Saturday, March 21, 2009

පැංචිගේ වා.......සිටි විත්ති

ඔයාලට කියන්න මෙහෙම හයක් හතරක් නොතේරුණා වගේ හිටියට පැංචි වාසිටි යෙත් කරක් ගහලයි ඇවිත් ඉන්නෙ.මිණිපිරීගේ පෙර පිනක් නිසා තමයි වාසිටි යන්න ලැබුණේ
කියලා පැංචිගේ ආච්චි අම්මා කිව්වට මොකද පැංචිට නම් ගිය දවසේ ඉඳලා හිතුණේ මොකක්දෝ පෙර පවක් පඩිසන් දෙනවද කොහෙද කියලා. අනේ ඉතින් ඒ වෙන
අහවල් දෙයක් නිසාවත් නෙමෙයි දන්න කියන ගම රට දාලා නොදන්නා දීපංකරයක තනි වෙන්න වුණ නිසයි. නොදන්න පුඩිමට වඩා දන්න බිබික්කම හොඳයි කියලා පැංචිට
හිතුණ වාරත් අනන්තයි. ඒත් ඉතින් මේක සුලුපටු වරප්‍රසාදයක්ද නිකන් කෙහෙල් ලෙල්ලක් වගේ විසික් කරන්න?


ඕකෙන් මේකෙන් කොහොම කෙහොම හරි සබ්බ
සකලමනාවම නැව් පටවගෙන පැංචි වාසිටි එන්න පිටත් වුණා.


වාසිටියත් මහ අරුම පුදුම වැඩ සිද්ද වෙන තැනක්. වෙලාවකට මාර ජොලි වෙලාවකට මාර ඇණයක්. ඔය හැම දුකක් සැපක්ම ඉතින් තරාදිය වගේ බැලන්ස් එකේ තියනවා.

ඉතින් දවසක් වාසිටි කොල්ලො කෙල්ලො ටික එකතු වෙලා අමුතු පහේ ප්‍රසංගයක් සංවිධානය කලා. ඒකාලේ බල්ලා පූසා පවා හොඳට අඳුරන තරු රැල්ලෙ කොල්ලො ටිකක් කමයි ප්‍රසංගයට සහභාගි වුණේ. බණක් දහමක් පිරිතක් වෙලාවට අතේ ඇඟිලි ගානට සෙනඟ හිටිහට මොකද
එදානම් පෝලිම් පහක් හයක් තිබුණා. බලන්න ඇවිත් හිටියේ බොහෝමයක් කාන්තා පාර්ශවයේ උදවිය. ඒකත් මේ හරියට මේ කාලේ හැමතැනම තියන රූපලාවන්‍ය
වැඩමුළුවක් වගේ. වෙනසකට තිබ්බේ තරු කොල්ලො ටික කොණ්ඩ දාන කපන හැටි උගන්නනවා වෙනුවට සිංදු කියපු එක.


පැංචිත් ඉතින් හැමදේටම ඔලුව දාන එකේ ඔය ආටක නාටකයත් පොර කන කෙල්ලො රොත්තට වැදිලා උදේට ප්‍රයිවට් බස් එකේ යනවා වගේ තනි කකුලෙන්ම හිටගෙන බලන්න පටන් ගත්තා. තරු කොල්ලො එකා දෙන්නා ඇවිත් එක එක ජාතියේ ගීත ගායනා කරලා ගියා. ඔය අතර හිටිය හීන්දෑරි උස තරු හාදයා වේදිකාවට පය තිබ්බා විතරයි ප්‍රේක්ෂකාගාරය දෙවනත් වෙන්න වාසිටි කෙල්ලො ටික බෙරිහන් දෙන්න ගත්තා. මෙලෝ රහක් නැතිව උන් තැනින් හෙලවෙන්න බැරිව හිටිය පැංචි උඩ ගිහින් බිමට වැටුණේ මෙච්චර වෙලා යසට හිටිය ලඟ හිටපු කෙලි පැටික්කියක්
ගිරිය යටින් කෑගහන්න පටන් ගත්ත නිසා. ඒ මේ හීන්දෑරි තරු හාදයගේ උන්මන්තක රසවතියක්. ප්‍රේක්ෂකාගාර‍යෙන් 99%ක්ම හිටියේ එහෙම උදවියයි.


ඔන්න ඉතින් අර හීන්දෑරි තරුණයා කෙල්ලන්ගේ ප්‍රීතිඝෝෂා මැද එක එක සෙල්ලම් දානවා. සිංදුව කියන ගමන් මිනිහා නිකමට දකුණු අත ඔසවලා ආචාර කලා මෙන්න බොලේ කෙල්ලො ටික ආය එක
හඬට කෑගහන්න ගත්තා. ආය ටික වෙලාවකින් ඒ හාදයා රවුමක් කැරකිලා වම් කකුල ඉස්සුවා. සෙල්ලම් නෙමෙයි මෙන්න කෙල්ලො ටික ආය කෑගහන්න ගත්තා.


හරි පුදුමයි ඒ හාදයගේ ශරීර අවයව වලට තිබුණේ මහ බලගතු ශක්තියක්. ඕක බලාගෙන හිටිය වාසිටි කොල්ලන්ට උූරු ජුවල්. අපි අතක් කකුලක් නෙමෙයි ශරීර කූඩුවම හෙල්ලුවත් මුන්ට
ගානක් නෑ. ඒකට දැං කියලා කොල්ලො ටික දෙනා එකතු වෙලා අර හාදයා සිංදුව කියලා බැහැලා යනකොට දුන්නෙ නැද්ද හූ පාරක් පලාතම දෙදෙරන්න. කෙල්ලො පරාදයි. ඒ
සද්දෙන් ටිකක් හෙල්ලුණ අර හාදයා හෙමීට සහපිරිවර සමඟ එතනින් ලිස්සලා ගියේ ගල් ආඳෙක් වගේ.


ඊට පස්සෙ වාසිටියේ සුළු සුළු කළබගෑනි ඇතිවේන්නත් පටන්ගත්තා.
කොහොම කොහොම හරි එදා වුණ ඇබැද්දියෙන් පස්සෙ ගමේ වැළ ගෙඩි ටික ගමේ කාක්කො ටික බොහොම ප්‍රවේසමෙන් බලා කියාගන්න ඉදිරිපත් වුණා.


හැබැයි ඉතින් පහුවෙනිදා තිබුණ ගෝලීයකරණය හා තුන්වෙනි ලෝකය දේශනයට සහභාගී වෙලා හිටියේ ඉස්සරහා පේළි තුන පිරෙන්න තරම් පිරිසක් විතරයි.

25 comments:

  1. ඇත්තනේ පැංචි, ඉරිසියාව කියන්නේ අපේ වාසිටි වල මහා පොදු සාධකේනෙ. හැබැයි මට නම් හිතෙන්නේ පැංචිත් එදා ඒ හීන්දෑරි කොල්ලට හුරේ දාන්න ඇති කියලයි.

    ReplyDelete
  2. ඇත්ත පැංච්.අපේ වාසිටි වල මහා පොදු සාධකය තමයි ඊරිසියාව.
    පුද්ගලික වි.විද්‍යාලවල ලමයින්ට නම් ඊරිසියාව කියල එකක් ගෑවිලා නැහැ.හරිම නිර්මලයි :):)

    ReplyDelete
  3. පුද්ගලික විශ්වවිද්‍යාල - රජයේ විශ්වවිද්‍යාල ගැන කතාව මෙතනට එතරම් අදාළ නැහැ කියලයි මට හිතෙන්නෙ. මිනිස් වර්ගයාගෙ සාමාන්‍ය ලක්ෂණයක් ඔය ඊර්ෂ්‍යාව. ඉතින් ඒක කොතනත් තියෙනවා.

    ReplyDelete
  4. මචං අරවින්ද, කැම්පස් එකෙකුට උඹේ බඩුව ගොඩ ගියාවත්ද මෙච්චර තරහ ගිහින් ඉන්නෙ

    ReplyDelete
  5. මං හිතන්නේ පැංචියේ ඒ කොලු ගැටයා යන යන තැන ඔහොමද‍ කොහෙද.. කොහොමත් අපේ කෙල්ලන්ගෙත් පොඩි ඔළුවේ අමාරුවක් තියනවානේ.. කොල්ලෝ ඉතිං ඒකට කැමතිවේයෑ...

    ReplyDelete
  6. හපෝ බන්... ලැජ්ජයි නේ

    ReplyDelete
  7. අරවින්ද මේකටත් ගොම බෙට්ට උස්සගෙන ඇවිත් නේ.. පැංචි ඔන්න සමාසික අවසාන විභාගයට වැඩි ලොකු ප්‍රශ්න පත්තරයක් අහයි උත්තර දෙන්න යන්න එපා. මිනිහට උත්තර පේන්නේ නෑ...

    මොනව වුනත් කොල්ලෝ කරපු වැඩේ නම් එළ... ;)

    ReplyDelete
  8. ඔව්, ඔව්, තමන්ට කිසි දෙයක් කරගන්න හැකියාවක් නැතුව, වෙන කෙනෙකුට ඉරිසියාවෙ හූ කියන එකත් සමහරුන්ට නම් එළ ක්‍රියාවක් තමා. බැරිකොට වෙන මොනවා කරන්නද? අනෙක හූව කියන්නේ ඔය කැම්පස් වල ඉන්නා වැඩි හරියකගේ ජාතික බාසාවනේ. (හැමෝගෙම නෙවෙයි.) ඒකනේ අපි 1948 ඉඳන් සුද්දට හූ තිය තියා ඉන්නේ අපි මොකුත් කර නොගෙන.

    ReplyDelete
  9. කවුද අප්පා මේ උඩින් ම කමෙන්ට් දාලා තියන "අරවින්ද"
    ඒ "අරවින්දගේ වියමන" බ්ලොග් එක ලියන කෙනා නෙමෙයි.

    කොහොම වුණත් අරවින්දලා කීපදෙනෙක් ඉන්න එකේ හරිහමං එකවුන්ට් (Google,Wordpress,OpenID) එකකින් කමෙන්ට් තිබ්බොත් නරක ද.

    මේකෙ තියන කමෙන්ට් කියවපු මගේ යාලුවෝ කීප දෙනෙක් නිසා තව ඩිංගෙන් මං ලොකු අමාරුවක වැටෙනවා.

    ReplyDelete
  10. අපිට නම් ආරංචි උනේ සමහර ලමයි ඒ තරු මල්ලිගේ කලිසමේ එල්ලිලා ගමරාල වගේ දිව්‍ය ලොකේ යන්න හැදුවා කියලයි......

    ReplyDelete
  11. මේ.. මචන් අරවින්ද? පොඩි කොක්කක් තියෙනවා. සුද්දට හූ නොතියන උඹ මොන ජාතකේද? බන් තාත්තා සුද්දෙක්ද?

    ReplyDelete
  12. අපේ රීඩ් මාවතේ අම්බලංකොන්ඩයයි, රාජකීය උගුඩුවයි මේකටත් ඔලුව දාල වගේ.
    අනේ චමිල උගුඩුවො, හැම තිස්සෙම ඉල්ලගෙන නා ගන්නෙ නැතුව හිටපන්.උබ කරන්නෙ හැම එකටම පැනල උබ චාටර් වෙන එකනෙ.රීඩ් මාවතේ එවුන්ට අකමැති අය කොච්චර ඉන්නවද කියල මේ දවස් ටිකේ දැක්කනෙ.
    රාජකීය උගුඩුව යන යන තැනට මඩ වඩිනව.උගෙ රාජකීය කම මඩ නාන එක වෙන්න ඇති.

    ReplyDelete
  13. ඔව්, ඔව්, සුද්දට හූ තිය තිය තමන් බකං නිලාගෙන හිටියාම ඔක්කොම හරියයි.

    ReplyDelete
  14. අනේ මැටිපාන් මම නම් ආපහු කොමෙන්ට් දාන්නෙ නෑ.
    අද උගුඩුව ආපු දෙන්කො අපේ ඔක්ස්ෆර් එකට.උගුඩුවට ඒකෙ හැටි කියල දෙන්න.
    අපිට විරුද්ධ අය මෙච්චට බ්ලොග් කියවනයේ ඉන්නව කියල මට හිටන්නත් අමාරුයි මැටිපාන්.අපි ගියෙ ලෝකෙ හොදම විද්ව විද්‍යාලයටනෙ.දැන් ඉතින් ඒකත් හොර ගුහාවක් ලුනෙ.අපේ වීරසිංහ කාරයයි හර්ෂ කාරයයි කරන ගැහිලිත් දැන් මාට්ටුනෙ.අපි මැරෙමු අනේ මැටිපාන්.

    ReplyDelete
  15. මැටි පාන් සොරිම තමා බන්. ඒක නෙමෙයි. බියොන්ඩ් ප්‍රේමයා උඹටයි අම්බලමටයි පස්සට දෙකක් දීලා පැන්නුවා නේද?

    ReplyDelete
  16. අනේ ඔව් ස්වීට් උගුඩුව, උබටත් දෙකක් දීල අපේ හාවර්ඩ් එකෙන් එලවල දාන්න ඉන්නෙ.

    ReplyDelete
  17. ඔව් අනේ, අපි තමයි දැන් තුං මුල්ලෙ තියෙන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙ ජෝකර්ල ටික.

    ReplyDelete
  18. අනේ මේ මල්ලිලා කමෙන්ට් වලින් ගහගන්නවනේ.පැංචිට අඬන්න හිතිලා තියෙන්නෙ.

    ReplyDelete
  19. තමන්ගේ ප්‍රශ්ණ තම තමන්ගේ බ්ලොග් වල ඉඳන් විසඳ ගැනීම විනා අන්‍යන්ගේ බ්ලොග් විනාස කිරීම මම නම් හෙලා දකිමි... පැංචී හට වෙනම ලේඛන කලාවක් ඇති ඇති බැවින් එයට අදාලව අදහස් ප්‍රකශය මැනවි සියලු දෙනා මෙයට වගකිව යුතුය ... සමහරවිට මමත් ... සමාවෙයන් පැංචී...

    ReplyDelete
  20. අනේ මන්ද පැංචියේ. පෙනේද අපගේ උගත් විශ්‍වවිද්‍යාල සහෝදරයන්ගේ වැඩ. යන්නෙ කොහෙද, මල්ලෙ පොල්. මට හිතෙන්නෙ මෙතන පැංචි පරණ කතාවක් කියල විතරයි. අර මැක්කගෙ කතාව වගෙ මේ දවස්වල සිංහල බ්ලොග් අවකාශෙ කට්ටිය ගුටි ඇනගන්න මේ පුද්ගලික විශ්‍වවිද්‍යාල ප්‍රශ්නෙ මේකටත් උස්සගෙන ඇවිත්. උගත් මිනිස්සු ප්‍රශ්ණ විසඳන්නෙ ඔයාකාරයෙන් වෙන්න ඇති. හික්..පැංචි ඕවා ගනන් ගන්න එපා. දිගටම ලියන්න.

    ReplyDelete
  21. අනේ පැංචි වෙනුවෙන් කතා කරන අයට ස්තූතියි. ඒකනේ කියන්නෙ අපේ අය ප්‍රශ්න විසඳන විදිහනම් හරිම කණගාටුදායකයි.

    ReplyDelete
  22. අනේ අනේ... මේ පැංචි පැංචි කිව්වට මං බැලුවෙ මොන්ටිසෝරි ළමයෙක්වත්ද කියලා... මොන... අවුරුදු 24ක නාකි නංගි කෙනෙක්නේ... ඔය කියපු හීන්දෑරි කොල්ලා මගේ හිතේ ශිහාන්වත්ද මන්දා...

    ReplyDelete
  23. මා විසින් ඉහත සඳහන් කරන ලද "අපගේ උගත් විශ්‍වවිද්‍යාල සහෝදරයන්ගේ වැඩ" යන වැකියෙන් මා අදහස් කලේ මට ඉහතින් comments දමා ඇති අයගේ ප්‍රකාශ වලටයි. මා දන්නා පරිදි ඔවුන් බොහොමයක් විශ්‍වවිද්‍යාල ශිෂ්‍යයන් වන බැවිනි. නමුත් පසුව වැටහී ගිය පරිදි සත්‍ය තත්වය නම් තමාගේම අනන්‍යතාවයකින් තම අදහස ප්‍රකාශ කිරීමට බිය හෝ කොන්ද පන නැති, හීනමානයෙන් පෙලෙන මානසික අසහනකාරයින් අනුන්ගේ නමකට මුවාවී මේ පැංචිගේ අවකාශයද තම පුද්ගලික තරහ පිරිමසාගැනීම සඳහා යොදාගෙන ඇති බවයි. එබැවින් ඉහත comments වල නම්වල සැබෑ හිමිකරුවන්ට මාගේ විග්‍රහයෙන් යම් අපහසුතාවයක් වී නම් ඒගැන මගේ කණගාටුව ප්‍රකාශ කිරීමට මෙම සටහන පලකරමි. මේ සම්බන්ධයෙන් මා දැනුවත් කල සැබෑ "උගත් විශ්‍වවිද්‍යාල සහෝදරයන්" ට මාගේ තුති.

    ReplyDelete