Tuesday, February 3, 2009

පැංචිගේ බෝඩිම් ජීවිතේ

අපේ පැංචිට දැන්නම් ගිනි කන කොළඹ ඉඳලා එපා වෙලාද කොහෙද ගමට එන්න හිතිලා.

බෝඩිම් වලටයි මහ මගටයි දියවෙලාම පැංචිගේ අස්ති පංජරයත් පේන නොපෙනෙන තරම්.

අපේ ගොඩක් අයට වගේ පැංචිටත් එකම තැන රස්සාව කරලා එපා වෙලා.

ඇඳුම් මාරු කරනවා වගේ රස්සාවලුයි බෝඩිනුයි මාරු කරන එක ලේසි නෑනෙ.

බෝඩිම් කියනකොටත් පැංචිගේ ඇඟ කීරි ගැහිලා යනවා.

බෝඩිම් වර්ග නම් ඉතින් කොළොම් පුරේ වැහි වැහැලනේ. කාඩ්බෝඩ් බෝඩිම්, ලෑලි බෝඩිම්, වතුර නැති
බෝඩිම්, මීයො දුවන බෝඩිම් එකී මෙකී නොකී බෝඩිම් වර්ග පිරිලා.ඒකත් නෙමෙයි නරක කියමුකො,

ඒවා run කරන ඇන්ටිලාගේ තරමනේ බලන්න ඕනි.අම්මෝ! එනකොටනම් ඉර දීලා හඳ දීලා ටොපි දීලා තමයි
ඇතුලට ගන්නෙපස්සෙ බලන්න ඕනි රැස්!‍ෆීස් ගන්න ඇන්ටි වෙලාවට සෙට් වෙනවා කාමරේ ගාවට" අනේ
මේ ළමයා ඇදිලා ගිහිල්ලනේ, විටමින් පෙත්තක්වත් බිව්වනම්" බටර් ටිකක් යහමින් ගාලා මොණරු මිට
මොළවගෙන යන ඇන්ටි ආය ඊළඟ මාසෙ වෙනකම් ඉන්නෙ බට කොළ ආච්චිගේ වෙස් අරං තමයි.

රෑ දහයෙන් පස්සෙ ලයිට් දැම්මොත්, සතියට වැඩිය නෙමෙයි දෙපාරක් නෑවොත්, බෙඩ් ෂීට් එකක් එහෙම පුසුඹට වැලේ තියනවා දැක්කොත් ඉතින් පල නොකිය පලා තමයි බෙදන්නේ.

ඒකට මොකද පැංචි ගමේ ඉඳල ආවම කට කනටම අරගෙන ඇන්ටි එනවා පෙරමඟට පිලිගන්න.

බෝඩිම් කාමරේ ලෑලි රාක්කෙ තියලා තියන සීනි බෝතලෙයි පිටි බෝතලෙයි බලාගෙන ඉද්දි අඩු වෙනකොටනම් පැංචිගේ කට නලියන්න ගත්තා.

ඒකේ ප්‍රථිඵලයක් විදිහට තමයි පැංචිට පොලිස් බැරැක්ක පැත්තෙ තිබ්බ හුන්ඩු බෝඩිමෙන් බම්බලපිටියට ට්‍රාන්සර් වෙන්න වුනේ.

බම්බලපිටියත් ඉතින් ඊට දෙවනි නෑ.සැපකට කියලා තිබ්බෙ පැය විසි හතරෙම මුහුදු හුළං නොමිලේ ලැබුණ එක තමයි.

අවුරුදු හතරක් විතර ඔය විදිහට උතුරු කොළඹ, දකුණු කොළඹ, බටහිර, නැගෙනහිර කියන සතර දිසාවම යහමින් වැඳ පුදා ගත්ත පැංචි ගම රට බලා එන්න තීරණය කළේ රුපියල් දහයක් අතේ තියාගෙන ගමට වෙලා පොලුයි බතුයි කෑවත් සැපයි කියල හිතලා.

12 comments:

  1. හරිම කටුක ජීවිතයක් නේද ගෙවල තියෙන්නේ. ගමට ඇවිත් පොලුයි බතුයි කන එකත් සැපයි කියල හිතන්න පුළුවන් නම් හොඳයි ඉතිං :)

    ReplyDelete
  2. ගමෙන් කොළඹට ඇවිල්ල රස්සා කරන අපේ රටේ බහුතරයක් ගෑනු දරුවන්ගෙ ජීවිතවලට හොඳටම ගැලපෙන විස්තරයක්.
    පැංචිත් දුක හඳුනන පොලවෙ පයගහල ඉන්න කෙනෙක් වීම ගැන සතුටුයි.
    කොළඹ බොඩිං ඇන්ටිලත් එක්ක ඔට්ටුවෙච්ච පැංචිට ගමේ නැන්දල නං සැරෙන්ඩර් ඇති නේද?

    ReplyDelete
  3. හපොයි!
    මේ මොන පවක්ද?
    බෝඩිම් නම් හරියන්නෙම නැ..

    ..... නරකද ගෙයක් ගත්තොත් :P

    ReplyDelete
  4. හපොයි.. මම කොළඹට පැයක් කිට්ටුවෙන් ඉපදුන එක කොයි තරම් නම් පිනක්ද? පව් පැංචි!

    ReplyDelete
  5. කතාව ඇත්ත. 5 වන අනුන්ගේ මාලිගාවක සිට අනුමත කරමි :)
    පැංචිටත් කියන්න ගොඩක් දේවල් තියෙනව වගේ. දිගටම ලියන්න. ඕවා තමන්ගේ විතරක් නෙවෙයි අනුන්ගේත් කතා නෙ.ඒ නිසා කියවනවා දිගටම ..

    ReplyDelete
  6. පොල් කන එකත් ලේසි වෙන්නේ නෑ පැංචියෝ

    ReplyDelete
  7. පිස්සු හැදෙනවා! වෙලාවකට හිතෙනවා අපි මොකට ඉපදුනාද කියලා මේ වගේ කරුම ගෙවන්න.

    ReplyDelete
  8. අතර ලැබෙන ගානයි, යන වියදමයි බැලුවම ගෙදර හිටියනම් හොඳයි කියලා හිතෙන්වා. ඒත් ඉතින් එහෙම ඉන්නත් බැහැනේ.

    ReplyDelete
  9. මොනව කරන්නද, අපිට කොළඹ දාල යන්නත් බෑ නෙවැ, බෝඩිම්වල ඉතින් ඉන්න බෑ කියල බෑනෙ, ඉන්නම වෙනව. ඒකෙත් හැටි,

    ReplyDelete
  10. රැවුළත් ඕනි කැඳත් ඕනි නිසා පැංචි ගෙන්දගම් පොළවත් එක්ක ඔට්ටු උණා.අන්තමට රැවුළ ගිනි ගන්න කළින් කැඳත් එපා කියලා ගමට ආවා.

    පැංචිගෙ තනියට ඉන්න ඔයාලට බොහොම ස්තූතියි!

    ReplyDelete
  11. ෙමානව කරන්නද,

    ReplyDelete
  12. Oya hema deyakinma dinana heti api dannawa. Penchila godak duk windanne podi deyak therum ganna beruwa.

    ReplyDelete