Sunday, May 30, 2010

පැංචියි, උපන් දිනෙයි, ලෝන් එකයි, 2012 ලෝක විනාසෙයි

අවුරුදුත් ආවා ගියා. වෙසක් පෝයත් ඉවරයි. ඊළඟට පොසොන්. ඒකත් එයි යයි. පැංචිගේ උපන් දාතමත් කමින් සූන්. හයියෝ ඒකනම් අමතක කරන තරමට ‍හොඳයි වගේ. එක පැත්තකින් වයසට යන එක ගැන දුකයි(ඉස්සර සෙල්ලම් දැන් බැරියෝ බැරියෝ. වයසට යනවා පැංචි චෙරියෝ චෙරියෝ). අනිත් පැත්තෙන් සාක්කුව හිස් වෙන එක ගැන දුකයි. ඔන්න කට්ටිය එකතු වෙලා සර්ප්රයිස් පාටියක් (surprise party) වත් දෙනවනම්.....අපේ බ්ලොගී නංගි එහෙම බලාගෙන ඉන්නවනම් පැංචි දුන්න අයිඩියා එක ඕං.

ඇත්තටම දැන් තියන ක්‍රමය වෙනස් වෙන්න ඕන නැද්ද?ඔය පුදුම කිරීමේ කලාව කාලෙට ඔබිනවා වගේ. බලන්න දනට පිනට කැමති ඈයන්ට පිං රැස් කරන ගමන්ම එන්ටටේන් කරන්නත් හැකියි. එමෙන්ම සාම්ප්‍රදායික බවෙන් තොරයි. කාලීනයි. හැබැයි එකම එක හිඩැසක් තියනවා. පැංචිගේ පාටියෙන් පස්සේ ඒ ක්‍රමය නැවත වෙනස් විය යුතු බැවින් දීර්ග කාලීන නෑ.

ගල් බෝර නොදැම්මට මොකද නිකන් තට්ටුවක් දැම්මත් ඇති ඉලක්කම් පහේ පඩිය කුඩු වෙලා යන්න. මොන දේ කරන්නෙත් 2012 වෙනකන්නේ. එහෙම කිව්වට කට්ටිය "ඍණවාදී" වෙන්න එපා පැංචි වගේ හැමතිස්සෙම "ධනවාදී" වෙන්න. මොකක්වත් වැරදුණාද මන්දා?


2012 කිව්වමයි මතක් වුණේ. දැන් ඔය එනවා...යි කියන ලෝක වින්නැහිය ඇත්තටම ආවොත් පැංචි ගොඩම තමයි. මොකද පැංචි පස් මහ බැලුම් බලලා ගැහුවා ලෝන්ග් ලෝන් එකක්. පොතේ හැටියට ගෙවලා ගෙවලා කම්බස් වෙන්න තියෙන්නේ 2013. පැංචි බලපු පස් මහ බැලුම් වලින් පළවෙනි එක නම් හොඳයි වගේ. හරි...තර්කයක් නෑ වෙන එකක් වුණාවේ ඔක්කොම දහං ගැට හුස්ම පොද රැක ගන්නනේ. 2012 ආවත් නාවත් සර්කිට් එකට වතුර බින්දක් වැටුණත් ඇති නොවැ ෆියුස් යන්න. "හුටස්" ගියා...

8 comments:

  1. පැංචි ගහන්නේ මාර දහම් ගැට තමා !!! (විහිලුවට කියුවේ හොඳේ !!)

    ReplyDelete
  2. පුංචි පැචිංයෝ..

    මට හිතෙන හැටියට

    ෆිනෑන්ස් කරලා කැරට් හාරන්න ට්‍රැක්ටර් එකක් එක්ක නැගලා ඉන්ට. සබ්මෑරීන් එකක් අරන් දා ගත්තනන් හරි.
    අපේ යාලුවෙක් නම් මේ දවස්වල පීනන්ට පුරුදු වෙනවා..

    ReplyDelete
  3. හා දැන් මං උඹට සර්ප්‍රයිස් පාටි ඇරෙන්ජ් කරන්න ඕන..ඒකත් හරි! දැක්කනේ කාගෙ කාගෙත් උපන් දින වලට අපි දුන්න සර්ප්‍රයිස් කොහොමද කියලා...! පැංචි මැරෙන්න යනවා කියලා සිඩ්නිව වත් ගෙන්නල දෙන්න තමා වෙන්නේ..කොහොමද ඒක..ඔළුව නැති ටෙඩි බෙයාර් කෙනෙක් දුන්න එකටනම් රිටන් එකක් දෙන්නම ඕන..හිටුකෝ..!

    ReplyDelete
  4. හිහ් හිහ් හි ශ බ්ලොගි අක්කිට මරු තෑග්ගක්නෙ කලෑබිල තියෙන්නෙ..

    ReplyDelete
  5. @ හිඟන්නා : ඇත්තම කිව්වොත් එක එක වර්ෂන් වලින් අපි කවුරුත් ගහන්නේ "දහං" ගැට නොවැ.

    @ නිපුන චාමින්ද: සබ්මැරීන් කතාවනම් තේරැණා. ඒත් මේ කැරට් හාරන ටැට්ටරේ මොකටෙයි?

    @ ෆා ද බ්ලොගී: මේ බ්ලොගියෝ බෙලි කැඩිච්ච ටෙඩි මොටාලා එහෙම දෙන්න හිතන්න එපා. ඒවා දැං යල් පැනපු සර්ප්‍රයිස්. ඕනි නම් පැංචිම දෙන්නම් ග්‍රෑන්ඩ් අයිඩියා එකක්.

    @ Kandulu Binduwa: බ්ලොගී අක්කා ඉල්ල‍ලමයි ඒක ගත්තේ නැත්තම් රජ තෑග්ගක් දෙන්න හිටියේ.

    ReplyDelete
  6. එන්ඩ තිෙයන එක සුභම සුභ උපන්දිනයක් ෙව්වා

    ReplyDelete
  7. 2012 වෙනකන් සුභ උපන්දිනයක් ෙව්වා!!!

    ReplyDelete
  8. @ ගයාන් තාරක & @sacsphotography: තැන්Q වේවා!

    ReplyDelete