Sunday, July 19, 2009

ඩෙංගුවාගෙන් පාඩමක්

කන්තෝරු ගමනත් බක් ගාලා නැවතිච්ච එකේ පැංචි දැන් බොහොම විවේකි, අල්පේච්ඡ, දැහැමි හා නිවුණු දිවිපෙවතක් තමයි ගතකරන්නේ. තුන් වේලටම දෙයියනේ කියලා කාලා දිනපතා ස්නානය කරලා ඔය කියන විවේකය ගතකරනවා. හැබැයි ඉතින් ඔය විවේකයට කණ කොකා අඬපු එක්තරා අඳුරු කාලයකුත් පැංචිට ආවා.

සහශ්‍රයේ රජුට පිං සිද්ද වෙන්නඅම්මා මුත්තා කාලෙට පස්සෙනේ මේ හැමෝම නිදහසේ ගඳ සුවඳවත් විඳින්නේ. ඒත් ඉතින් මේ කරුමක්කාර ඩෙංගුවාගෙන්නේ බේරෙන්න බැරි. හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්ත වගේ. පඳුරක් පඳුරක් ගානේ ගහක් ගලක් ගානේ ඩෙංගු. ඒ මදිවට තව උෘරෙකුයි මීයෙකුයි සෙට් වෙලානේ මදි පාඩුවට. එතනින් නැවතිලා බේරුණොත් ඇති. සත්තු වත්තම පාරට බැහැලා මෙහෙම මනුස්සයට ගින්දර දෙන්න ගත්තොත් මිනිහා කියන සතාට වෙන්නෙ කූඩූවට යන්න. එහෙනම් තව අවුරුදු කීපයකින් මනුසත්වත්තට ආපු වඳුරු ගැටයෙක් වඳුරු අම්මගේ අතේ එල්ලිලා අහයි අම්මෙ අම්මෙ අර සතාටද මිනිහා කියන්නෙ කියලා. වඳුරු අම්ම ඔව් කියලා නිකන් හිටියොත් ඇති. ඔව් මයෙ රත්තරං අපි පැවතගෙන එන්නෙත් උන්ගෙන් තමයි කියලා කිව්වොත් මොන නව නංගිරාවක්ද? බෑ බෑ එහෙම වෙන්න දෙන්න බෑ. ඒත් දැං බලන්න මේ ඩෙංගුවා කරන විපතක තරම.

මෙන්න මේ අඳුරු, භීෂණ -අපොයි වැරදුණා, අඳුරු සීතල කාලවකවානුවේ තමයි ගහක් ගලක් වගේ හිටිය පැංචිත් හිටි ගමන් ඇඳට වැටුණේ. ඔය කාලෙම තමයි යම ගේමක් දීලා කෙලින් කරපු පැංචිගේ කොණ්ඩ ගස් එක දෙක වකුටු වෙන්න ගත්තේ. හරි අපරාදයක් වුණේ. හැබැයි වරදවා හිතන්න එපා. මේ අපරාධය පැංචිට වුණේ වාසිටියේ ගනුදෙනු වගයකට කොළොම්පුරේ ගිය කාලයේදී. නැතුව ගම්තුලානෙදි එහෙම නෙමෙයි. ඩෙංගුවෙක් තියා කෝඳුරුවෙක්වත් මේ අහලක පැංචිගේ ඇහැ ගැටිලා නෑ.

තත්වය ටිකක් නරක අතට හැරිලා රෙඩ් ලයිට් පත්තු වෙනකොට පැංචි රෝහල් ගත කෙරුණා. අනේ එදා ඉඳලා හත් දවසක්ම පැංචිට හරි හමන් කෑමක් බීමක් නෑ. ඇපල්, දොඩම්, සුප් වගේ දේවල් දොස්තරලගේ වදෙන් බේරෙන්න බැරි කමට කෑවා බීවා මිසක් නැත්තම් පැංචිට අල්ලයි ඔය අරුමෝසම් කෑම. යන්තම් ඇහැ කන ඇරගන්නපුළුවන් වෙනකොට පැංචි දැක්ක නරකම දේ තමයි බොහෝමයක් සුදු කබා දාගත්ත නූතන ජීවකයෝ තමන්ගේ ආච්චිලා, අම්මලාවගේ ඉන්න අසරණයින්ට කන පිරෙන්න කතා කරන හැටි. අනේ ඉතින් අර අහිංසකයෝ කබලෙන් ලිපට වැටුණා වගේ තමයි. මනුස්සයා මනුස්සයටම මෙහෙම කරනකොටනම් හිතෙනවා ඩෙංගුවා ඊට වැඩිය හොඳයි කියලා. ඇනලා ගියත් කවදාවත්බැනලා යන්නෙ නෑනේ. ඔය ටික දොහට පැංචිට හිතුණේ ලෙඩ විතරක්ම සනීප වෙලා මදි තව සුව කරගන්න ඕන තැන් බොහෝමයක් මිනිස්සුන්ගෙත් රටේත් තියනවා නොවෙද කියලා.

10 comments:

  1. අක්කේ ඹයාගේ කතා මරැනේ............................. habai attha

    ReplyDelete
  2. ආයි ආපු එකට සුභ පැතුම්,
    කරදර කාටද නැත්තේ හිත හදා ගනින් පැංචියේ.
    එත මෙ දැහැමි උ‍නේ කරදර එනකොට විතරද? එක නම් එච්චර හොද පුරුද්දක එහෙම නෙමේ.
    මටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔය ඉස්පිරිතාල.
    මැරෙන්න වැටුනත් මම නම් යයි. (ගෙදර උන් කුදලං ගියොත් මිසක්) හිකිස්
    ඔං දැන් තව ලෙඩක් එනවා ඔය පැත්තට
    මහා බයානක උණක් එක
    මෙකද්ද දන්නවද එක?
    චන්ද උණ
    පරිස්සමෙන්

    ReplyDelete
  3. මට නම් හිතෙන්නෙ දැනටත් ඉන්න සත්තු සේරම අපට නොපෙන්නුවට මිනිස්සුන්ගෙ ගොන්කම් වලට හිනා වෙනව ඇති.

    ReplyDelete
  4. "හරි හමන් කෑමක් බීමක් නෑ. ඇපල්, දොඩම්, සුප් වගේ දේවල්.."
    මෙච්චර හොඳ කෑම ජාති කාලා බීලා කියනවා හරි හමන් කෑමක් නැතිලු අනේ මන්දා?

    ගෙදර ඉන්න එකේ ඔය වට පිටාව සුද්ද කරලා දන්නකෝ

    ReplyDelete
  5. අනේ අපේ පැංචිට දෙයින්නෙම පිහිටයි . . . ! ඇපල් . . දොඩම් . . කාලා සුප් බීලා වැහරුනු ඇග . . . කොස් . . දෙල් . . අල . . බතල කාලා . . ආපහු ගොඩදාගෙන. . . සුපුරුදු පරිදි . . යහතින් චිරාත් කාලයක් . . බ්ලොග් ලිවීමට ආයිබෝවේවා . . . කියා පතනවා. . .

    ReplyDelete
  6. දැන් සනීපයි නේද? එහෙනම් ඒ ඇති.

    ReplyDelete
  7. ඒකනේ කියන්නේ.ඔයාලත් පොට පටලවගෙනනේ. ඕක මොකක්ද එක අතකට අච්චර දොස්තර විභාග පාස් කරපු ඇත්තන්ට පැංචිට වැළඳුන වසංගතය මොකක්ද කියලා කියාගන්න බැරිවුණ එකේ. ‍ඩෙංගු නෙමෙයි දරුවනේ. ඒක මේ වෙන මොකක්ද පොෂ් ලෙඩක්ලු. ඡන්ද උණත් මෙහේ හරියට අර කිව්වා වගේ. ඒක නම් උණක් නෙමේ වලිප්පුවක්.

    ReplyDelete
  8. ලෙඩ ඇ‍‍‍ඳේදි වෙච්ච හොඳම සීන් එක කියලා නෑනේ ඔයා... අර තෙලපවසුවේ කතාව... අනේ අම්මපා හොඳ වෙලාවට මේක මගේ බ්ලොක් එක නෙමෙයි.

    අනිත් යාලුවන්ට-- යාළුවනේ මදුරුවන්ට බ්ලොග් ලියන්න පුලුවන්නම් ලියයි මාර මාර කතා. මොකෑ දන්නවද, පැංචිව කාපු මදුරුවන්ට ඔරිෆ්ලේම් කියලා ලෙඩක් හැදිලා... :D හේතුව පස්සේ කියන්නම්...

    ReplyDelete
  9. පැංචි දැන් බ්ලොග් ලියන්නේ නැද්ද?

    ReplyDelete
  10. ලියනවෝ......පැංචි වහුං වෙලා හිටිය දොහේ වුණ හුටපටස් මල්ලත් අරං එනකං කට්ටිය ඕං ඔහෙට වෙලා හිටියනං..අනේ පැංවි මතක උන්දැල තාම ඉන්නව වගේ.

    ReplyDelete