වාහනේ සර්විස් කරලා මට බිල් එක එවන්න පැංචි... මම ඒක සෙට්ල් කරන්නම්....

    ReplyDelete
  12. @sansarasidu: බොහෝද් ස්තුතියි!
    @ අභීත: අනිවා. පැංචි දන්නවා නොවැ අභීත අයියා දානපති ධනවතෙක් බව.

    ReplyDelete
  13. අර මලී තල්ලු කරන එකට මාත් හේත්තු වෙන්නම්...

    ReplyDelete
  14. ඒකනේ කිව්වේ උදේට උදේට ටිකක් ඉට්ටාට් කොරන්න කියලා... ;-)

    ReplyDelete
  15. කෝ තාම ඉස්ටාට් කළා විතරනේ (දැන්නම් ආයේ තල්ලුවක් ඕන නෑනේ)
    දැන් ඉතින් ගමන යමු ආයෙම.
    සුභ පැතුම්. (පරක්කු වෙලා ආවේ)

    ReplyDelete
  16. කමෝන් පැන්චී කමෝන්.....


    ......සුබ පැතුම්......

    ReplyDelete
  17. තනියෙන් හිටපු පැන්චි ලඟදී දෙන්නෙක් වෙන්න යනවා කියලා ආරංචියි . . .

    ඊට කලින් ලියන දෙයක් ලියපන් නගේ . . හික්ස්

    ReplyDelete
  18. පැංචිට ‍ෆුල් බකප් එකක් ලැබුණා කට්ටියගෙන්ම....

    @malee_msg : මලී තල්ලුවට පිං ඈ......

    @Il mondo di una povera pazza:මලීත් එක්ක හරි හරියට එකතු වෙලා දාපු තල්ලුවට ඉස්තුති නොකර කොහොමද?

    @කුෂාන් ඇස්. වන්නිආරච්චි: ඈ බං උදේට උදේට කොහෙ ඉට්ටාට් කරන්නද , උදේට කන්න මතක් වෙන්නෙත් දවල්ටනේ...

    @priyantha.ඒබී: අනේ ප්‍රියන්ත අයියන්ඩිටත් පිං. පරක්කුවෙලා හරි තල්ලුවට අත ගැහුවනේ. දැං ඇන්ජිම සීසන් වෙලා තියෙන්නේ

    @Tharaka Dilshan : ඉස්තුතියි බොහොම හොඳේ.....

    @දුකා : දුකා අයිය නිවුස් එක දැක්කේ BBC එකේද රොයිටරේද? :D අයියෝද කියන්නේ කිව්වලු...හැබෑට පස්සේ ලියනවා
    බොරු වෙයිද අයියේ?

    ReplyDelete
  19. තාම වැඩ නැද්ද පැංචියේ?????

    ReplyDelete
  20. "අන්තර්ජන්ජාලයේ" අපේ කම පිරුනු සමාජ ජාලය. 100% ශ්‍රි ලාන්කික මිතුරු ජාලය.
    www.Teenlanka.net
    join to connect with sri lankan friends.

    ReplyDelete
  21. සමාවෙන්න ...... තල්ලුව ඉල්ලලා මාසයක් ගියාම තමයි දැක්කේ..
    ඔන්න මමත් තල්ලුවක් දුන්න හැබැයි දැන්නම් තල්ලුවෙන් වැඩක් වේද කියල දන්නේ නැහැ...

    ReplyDelete
  22. කෝ තල්ලු දැම්මට මේක තාම එකතැනනේ.. පැංචියෝ.. කෝ මේ ඩැයිවර් අක්කා..

    තව තල්ලු ඕන්නං කියන්න..

    ReplyDelete
  23. ඔන්න එහෙනම් තල්ලුවක්....

    ReplyDelete
  24. ඕං අපිත් තල්ලුවක් දුන්නැයි කියමුකෝ...
    හරි හරි දුං පරීස්සොනේ එහෙම කෝරාගෙන, වාහනේ පාරට දැම්මනං

    ReplyDelete
  25. අවුරුද්දක් ගියෝ.....................!!!

    ලියන්ට මොනවා හරි!!!

    ReplyDelete