Wednesday, March 24, 2010

ද රිටං ඔප් පැංචි..... :)


හා......ක්! අප්පා.....කලකට පස්සේ ඕං දැනුයි වෙලකට බැස්සේ. ඔන්න ඉතිං කට්ටියම එකතු වෙලා පැංචිට නම් බනින්න එපා! ඒකී මොන වරදක් කලාටද? පැංචි පහුගිය දොහේ ආයෙත් වහං වෙලා හිටියේ ඕන කමෙන් යැ?

පැංචිගේ සහෝදරයා ඒ කියන්නෙ පැංචා ගේ කම්පීතර මැෂිම නොවැ පැංචි පාවිච්චි කලේ. ඕං ඉතිං ඒකට මේ පහුගිය අවුරුද්දේ දෙයියනේ කියලා හෙනහුරා වැහුනනේ. දැං ඉතින් වෙන කුමක් කරන්නදෝ කියලා පැංචිත් බලාගත්තු අත බලාගෙන හිටියේ හිතකින් නෙමෙයි.

කොම්පැණියත් වහලා කාලාන්තරයක් ගත වුණා. පැංචිගේ පොකට්ටුවෙත් පතුල පේන්න පටන් ගත්තා. ඔය කාලේ තමයි පැංචිට ටෙලියක රඟ පාන්න පොට්ට චාන්ස් එකක් ආවේ.පැංචිට ඉතිං ආවොත් පොට්ට පහේ ඒවා තමයි. නමො විත්තියෙන් දකුණු පය කරට අරන් පැංචි ලැබිච්ච චරිතේවත් හොඳට කරලා ගොඩ යන්න හිතුවා. ටෙලියෙ නම " කාලකණ්ණියෝ" පැංචිට ඒකේ ලැබුණේ රැකියා විරහිත උපාධිධාරිණියකගේ චරිතයක්. ආය ඉතින් අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් නැති නිසාත් චරිතයේ අත්දැකීම් බහුල නිසාත් පැංචිට වැඩේ චී........ස් වගේ.

ඔන්න ඉතින් ඔය විදිහට අවුරුද්දක් විතර ඇදිලා ඇදිලා ටෙලිය කාලයේ තාලෙට මෙගා සයිස් වුණා. වැඩේ රබර් වුණ නිසා පැංචිගේ ආච්චිඅම්මා මේක බලබලා ඉන්න හොඳ දෙයක් නෙමෙයි කියලා කෙල්ලගේ වේලාපත්කඩේවත් බලාගන්නැයි කියලා ගියා ජනාධිපති සම්මානලාභී ජ්‍යෝතීර් වේදියෙක් ලඟට.සෙල්ලම් නෙමෙයි මනුස්සයාගේ බෙල්ල 24 කැරට් පාත්තියක්. බරටම නැමිලා. අපරාදෙ කියන්න බෑ පැංචිගේ හඳහන බලලා මිනිහා හොයාගත්ත ලෙඩේ. පැංචගේ කම්පීතර මැෂිමට වහපු හෙනහුරාම තමයි. ඇස් වහක් කටවහක් නෑ හෙනහුරාට පින් සිද්ද වෙන්න පැංචිගේ ඩිගිරියත් පුස් කන්න පටන් ගත්තා.පැංචිත් නිකන් හිටයේ නෑ.

ඩිගිරිය පැත්තකින් තියලා දහිරිය අරෙගන වැඩක් පටන් ගන්න හිතුවා. දන්න සාස්තෙර් පෙට්ටගමේ තියලා හරියන්නෙ නෑනේ. අයිබුන්ටු පැත්තෙ ගිහින් ඇස් වන්නිආරච්චි සහෝදරයගෙන් පොඩි හැල්ප් එකක් අරන් ගැහුවා පුංචි පහේ හෑන්ඩ් බිල් එකක්. "ඉංග්‍රීසි පංති- මෙහෙයවීම පැංචි" වැඩේනම් පංකාදු පහයි ඒත් ඉතිං ඕක ඉංග්‍රීසි පංති නොවී ඔන්න කරටි කඩන් ඇඹරෙන්න උගන්නන ඩාර්න්සින් ක්ලාස් එකක් වුණානම් මෙයාලා කියලා වැඩක් නෑ පැංචි අද අඩුමගානේ සෙකන්ඩ් හෑන්ඩ් කාර් කබලක්වත් අරගෙන.

කාලෙ එරර් එකක්ද නැත්තම් පැංචි ඉගෙන ගත්තු සාස්තරේ එරර් එකක්ද මන්දා වැඩේ ලොප් වුණා. එරර් එක හොයාගන්න බැරුවයි පැංචි තාමත් ඉන්නෙ. ඔයාලවත් හොයාගත්තොත් පැංචිට දැනුම් දෙන්න හො‍‍ඳේ.




8 comments:

  1. ම්හු හරියන්නෑ බග් එකක්වත් අරන්න වෙයි වගේ.
    අර බෙල්ල හාවෙක් එහෙම දැක්කොත් තමයි වැඩේ

    ReplyDelete
  2. නරකද පොඩි බුලත් විට කඩයක් වත් දා‍ගත්තොත්
    කොළඹ පැත්තේවත් ආවොත් ඡොබක් සැට් කරගන්න සප් එකක් දෙන්න තිබ්බා
    කොහෙද ඉන්නේ පොඩි පහේ දුරකයෑ

    ReplyDelete
  3. අනේ දුන්නෙ නැතත් කමක් නෑ කිව්ව එකමත් ඇති නොවැ. ඒත් මේ කාලෙත් හොඳ නෑ. ඔය වගේ පොරොන්දු හතර වටෙන්.

    ReplyDelete
  4. මම අද තමයි පැංචිගේ බ්ලොග් එක දැක්කෙ. හොඳයි..හොඳයි. රසවත්ව ලියලා තියෙනවා. ඔහොම යං..ඔහොම යං..!!!!

    ReplyDelete
  5. @නිර්මල: අනේ ඉස්තූතියි පැංචිගේ බ්ලොග් එක බැලුවට.

    ReplyDelete
  6. බ්ලොග් ලියන ඉංග්රීසි ටීචර් කෙනෙක් හොය හොය හිටියෙ මෙච්චර දවසක් ගූරැ හරැ කම් ගන්න කියල අපේ බ්ලොග් එකටත්. ඇති යන්තම් කෙනෙක් හම්බ වුනා. ඔන්න මමත් දැන් පස්සෙන් එන්න (follow) පටන් ගත්ත :)

    ReplyDelete
  7. @ SACHIRA හක් හක් හික් හික් පැංචිගෙන් ඉංගිරිසි ඉගෙන ගන්න කමැති කට්ටියත් ඉන්නවා නේද? හරීම සතුටුයි. ඕන උදව්වක් ඉල්ලලා වරු තුනෙන් ලැබෙයි.

    ReplyDelete
  8. ඔනන් ඔය සබ්බ සකලමනාවම කරගහගෙන කුශානයයි බ්ලොගියයිත් අරගෙන මේන්න මෙහේ ඩුබයි අබුඩාබි පැත්තේ වරෙල්ලා ළමයිනේ . ..

    ReplyDelete