Monday, September 6, 2010

පැංචි in Wonඩර්ලන්ඩ්


වෙනදා වගේම ඇඳ බදාගෙන කෑදරකමට හිටපු පැංචිට පස් වෙනි
හීනෙකුත් පෙනුනා...... හැමදාම පාතරසේට සැපත් වෙන රවුම් මූණා ඒ කිව්වේ පැංචිගේ ආදරබර පැංචා පූස්, ආඩම්බරෙන් වල්ග කොටෙත් වන වනා හිනාවෙනවා. ඒ අතර පැංචි විභාගයක් ලියනවා. කොලේ අතට ගත්තා විතරයි වෙලාව ඉවරයි කියලා ඒකත් අරන්ගියා. පැංචිට දරාගන්න බැරි දුකක් ආවා. හයියෙන් අඬන්න කට ඇරියා විතරයි විභාග ශාලාවේ කොනේ හංගලා තිබ්බ ටයිම් බෝම්බයක අන්තිම තප්පර කීපය ගෙවෙන්න ගත්තා. 


ටික්...ටික්....ටික්.....ටික්....

පැංචි දුවනවා. ඒත් එකම තැන. 

රවුම් මූණා හිනා වෙවි පැංචිව පහුකරගෙන ගියා. දුවා ගන්න බැරි තැන පැංචි බිම වාඩිවෙලා ආයෙ පාරක් හයියෙන් අඬන්න කට ඇරියා. ඒත් එක්කම එතනට ආපු ට්විලයිට් එකේ ‍ජේකොබ් එකපාරට වෘකයෙක් වෙලා ටයිම් බෝම්බය ගිල්ලා.  පැංචි වෘක ‍ජේකොබ්ව බදාගන්න අත් විදාගෙන පනිනකොට එයා ඤා....ව් ගාගෙන යන්න ගියා. 

ආයෙත් අඬන්න කට හැදුවා විතරයි........ පැංචිගේ පශ්චාත් භාගයට දරුණු ගනයේ ප්‍රහාරයක් එල්ල වුණා. අපොයි...! 
පැංචි ඇලවිච්ච ඇස් අමාරුවෙන් ඇරියා. ඇඳ අයිනේ හිටගෙන හිටි පැංචිගේ මවු ඔරවන ලීලාවවක් යන්තම් සන්තම් පෙනුන නිසා පැංචි  මරන්න ගෙනියන හරක් පැටියෙක් වගේ අකමැත්තෙන් වැනි වැනි ඇඳෙන් බැස්සා. 




ඤෑ.........ස්  පැංචි ගැස්සිලා ගියා. අප්පද බොල ඇඳ යට ‍නිදන් හිටි රවුම් මූණාගේ වලිග කොටේ උඩට නොවැ පැංචි ලෑන්ඩ් කරලා තියෙන්නේ. ඌ ගේම දෙවනත් වෙන්න කෑ ගහගෙන දිව්වා මෙලෝ සිහියක් නැතුව. 

වෙලාව තිතට හතයි. අට හමාරට පෙර කන්තෝරුවට වාර්තා කිරීම වටී. අටයි කාලට මාතලී පැමිනෙයි.අද නම් මූණ ස්ක්‍රබ් කරගන්නැතුවත් බෑ. අඳින්නේ මොකක්ද කියලවත් හිතලා නෑ. 

පැංචි ඇඳුම් අල්මාරියට ගොඩ වුණා. පිදුරු ගොඩේ ඉඳිකටු හොයන එක ලේසියි මේකේ ඇඳුමක් හොයනවට වඩා. ඔලුව ඔබං ඉඳලා ටික වෙලාවකින් පැංචිගේ ඔලු ගෙඩියත් කැරකෙන්න ගත්තා. 

වෙලාව හතයි කාලයි. කරන්න වැඩ කෝටියයි. ඔක්කොම නිවි හැනහිල්ලේ කරන්න ගියොත් මාතලී යන්න යයි. 

පැංචි වට තුනක් කැරකුණා. හැරි පෝටර්ට වගේ වොන්ඩ බාර් එකක් තිබ්බනම් නැත්තම් බියුටි ඇන්ඩ්ද බීස්ට් එකේ බියුටිට වගේ පෙරැස් මුද්දක්වත් තිබ්බනම් මෙලහකටත් කන්තෝරුවේ. ඕවා මේවත් ඔලුවෙ වැඩ කරන ගමන් පැංචිගේ මවු කටේ ඔබාපු බත් කටකුත් හප හපා පැංචි ත්‍රීවිල් රථයට ගොඩ වුනා. ඇතුලෙ ඉඳගෙනම ඔලුවත් පීරගෙන මේකප් ටිකකුත් උලාගෙන සූටියත් කර තියාගෙන පැංචි කාර්යාලයට පය තියන කොටම යන්තම් අටයි විසි නමය වුණා විතරයි. 

හෑක්....... පැංචිද කොහෙද උදෙන්ම ඇවිත් තියෙන්නේ. 
ආ....නෑ...නෑ..ලැබ් අඩවියේ කම්පීතර දෙකකට අරක් ගත් මනුස්ස පරාණ දෙකක් පැංචිගේ ඇහ ගැටුණා. එක් පරාණයක් සසී නැමති කාලවර්ණ තරුණයෙකු වූ අතර අනෙකා කෙස් විදාගත් කුෂාන් නැමැත්තෙක් විය. පැංචි වීදුරු කුටිය පැත්ත නම් වැඩිය බලන්න ගියෙ නෑ. ඇඩ්මින් පුටුවනම් කලින් දවසේ කැරකුනු විදිහටම තියනවා. සුදු ඇඩ්මින් අක්කා දැන්ම එන පාටක් නෑ වගේ. 

ඉහළට ඇදපු හුස්ම සින්ග් ගාලා පහලට දාගෙන මල්ලත් ලොකර් කූඩුවේ හිර කරලා හනික පහන පත්තු කරල බුදුන් වැන්දා. උදේ වරුවෙ පන්තියකට දරුවො කීපදෙනෙක් ඇවිත් හිටිය නිසා පැංචි ඒ කාර්යට මුළු හදින්ම යොමු වුණා. 

අනේ ඒත් ලඟකදි ඉඳලා දෛවය පැංචිට සරදම් කරන්නෙ හරිම දරුණු විදිහට.දවසේ පූර්ව භාගයේ කළ යුතු භාරදූර රාජකාරියක් කලට වේලාවට නොකිරීමේ ආනිසංස පහළ වීම හේතු කරගෙන පුදනකොටම කාපි යකා කියලා සුදු බෝඩ් එකේ කලු මාකරෙන් ලියාගෙන ගිය අපූරු වාක්කියේ අන්තිම වචන දෙකත් පැංචිගේ කටත් එක්කම කූරියා ගැහුවෙ හරිම අවාසනාවන්ත විදිහට.





 -The End-



ප.ලි : හුදී ජන හිත සුව තකා පැංචි එම සත් කාර්යට වහා යොමු වු වග මෙසේ දන්වා සිටින්නේ උතුරා යන සතුටකිනි.
Enhanced by Zemanta

17 comments:

  1. හැංචි පෑං... ඔය තියෙන්නේ එළකිරි වගේ හීනයක්.. අනේ ඔයා හීනෙන් හරි ජේකබ්ව දැක්ක නේ.. මට කොයින්දා ඒ වගේ වාසානාවක්. අපිට හීනෙන් පේන්නෙත් කොණ්ඩේ විලිස්ස ගත්ත බුවෙක්ව නොවැ..ෂික් උදේ නැඟිටින කේස් එක තමා මට මේ ලෝකෙ එපාම කරපු දේ.. අද සටහන නම් මල් 14යි ඈ...! පෂ්ට පතුරු!!

    ReplyDelete
  2. හකේ හකේ.... හක් හක්.... වරකෝ හෙට...

    ReplyDelete
  3. හප්පා ඇලිස් පරාදයි :D
    අන්තිම ටිකත් හීනෙම කොටසක් නේද? ඊට පස්සේ ඇහැරුණාම මොකද උනේ?

    ReplyDelete
  4. අම්මෝ, ඇති යන්තම් පැංචි ඇවිත්..
    නියමයි..!
    පැංචි පහුගිය ටිකේ නොහිටියේ මොකෝ කියලා මම ඒත් බැලුවා.

    ReplyDelete
  5. මේකේ තව කොටසක් තියෙනවද දන්නේ නැහැ නේ? අර කොම්පීතරේට අරක් ගත්තු මනුස්ස පරාණ දෙකෙන් එකෙක් ව මමත් අඳුණනවා..! අර සිය හාලියේ බාරිය නංවාගෙන රටපුරා කරක් ගහන් කුසාන් නැමති බදුලු පුත්තරයාව..!! :)))

    ReplyDelete
  6. මේවටද එතකොට "පැණි සිහින" කියන්නේ...

    අහ් ගොඩකාලේකින් නොවැ පැංචි අක්කා මේ පැත්තේ....

    ReplyDelete
  7. හීනෙ ඉවරයි.....
    කතාව නියමයි.....

    ReplyDelete
  8. වැඩේ කියන්නෙ පැංචිට හීනෙ සවිස්තරාත්මකව මතක තියෙන එක නෙ. මට නම් නැගිට්ටම මතක හීනයක් දැක්ක කියලා විතරයි.

    ReplyDelete
  9. උදේට තියෙන කලබලේ නම් කියල වැඩක් නෑ... විසේසයෙං 7.45 වෙනකල් නිදාගෙන නැගිට්ටම මාර සනීපයි. හොඳ වෙලාවට මගේ ලුමාලාව තියෙන නිසා විනාඩි 10න් ඔපීසියේ.

    ඔය ඤෑස් ගාන සීන් එක අපේ ගෙදරත් මේ දවස්වල හිටු කියලා. පොඩි එවුන්ම හතර දෙනෙක්. කළුවට කළුවෙ පේන්නෙත් නෑ. ඉතිං මේ දවස්වල ගේ ඇතුලෙ ඇවිදින්න වෙන්නෙ කකුල් අද්ද අද්ද.

    ReplyDelete
  10. අලියට පෑගිලා මොනවදත් ගියාද කියල අහන්වා වගේ අනේ අර පැන්චිට පෑගුනු ඤාව් පැටියාට හීරුනද දන්නේ නෑ . .. . පව් අනේ . . .

    මේ නඟේ ඔය එලාම් එක හැමදාම අම්මගේ කොට්ටේ යටින් හංගන්න . . එතකොට ඔයාට වෙලාවට ඇහැරෙයි .. හික්ස් . .

    අහ් අරූගේ කොන්ඩේට එදා මොකෑ වෙලා තියෙන්නේ . . . උදේම කරන්ට් එක වැදිලද අර හෝම් අලෝන් එකේ බුවාට වගේ . . .. හික් හික් හික්

    ReplyDelete
  11. @ෆා : තැන්කු මචෝ. බිය නොවන්න තව ටික දවසකින් ආය එම බුවාම තට්ට ස්වරූපෙන් පෙනෙයි. ;)

    @කුෂාන් ඇස්. වන්නිආරච්චි: හු හු අපි නම් ආවා ඔං බොලා නෑනේ :P

    @SACHIRA: අන්තිම ටිකනම් පියවි ලෝකෙදි සිද්ද වෙච්ච ඇබැද්දියක්. අවසානයේ සියල්ල සතුටින් කෙළවර විය...A Happy Ending <(:D

    @Ansh Lucky Sri Jay: පැංචිට මේ එලොවටත් නැති මෙලොවටත් නැති රාජ්‍ය තාන්ත්‍රික වැඩ නිසා හරියට පෝස්ට් එකක්වත් දාගන්න නෑ. වැඩ නැතුව සූටියත් දැන් සීතල හොරෙක් වෙලා.

    @LishWish: අන්න හරි හාලියේ බාරියත් එක්ක සවාරි යන කෙනා තමයි.

    @෴ හසියා ෴: අනේ මලේ එකී නොකී මෙකී වැඩ රාජකාරි එහෙමටයි කියලා. (ඇත්තෙත් නෑ)

    @priyantha.ඒබී: අනේ අප්‍රමාණ සතුටුයි පැංචිට :)

    @änthräX: වැඩේ කියන්නේ එකම හීනේ දැකලා දැකලා සමහර වෙලාවට කටපාඩම් වෙන එකනේ :D

    @h: ප්‍රමාද වෙනවා කියලා දැන දැනත් නින්දෙ යන එක තමයි ජොලි. වෙලාවකට හීනෙන්ම ඔෆිස් එකටත් යනවා. ඔය ලුමාලාවෙ පියාඹන එකනම් කල්පනාවෙන්.

    @දුකා : ඤාව් පැටියට මොනා හරි වුණා නම් බලන්න තිබ්බ සලුපාලියක් වගේ දෙයක්. අම්මප ‍එලාම් එක සියපාරක් වැදුනත් ඇහැරෙන්න නැති පැංචිට මවු එක පාරයි ආදරෙන් අමතන්නෙ. ඉද්ද ගැහුව වගේ ඇදේ ඉඳගන්නේ.
    කුෂාන් තුමාගේ කොන්ඩේ එදා කියලා විසේසයක් නෑ අයියා. අම්මෝ ඕං පැංචි මොකුත් කිව්වෙ නෑ.

    ReplyDelete
  12. පවු වැඩේ පූසා,උදේට යුද්ද කීයක් නම් ගෙදරක වෙනවද?

    ReplyDelete
  13. හෆ්‍ෆා ද බොල මේ පැංචිව බෙරගන්න ඡේකොබ් ආවා කියන්නේ ෂුවර් එකට ‍ඡේකොබ් බෙලා ගෙන් කානේ පාරකුත් කන්න ඇති.):-හි...හි..

    ReplyDelete
  14. නියම හීනයක් !

    ඇත්තමයි මටත් උදේට නැගිට්ටහම මතක තියෙන්නේ හීනයක් දැක්කා කියල විතරයි...

    ReplyDelete
  15. පැංචි ලියන විදියනම් හරිම ෂෝයි ඈ.... තව පොඩ්ඩෙන් හිනාව ඉස්පොල්ලෙත් යනවා...

    ReplyDelete
  16. @පුබුදුවා: ඒකනේ...සද්ද බද්ද කෝටියයි. තව වෙලා ගියාම බලන්න ඕනි ර‍ඟේ.

    @තක්ෂිල: හහ් හහ් ඔව් ට්විලයිට් එකේ 4 වැනි කොටස එහෙමලු. පැංචි බෙලත් එක්ක කෙස්වලු පටලවගන්න දර්ෂණයක් සහිතයි.

    @sansarasidu: පැංචිට නම් සමහර හීන දවල් වෙලා හරි මතක් වෙනවා. හිනාත් යනවා තනියම වෙලාවකට නොහිතන වෙලාවල්වල මතක් වුණාම

    @පුතා: ස්තුතියි බොහොම. පැංචිට බලවත් සතුටුයි පුතාට හිනා ඉස්පොල්ලෙ ගිය එකට.නෑ ඉතින් සතුටුයි කිව්වට දුකයි අපහසුවක් එහෙම ඇති වුණානම්.

    ReplyDelete
  17. අද තමයි ඉස්සෙල්ලම ගොඩවුනේ. ලියලා තියෙන හැටි දැක්කම ප්‍රතිචාරයක් නොදා යන්න හිතදෙන්නෑ..:p නියමෙට ලියල තියෙනවා.

    මට නම් මතක හිටින්නෙ බස් වලදි දකින හීන විතරයි. ඒවත් හරියට බලන්න දෙන් නෑ, වටේ අය අකුල් හෙලනවනෙ :P

    ReplyDelete