Sunday, January 18, 2009

තවත් දවසක්......!

පැංචි ජනේලෙන් පිටත බැලුවෙ ඇ‍ඟ හිරි කඩමිනි.අම්මෝ දවල් වෙලා තියන තරම්.ඇදෙන් බැස්ස බවක්වත් ඇයට මතක් වුනේ නැත.මෙන්න වැඩට යන්න ලෑස්තිත් වෙලා.....8ට කලින් නොගියොත් දෙයියන්ගෙම පිහිට තමයි.
කඩිමුඩියෙම බෝඩිමෙන් එළියට බැස්සේ කට කපලා පුරවන් යන බස් එකකට අත දාන්න බලාගෙන. මොන අතද? නහයවත් දාගන්න පුළුවන් වුනොත් ඇති.යන්තම් සන්තම් සාඩින් ටින් එකට ගොඩවුණ පැංචි එහාටත් ඇඹරුනා මෙහාටත් ඇඹරුනා.
අගේට gelටික ගාලා පීරපු කොන්ඩේ බේර ගත්ත පැංචි‍ දෙකට තුනටම නැමිලා තනි කකුලෙන්ම ගමන පටන් ගත්තා.ඔන්න ඒ පාර කලිසම් කමිස ඇඳ ගත්ත ජේත්තු කාරයෙක් පැංචි‍ ට බැලුම් හෙලන්න පටන් ගත්තා. ඒ විතරක්න‍ම් මදෑ ඔන්න ඒ පාර ඇගෙත් තදවෙනවා. මේන් බොලේ දැන් ජේත්තු කාරයා පැංචි‍ගේ ඇඟටත් jack එක ගහනවා.
අලි මදිවට හරක් කිව්වලු. නිකන් හරක් නෙමයි ගොන් හරක්!
පැංචි‍ගේ ගිනි දැල් පිටවුනු බැල්මෙන් දැවිලා ගිය ජේත්තු කාරයා බස් එකේ පිටි පස්සටම ලිස්සලා ගියේ හරියට ගල් ආඳෙක් වගේ.
සුසුමක් හෙලු පැංචි අමාරුවෙන් අනිත් කකුලට බරවුනා. ඒ පාර කොන්දොස්තර මල්ලි සල්ලි ඉල්ලනවා. පැංචි අල්ලන් හිටපු පොල්ලත් අත ඇරලා බෑග් එකට අත දාලා සල්ලි කොලයක් මල්ලිගෙ අතේ තිබ්බා.
එක පාරටම ගහපු break පාරකින් පැංචි පියාඹන්න පටන් ගත්තා. යන්තම් දුන්න ගහගත්ත පැංචිගේ දත් කුට්ටම බේරුනේ අනූනමයෙන්. කව්ද දන්නේ බස් වල circus දාන්න ලැබෙයි කියලා.වෙලාවට bellbottom එකක් ඇඳලා හිටියේ.
බහින තැනත් ළඟයි. පැංචි නැවතත් ඓහෙට මෙහෙට ඇඹරුනා. පුහ්....! බහින්න වෙන්නේ ජනේලෙන් තමයි. Footboard එකේ එල්ලිලා ගිය කොන්දොස්තර මල්ලිත් ජනේලෙනකින් රිංගලා ඇතුලට ආවා.
කව්ද ඇදපු bell එකකට බස් එක ජරබරාස් ගාලා නැවැත්තුවා. එහෙන් මෙහෙන් රිංගලා අතයි කකුලයි එලියට දාගත්ත පැංචි වෙර වීරිය දාලා ශරීර කූඩුවත් එළියට ඇදලා ගත්තා. අනේ අගේට පීරපු කොන්ඩෙ හරියට පිස්සිගෙ පලා මල්ල වගේ.
යන්තම් ඇඳුමත් හරිබරි ගහ ගෙන කන්තෝරුවට ඇදුන පැංචිට වැඩ කරන ගමන් හිතුනෙ circus ඉගෙන ගත්තොත් නරකද කියලයි.

6 comments:

  1. සමහර කොටස් අඩු වැඩි වෙලා අපිටත් ඔය විදිහටම තමා දවස පටන් ගන්න වෙලා තියෙන්නේ

    ReplyDelete
  2. මේ වගේ අත්දැකීම් නොලබපු කෙනෙක් නැති තරම්. ඒ හැමෝම වෙනුවෙන් ලියන්න හිතුවෙ. ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට!

    ReplyDelete
  3. හායි පැංචි, බස් කෙරුවාව නම් මටත් අරහං දෙයක්. සටහන නම් ලස්සනයි.දිගටම ලියන්න.

    ReplyDelete
  4. බස් එකක නැගලා වාඩි උනේ නැත්නම් ඉතින් විසිවෙවි තමා ගමන. ඒ අතින් දුමරිය හොදයි. එත් වෙලාවට යනවනම්.

    ලස්සන සටහන්ක්..
    දිගටම ලියන්න

    ReplyDelete
  5. බොහොම ස්තූතියි ඔයාලා ඔක්කොටම......

    ReplyDelete
  6. පැංචිගෙන් අලුත් කතාවක් ලඟදි අහන්න හම්බුනේ නැති නිසා මම මේ පරණ කතා ටිකක් කියෙව්වා. හ්ම්...

    ReplyDelete