Tuesday, August 3, 2010

හුරුබුහුටි සගයා


මෝනිං වේවා හැමෝටම!
අද පැංචි කියන්න යන්නේ මීට හරියටම මාසයකට එපිටින් පැංචිට හදි ගැහුණු අපූරු යාලුවෙක් ගැන.(දැනටමත් පරක්කුයි).දැං පැංචි දවස ගෙවන්නේ මේ අපූරු යාලුවත් එක්ක. හෝව්.. මිස්අන්ඩස්ටෑන්ඩ් නොවේවා. එයාව මුණ ගැහුණ විදිහ ඔයාලට කියන්න ඕනි කියලා පැංචි හිතුවා.මේ යාලුවා ගැන පැංචිට ඉව වැටුනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒත් රටේ නැති ලටපටස් නිසා එයත් එක්ක මිත්‍ර කමක් ඇති කරගන්න තරම් චාන්ස් එකක් ආවෙ නෑ. පැංචි මේ යාලුවගේ හැඩරුව පොඩ්ඩක් කියන්නම්. නැත්තම් කට්ටිය ලටපවගත්තොත් එහෙම.

පෙනුමෙන් කට්ට කලුයි. හැබැයි දැකුම් කලුයි. චුවීට්... පෙනුමක් තියන වැඩකාරයෙක්. තාමත් ප්‍රශ්නාර්තේ නම් තව ටිකක් බලන්නකෝ.
 

ඕන්න දැං එයාව හදි ගැහුණ හැටි කියන්නයි හදන්නේ.

පැංචිට මේ හාද කම ගොඩ නාගා ගන්න යාලුවා ගැන ගොඩක් විස්තර හොයන්න සිද්ධ වුණා. හැම යාලු කමකම පදනම විශ්වාසයලුනේ. ඉතින් ඕකට මට එයා ගැන කලින් දැන ගෙන හිටිය අපේ උබුන්ටු අධිපති කුෂාන් සහෝදරයගේ පිහිට පතන්න සිදු වුණා. යාලුවගේ ආටා නාටියම එතුමා කියලා දුන්නා. කිව්ව වචනයක් පාසා මොලේ සේව් කරගෙන පැංචිත් රැයක් දවාලක් නැතිව හීන මැව්ව එයාව මුණ ගැහෙන්න. 


කාලේ ටිකින් ටික ගත වුණා. ජුනි මාසේ 25 පැන්න ගමන් පැංචිගේ ඉවසීමේ සීමාවත් පැන්නා. යාලුවා මුණ ගැහෙන්න තියන ආසාව දරුණු වුණ නිසා තවත් කල් දාන්නෙ නැතිව ඕප් ඩේ එකේ ඇපොයින්ට්මන්ට් එකක් දාගත්තා දෙන්නටම මුණ ගැහෙන්න. නාලා කරලා ලස්සනට ඇඳ පැළඳගෙන පැංචි එදා ගෙදරින් පිට වුණා. පස්ට් ටයිම් නිසා පැංචි ටිකක් ගැස්සිලා හිටියේ.

 සාමාන්‍යයෙන් මේ වගේ දේවල් අම්මලට කියන්නේ පස්සෙනේ. ඒත් මේ වැඩේදි පැංචිගේ මවු මුල් පෙලේ සහයෝගයක් දුන්නා පැංචිගෙ කන්කෙඳිරියාව නිසාම. නියම තැනට පැංචි මවු එක්කලම ආවා. තත්පරෙන් තත්පරේ ගෙවිලා විනාඩි හැදුණා. විනාඩි 30ක් එකතු වෙලා පැය භාගයක් හැදුණා. 

Here comes the hero....පප්පර පප්පර  පාං....
පැංචිගේ හද ගැස්ම ටිකෙන් ටික වැඩි වුණා. පැංචි මවු දිහාත් මවු පැංචි දිහාත් බැලුවා. පැංචි මවුගේ කනට කරලා කෙඳිරුවා "එයා තමයි".
 Love at first sight කියන්නේ මේක තමයි. පැංචිගේ වගේම පැංචිගේ මවුගෙත් හිත බොහොම බරපතල විදිහට ඇදිලා ගිහින් තිබුණෙ එයාට. පැය කීපයකට පස්සේ පැංචි එයාවත් එක්කරගෙන ගෙදර ආවා. 

අම්මෝ......පොටෝ කෑලි2කක් ගත්තේ පුදුම අමාරුවකින්. වස ලැජ්ජකාරයා. ඔන්න බලන්නකො එහෙනම් ඩයල් එක.



කොහෙවත් හිටපු බවු පැංචත් දුවගෙන ඇවිත් හිටගත්තා පොටෝ එකට මූණ දාගන්න.
කොහොමද යාලුවා? හැන්ඩිද?

HP Mini Net book තමයි එයාගේ උප්පැන්නේ නම. පැංචි හුරතලේට දැම්ම "සූටියා" කියලා. චූටියි වගේම හුරුබුහුට්ටෙක්නේ. පැංචිගේ කන්තෝරු මල්ලේ සැන්ට් පවුඩර් ක්‍රීම් ලි‍ෆ්ටික් වලට අඩු සැලකිලි ලැබුනේ මේ සූටියා නිසා තමයි. මල්ල ටිකක් ලොකු නිසා සූටියට කරදරයක් නැතිව යන්න පුළුවං.
ලටලොටන් එක්ක සූටියව දැම්මම මල්ල ටිකක් විතර බරයි තමයි. ඒත් පැංචිට සතුට වැඩි කමට බරක් දැනෙන්නෙ නැ.
 
ඉතින් මේ සූටියා නිසා පැංචිගේ ජීවිතේ වගේම කාමරෙත් පොඩි පොඩි වෙනස්කම්වලට ලක් වුණා. එයා නිසාම පැංචි ජාලේ ගන්න තීරණය කලා. පැංචිගේ බ්‍රදර්ගේ ADSL මොඩම් එක අයින් කරලා 2 පෝට් රවුටරයක් ගහගත්තා. පාඩම් මේසෙටයි ඇඳටයි දුර තියන විදිහට පැංචි නෙට් කේබලුත් ඇදගත්තා.
ආසව වැඩි කමට වයරින් වැඩෙත් පැංචිම කරගත්තා. කන්තෝරුවේ වෑර්ලස් ජාලේ තියන නිසාත් ඩොන්ගල් වෙලාවකට මොන්ගල් වෙනවා කියලා කනින් කොනින් ඇහිච්ච නිසාත් ලොකු අවදානමක් ගන්න හිතුවෙ නෑ. කොහොම කොහොම හරි පැංචිගේ බ්‍රදර්ට ආය වඳින්න ඕන වෙන්නේ නැති එක පැංචිට හිතට සහනයක්.
නැත්තම් පැංචිගේ බ්‍රදර් පැංචිව බ්ලැක්මේල් කරනවා හැමදාම ඔලුව කහන්න ගියාම.
 
ආ......කියන්නම ඕනි සූටියාව ගෙදර ගෙනාපු දවසේ පැංචිගේ ගෙදර විච්ච අලකලංචිය. පැංචිගේ බ්‍රදර් කාගෙද ලණුවක් වගේ දෙයක් ලාවට ගිලලා පැංචිට යුධ ප්‍රකාශ කලා සූටිය කියන්නේ ලෙඩෙක්ය කියලා.
පැංචිගේ හිත වාවන්නේ නැතිව ගියා ඔය වෙලාවේ. අඬලා අඬලා පහුවෙනිදා බැරිම තැන හිත හදාගෙන සූටියව ආපහු බාරදෙන්න හිතාගෙන කන්තෝරු ආවා. ඔය වෙලාවෙ තමයි කුෂාන් සහෝදරයයි අපේ කිත්තයියයි දෙන්න පොරොන්දු වුණේ පැංචි වෙනුවෙන් සූටියා ගැන පුලුල් පරීක්ෂණයක් කරන්න එයාව පැංචිට භාර දුන්න ආයතනයට ගිහිල්ලා. ඕං එතකොටයි පැංචිගේ හිත ටිකක් සැහැල්ලු වුණේ. ඉතින් තුන්දෙනාම ගියා ඒත් පැංචිට ලොකු වැරැද්දක් වුණා.

එදා ඉරිදා දවසක් නිසා කන්තෝරුවෙන් තුන් දෙනෙක්ම එළියට ගිය එක බරපතල කාරණාවක් වුණා. ඒත් ඒ ගැන හාංකවිසියක්වත් පැංචිට මතක් වුණේ නැත්තේ සූටියා ගැනම හිතපු නිසා. මොනාවුණත් පැංචි නිසා කිත්තයියයි කුෂාන් සහෝදරයයි බැනුම් අසා වැදෑරුවනම් අනේකවාරයක් සමාව අයදිනවා. 


ඔය කතන්දර ඔහොම යන අතරේ පැංචිට සූටියගේ පරීක්ෂණ වාර්තාවත් එදාම ලැබුණා. හුරේ......සූටියට ඉහෙන් බහින රෝගයක් නෑ. ඔක්කොම රෙකෝඩ්ස් ඉහළ තත්වයේ තිබ්බා. කරුණු හොඳ හැටි හොයලා බලපු නිසා සූටිය ආපහු  පැංචි ලඟට ආව වගේම අවුරුදු විසි ගානක් තිස්සේ තියෙන අයිය නඟෝ සහෝදර කමත් කෙන්දෙන් බේර ගත්තා. මොන බැම්මටත් වඩා ලේ බැම්ම හයියයිලුනේ.ඉතින් පැංචිට ඒ හයිය බැම්ම කඩා ගන්න ඕනි වුණේ නෑ අනුන්ගේ ලණු නිසා.

දැන් පැංචි ඕප් ඩේ වල සට සට ගාලා වැඩ. බයිස්කෝප් බානවා, බලනවා, සිංදු අහනවා, ඒ වගේම ඕස්ට්‍රේලියානු විදේශ සම්බන්දතාත් සම්බාධක වලින් තොරව පවත්වගෙන යනවා( ටාං.....පැංචි මොනාහරි කිව්වද?) සූටියට පින් සිද්ද වෙන්න බොලොග් වැඩෙත් නැඟලා යනවා. පෝස්ට් එකක් නොදැම්මත් නිවාඩු පාඩුවේ සෙට් එකේ ඒවා කියවලා කොමෙන්ටුවක් දෙකක් රෑ දෙගොඩහරි දාන්න දැන් පැංචිට චාන්ස් තියනවා.

අම්මෝ......ඔන්න ලෙජන්ඩ් එකම දිග ඇරියා. කට්ටියට ඇස් රිදෙයිද දන්නේ නැ කියවලා. සතුට වැඩි කමට තමා. උදේ ලියන්න පටන් ගත්ත පෝස්ට් එක ඉවර කලේ රෑ. සූටියා තමයි සප් එක දුන්නේ. දැන්නම් ඈනුම් ඇරලම කට රිදෙනවා. සූටියා වෙනුවෙන් මහන්සි වුණ, දැනටත් කනක් ඇහිලා ඉන්න නැති කුෂාන් සහෝදරතුමාටයි කිත්තයියයටයි සසී මල්ලිටයි තැන්කූ වෙන්න ඕනි. පැංචිගේ සතුට බෙදාගන්න අමාරුවෙන් හරි කතන්දරේ කියවා වදාරපු ඔයලා හැමෝටමත් තැන්කූ.

එහෙනම් හැමෝටම ගුඩ් නයිටක් වේවා කිව්වා!

30 comments:

  1. හා සූටියා ගැන දාලා නේද? නිශාචර දිවියට සාදරයෙන් පිළිගන්නවා..! දැන් එහෙනම් හැටට හැටේ බ්ලොග් ලියන්නයි තියෙන්නේ. හැබෑටම සූටියාව දැක්ක දවසෙම මටත් නිකන් එයා ගැන මොකද්ද මොකද්ද හිතුනා.. ඒත් ඉතිං මං vaio ට බහ දීලා ඉවරයි නේ..!

    ReplyDelete
  2. අපෝ මෙයා චූටි වුනාට ටිකක් විතර බර වැඩියි...ටිකක් රත්වෙනවත් එක්ක..මමත් මාස 6ක් විතර පාවිච්චි කලා....කී බෝර්ඩ් එකනම් අපරාදෙ කියන්න බෑ නියමයි....:).

    ReplyDelete
  3. මගෙත් හිතත් ගිහින් තියෙන්නේ ඕකකට ඒත් ඉතින් කොහෙද මේ ධණපාල මාම මා එක්ක එච්චර හිත හොඳ නෑ මේ කාලේ. ටිකක් කාලයක් පාවිච්චි කරලා ආයිපාරක් ගුණ දොස් ලියන්නකෝ මෙයා ගැන

    ReplyDelete
  4. @ෆා: පැංචි එයාව පිරිමි චරිතයක් කලා. අවුලක් නෑනේ. නිශාචර ජීවිතේ ‍නිසා උදේට මවුගෙන් කන පුරා අහගන්නවා.

    @Shadow/හේමලයා : මලා...මාස 6ද පාවිච්චි කරන්න පුළුවන්? මේ ගැජට් බැජට් පැංචි දන්නේ නෑ නොවැ. කොන්‍ෆිගරේසොන්ද මොනාද ලොකුවට ඕනි නැති නිසා මෙයාව ගත්තේ. රත් වෙන එකනම් ඇත්ත. බර නම් ලොකුවට දැනෙන්නෙ නෑ හැබැයි.

    @ම: ධනපාල අංකල් පැංචිටත් මුලදි විරුද්ධ වුණා මේ ලව් එකට. පස්සේ සේප් කර ගත්තා එහෙන් මෙහෙන්. :)

    ReplyDelete
  5. සූටියා චෝයී...මතක් කරා කියන්න‍.....

    ReplyDelete
  6. නෑ නෑ....බඩු හොඳයි.....නමුත් මගේ ජංගම ජොබ් එක ස්ථාවර වුනාට පස්සේ වැඩක් නැති හන්දා මම විකුණලා දැම්ම....තාම නියමෙට වැඩ.....නෙට් යන්නයි ඔපිස් වැඩවලටයි නම් කිසිම අවුලක් නෑ....බරයි කීවෙ සමහර නෙට් බූක් වලට සාපේක්ශව....:D

    ReplyDelete
  7. නියමයි. මටත් පිසුවක් තිබ්බා ඕකක් ගන්න. ඒත් සී.ඩී රොම් එකක් නැති නිසා ගත්තෙ නැහැ. කෙලින්ම ලැපා ගත්තා මිසෙක.
    නියම භාණ්ඩේ.
    :)

    ReplyDelete
  8. මේ මැෂිම සඩ්න්ලි ෂට්ඩවුන් වෙලා ලියපු කමන්ට් එකත් ගියා බං. දැන් ලිව්වේ මොනාද කියලා මතක නෑ.
    ඕක ඉතිං දැන් පිහිදලා කරලා තියා ගං හොඳයි...

    ReplyDelete
  9. මරු ආ.....(miss)සුබ..පැතුම්

    ReplyDelete
  10. @෴ හසියා ෴: හොඳා හොඳා හසියා මාමා මතක් කලා කියා කියංඤං

    @Shadow/හේමලයා: ඒක මිසක්කා. තව ඩිංගෙන් හාට්ඇටෑක් හැදිලා නතර වෙන්නේ :D

    @Ansh Lucky Sri Jay: සූටියෙක්ට වඩා ලැපෙක් ඉන්න එකනම් සුපිරි නොවැ.ඒත් අර කිව්ව වගේ ධනපාල අංකල් හැමතිස්සේම ඉන්න ඔරොප්පුවෙන්නේ. :)

    @කුෂාන් ඇස්. වන්නිආරච්චි : අවුලක් නෑ බං ඒත් හිතුණා උඹ කම්පීතරෙට රවං ඉන්නකොට අවුලක් වෙන්න ඇති කියලා. පිහිනවා පිහිනවා පිහගත්ත ගමන්මයි.

    ReplyDelete
  11. හනේ අම්මේ... කියවනකොට තේරෙනවා සතුට දෝරෙ ගලනවා කියල :)මොනාද අප්පේ අපේ ඇසුත් වහල පවත්තන මේ විදේශ සම්බන්දතා? Julia නෝනාට ඡන්ද වැඩ වලටවත් sup එකක් දෙනවද?

    ReplyDelete
  12. @SACHIRA: බුදු අම්මෝ දේශපාලනේ නම් නොවේ පුතේ. සරල නමුත් සුන්දර සබඳතාවයක්. හික්ස් ලැජ්ජාවේ පණ නෑ.

    ReplyDelete
  13. ආ මේ අපේ තක්ෂිල දරුවත් මේ පැත්තට ගොඩ වෙලා තියෙන්නේ. තැන්කූ පුතේ

    ReplyDelete
  14. හෆොයි...... මේ HP Mini නම් ලෙඩ ගොඩවල්.... :( කොහෙන්ද ගත්තේ....??

    මේවායේ එන ලෙඩ :-

    1. Lines on Display
    2. Battery charging problem
    3. Mother Board problem (Memory Problem)

    එහෙමයි කියලා හිත නරක් කර ගන්න එපා... :D

    හැම HP Mini එකටම එහෙම වෙන්නේ නෑ..... :)

    කොහොම කරත් ඔය වගේ පොඩි Notebooks වල ලෙඩ වැඩියි Brand එක මොකක් උනත් .....!! :(

    ReplyDelete
  15. ඒක හොඳයි. කැන්ගරුවත් ඈත දේස දීපංකරයක ඉන්න එකේ ළඟ ඉන්න එකත් ගෑණු පරාණයක් උනොත් බෝරිං වෙයි.. සූටියා පිරිමි පක්ෂේ වෙච්චි එක හොඳා.. මාත් ආයේ මගේ vaio ලැපීට ලැපාවත් කියනවා..!

    ReplyDelete
  16. ඕකෙ වොරන්ටිය එහෙම කොහොමද? කරන වැඩ වල හැටියට තමා ගන්න ඕන නෙට් බුක් එකේන් කරන වැඩේ කරන්න නොට් බුක් ඕන නෑනේ. මටත් මේකක් බලන්න හිතෙනවා

    ReplyDelete
  17. මෙහෙයුම් පද්ධතියට ලයිට් එකක් දාගන්න කුෂාන් බුවා දන්නවා ඇති සීන් එක මේකයි ඔය කියන තරම් ලෙඩ නම් ඕක තාම හදන්නේ නෑනේ.
    එල එල සිරා සිරා නියමයි.. මරු මරු .. සුබ..

    ReplyDelete
  18. මගෙත් එක හීනයක් තමයි ඉතින් ඕකක් ගන්න එක.කොහෙද මේ ධන පාල එක්ක බැහැනෙ.සූටියට දීර්ඟායුශ ප්‍රාර්තනා කොරනවා ඕං

    ReplyDelete
  19. සුපිරි..!!! සුබ සුබ කිව්ව එහෙනම්..! පරිස්සමට තියාගන්නවා හොඳයි

    ReplyDelete
  20. හෙහේ... සූටියා කියුට්...!
    බලූලා පූස්ලා හරි ආසයි ඔය කීපෑඩ් එක උඩ උණුසුමට නිදාගන්න.. :D

    ReplyDelete
  21. @priyantha.ඒබී: හෙහෙහෙහෙ ගෙවනකං තමා වොරන්ටිය. මාස 11ක්ම තියනවා.

    @ආගන්තුකයා | Stranger : සූටියා තාම නම් හොඳට වැඩ. පහු වෙනකොට කොහු වෙයිද දන්නේ නෑ. එහෙම වුණොත් ඒකත් මං කට්ටියටම පෝස්ට් එකකින් දැනුම් දෙන්නම්.:)

    @පුබුදුවා: බොහොමත් ස්තූතියි!

    @LishWish : පරෙස්සමනම් උපරිමයි. ස්තූතියි සුභ පැතුමට

    @Shaakunthala : ස්තූතියි! හෑහ් එහෙමද? ඒක තමයි අපේ පූස් පැංචා සූටියා ඉන්න ඉසව්වේ කරක් ගහන්නේ.ටෙස්ට් කරාවතද මේකා පැංචි නැති අතරෙ?

    ReplyDelete
  22. සූටියත් එක්ක happily ever after කතාවක් ලියන්න ලැබේවා.

    @ෆා
    හපොයි, ජේ ආර්ටත් බැරිවුන වැඩේ කරන්නද යන්නෙ. :)

    ReplyDelete
  23. අප්පේ නියමයි නොවැ...අපිට කොයින්ද ඉතින් සූටියො..හැමදාම ගඩොල් බාග මිසක් :D

    ReplyDelete
  24. hehe.. maru lipiya.. aasaawen kiyewuwa.... :)

    ReplyDelete
  25. මම මේ පැත්තේ මුලින්ම ආවේ අද

    අක්කේ ඔයාගේ ලැප් සූටියා ලස්සනයි...

    ඔන්න මමත් follow කරනවා..

    පස්සේ වෙලාව අරන් ඔක්කෝම ලිපි කියවන්න හිතුනා....

    ReplyDelete
  26. තංතෝසයි තංතෝසයි . .

    දැන් ඉතිං අපිට දිගට හරහට මෝනිං පැන්චි කියවන්ඩ පුලුහන් . . .

    අනේ බන් නන්ගියේ ඔය ගමන්ම අර අපේ ෆා ද බ්ලොගීටත් ඔය වගේ සූටියෙක් අරන් දිහන්කෝ . . . එතකොට වත් මාසෙකට එකක් නෙමෙයි හතරක් වත් කියවන්ඩ ඇහක් වෙයි නේ . ..

    අනේ කියන්ඩ බැරි උනා සූටියාට අපිත් සුභ පැතුවා කියන්ඩ අමතක නොකර හොඳේ . ..

    ReplyDelete
  27. ඔඹලා දෙන්නගේ (ෆා ගෙයි ඔයාගෙයී බ්ලොග්ස් නම් පට්ටම පට්ට ජොලි ආ . .. . දිගටම ලියන්ඩ . .

    ReplyDelete
  28. @änthräX : ස්තූතියි බොහොම

    @Hasitha ජයසූරිය: හහ් හහ් අපිට කොහෙද ගඩොල් බාග අපි ඉතින් සූටියෙක් ගත්තොත් තමයි

    @Muthu Paba: ස්තුතියි! පැංචිත් එහෙ එනවා යනවා

    @කැන්ඩි...: බොහොම ස්තූතියි සූටියා ලස්සනයි කිව්වට. සාදරයෙන් පිලිගන්නවා. හොඳ නරක ගුණ දොස් කියවලා බලලා දැනුම් දෙන්නකෝ.

    @දුකා: සුභ පැතුමට ස්තුතියි! පැංචිගේ බ්ලොග් ගෙදරට ගොඩ වුණාටත් ස්තුතියි! බ්ලොගියට සූටියො මොකටෙයි ඔය ඉන්නේ කඩවසම් සෝනි වයෝ ඉලංදාරියෙක්.

    ReplyDelete
  29. අයියෝ මේ පලවෙනි වතාව නීම්යි මේ පැත්තේ ආපු . ..

    මම බ්ලොග් අවකාශේට එකතු වුනු දවස් වල එක දවසක් අහම්බෙන් දැකලා එදා ඉඳන්ම මෝනිං පැන්චී කියවනවා .. .

    කමෙන්ට් කලා වගේත් මතකයි . .

    මොනා වුනට් කමක් නෑ . . ඔයා දිගටම ලියන්ඩකෝ . . මම නම් හරිම ආසාවෙන් කියවපු කියවන බ්ලොග් එකක් මේක . ..

    ReplyDelete